ඔහේලට කියන්න මේ කොලකැද හැදුවේ අද නොවේය.මේක හදලා ටික දවසක් වෙනවාය.එදා මේ පොටෝ එක ඇල්ලුවේ මෙහෙම හාංකවිස්සක්වත් ලියන්නට හිතේ තියාගෙන නොවේය.පවුලේ පිස්සෝ විතරක් ඉන්න ගෲපයක එබීම සඳහාය.අදත් තියෙන්නෙ ඊයේ පාටටම හදපු කුරක්කන් කැද නිසා ඒකේ පොටෝවක් අල්ලන්නට කම්මැලිය.
මගේ නැන්දම්මා කොලපාට කොල කැද හදල තියෙන දවසට එයැයිගෙ පුතා කැද කෝප්පේ අතට ගන්නේ අද තියෙන්නේ මොන කොලද අසාය.එයැයිගෙ අම්මා ඒ විට විවිධාකරයේ නම් පවසනවාය.මං ඒ සමහර නම් ලොවෙත් අසා නැත.මට තියෙන එකම පස්නය ඔය කියනා ගස් වැල් වර්ග අපේ වත්තේ තියෙනවාද කියාය.🙃 එහෙමෙයි කියල ඔව්වා නැන්දම්මාගෙන් අසා නිකං ලැබෙන කැද කෝප්පයට සොරි කරගන්නට බැරිය.🤭
අද තමාය හොදම හරිය.අද මා කැද හැලිය දෙස බලා දැන් කොල කැද නැත්තේ මොකද ඇසුවාය.ඇය විසින් පවසා සිටියේ දැන් වත්තේ කොල ඉවර බවත් ආයේ හැදෙනකං සිටිය යුතු බවත් ය.මම හිමිහිට කුස්සි දොරෙන් පල්ලම් බැස ගේ වටේ රවුමක් ගියාය.හැබෑය,හැබෑය මල්බෙරි ගසේ පදාසෙක කොල නැත.බත් ඔතන්නටම කියා වැවූ කෙහෙල් පදුරේ සුට්ටන් ගස්වල කොලද අඩුය.ඔහේලාට කිව්වට විස්වාස නැතුවාට මට කොරන්නට දෙයක් නැත ජම්බු ගහේ එකම කොලයක්වත් නැත.කොටින්ම වත්තේ තණකොලත් නැති තරම් ය...🙃
ඒ අව්වස්සේ අල්ලපු වැට මායිමේ සරුවට හැදෙන නියගලා පදුරකි.ලස්සන ලස්සන මල් ද පිපී වැනේ.අද මේ සීතල උදෑසන මට හීන්දාඩිය දමන්නටද පටන් ගත්තාය.නැන්දම්මා දැන් ඉන්නෙ කොල නැති සෝකෙනි. කොල හොය හොය මේ ප්රදේසයේද හක්මන් කලොත් මේ නියගලාවියන් දකිනවා සිකුරුය.මේ මල් මා එක්ක මෙන්ම ඇය එක්කද කොකම් පාන්න ගියොත් ඇයට ආදරේ හිතෙනවා සුවර්මය.එහෙම උනොත් වෙන්නේ මහ විනාසයකි.මා හිමිහිට ගෙට ඇවිත් මිනිසාට පැවසුවේ කෝකටත් ඒ පැත්ත සුද්ද කර දමනා ලෙසය.😋
පසුව ලියමි :
ඔහේලාට මාව විස්වාසෙට ගන්න ඕනෙම නිසා නියගලා පදුරේ පොටෝවක්ද අමුණමි.
ඊටත් පස්සෙ ලියමි :
මීටපසු කොල කැද හදන්නට කොල ජාති මාර්කට්ටුවෙන් ගෙනත් දෙන බව පුතා විසින් අම්මාට පවසා සිටියාය.



නියඟලා කැඳ හදනවනං මතක ඇතුව ඒකට නියඟලා අල දාන්න. එතකොට තමයි ඒකෙ නියම රසය එන්නෙ.
ReplyDelete-ජයරත්න මල් පණිවිඩයකි-
තව කනේරු ඇට පොඩ්ඩක් තලලා දාන්නත් අමතක කරන්න එපා
Deleteඔව් ඔව් අලේ ගැන දන්න නිසා තමා සත්තලන්ට කිව්වෙ ඒ පැත්ත සුද්ද කරන්න කියල 🤭
Deleteහොදවෙලාවට කනේරු නෑ .ඒ මලත් හරිම ලස්සනයිනෙ
Deleteඑක පිට කැඳ පෝස්ට් දෙකක් වුනත්, මේ පෝස්ට් එක ලියල තියෙන විදිහ නියමයි.🤣
ReplyDeleteකැඳ නැන්දම්මාට ජයවේවා!
ඔව් මට පේන්නෙ නැන්දම්මාගේ පිහිටෙන් මගේ මගේ ලියවිල්ලත් ගොඩ යයි වගේ.මාර කම්මැලි කමෙන් හිටියේ ලියන්න
Deleteෂා.. නියම කොලකැදේ පාට... රත් කරලා වැඩි හින්දා වෙන්නැති කඩේ ගන්න තියෙන ඒවායේ තියෙන්නේ ගොම කොල පාට . ඒවා වල ගුණයක් නැතිව ඇති..
ReplyDeleteඔව් නේද අපිත් ඔය යනඑන අතරමග තැන් වල කැද බොනවා හිටපු ගමන් මෙහෙම ලස්සන පාට එව්ව දැකල තියෙනවා අඩුයි.මොනවා උනත් නැන්දම්මා පේ වෙලා කැද හදන වැඩේ කරනව.
Deleteමම ලංකාවට ගිය හැම වෙලේම කැඳ විකුණන් කාන්තාවකගෙන් කැඳ අරන් බොනවා . පස්සේ අපේ නෑනන්ඩි ඒක දැකල කැඳ හදල දෙන්න ගත්ත . හැබැයි මේ පැකට කරලා විකුණන් ඒවා හරි නැහැ . හාතාවාරිය කන්ද , කරවිල කැඳ , ගොටු කොළ කැඳ , සව කැඳ - නියමයි
ReplyDeleteකරවිල කැඳ ?? වසලා හමාරයි මයේ නැන්දම්ම තාම දන්නෙ නැද්ද මන්දා🙃🙃
Deleteඊලඟ කැඳ පෝස්ට් එක ලියන හැටි නැන්දම්මට පවරලා ඉන්න. නැත්නම් අපටයි පාඩු!
ReplyDelete😜😜 නියඟලා වැල ගලවන්න ඕනෑ
Deleteඳ ටයිපන්න දන්නේ නැතිද?
ReplyDeleteදන්නවා දන්නවා ඳ විතරක් යැ මේ ලියමනේ ව්‍යාකරණ සේරම වැරදි නොවැ.එව්වා නොහිතා ලියන ලියමන් මේ 🙃
Delete