සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jan 29, 2012

ලේන් හුරතල්.......




ඔන්න අද මං කියන්න යන්නෙ අපේ පුංචි හුරතලා ගැන.දැන් ඉතින් කට්ටිය හිතයි මෙයාගෙ හුරතලාගෙ කතා අපිට මොකටද කියලා.ඒත් මම කියනවට කියවලා බලන්නකො මෙයාගෙ වැඩ.

මේ පුංචි ලේන් පැටියව අපිට හම්බුනේ ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 28 වෙනිදා.ඒ වෙනකොට මෙයා ඉපදිලා දවස් 3 , 4 වෙන්න ඇති. ඒත් අපි මෙයාගෙ උපන්දිනේ හැටියට ගන්නෙ අපිට හම්බුන දවස තමා.ඒ දවස්වල අපි ගජරාමෙට වැඩ...ආ......... අමතක උනානේ..... අපි කිව්වේ මමයි මගේ හබියයි හොදේ..... (හැබැයි ඒ වෙද්දි හබියා නෙවේ වෙන්ට හබියා හොදේ ) වැඩ කිව්වෙ ඊළඟ මාසෙ ඒ කියන්නෙ මැයි මාසෙ අපේ මංගල්ලෙ වැඩ තමා අපිට යෙදිලා තිබුනෙ. එහෙම වැඩකට ගිහිල්ල ඉන්න වෙලාවක පාරෙ වැටිලා ඉදලා තමා අපිට මෙයාව හම්බුනේ.ලේන් පැටියෙක් කියලා කිව්වට මමනම් හිතුවෙම මී පැටියෙක් කියලා ඒ තරමට පුංචි.අදුරගන්නම බෑ අනේ ඉතින් අපි වටපිට සොදිසි කරලා බැලුවා එයාට ගෙදරක් තියෙනවද , අම්මා තත්තා පේන්න ඉන්නවද එහෙම කියල.ම්හ්.. එහෙම සළකුණක්වත් නෑ... අන්තිමට එයාව අපි බාර අරන් අපේ ගෙදර ගෙනාවා.
(මේ එයා සුට්ටක් ලොකු වෙලා පීරිසියෙන් කිරි බොනවා)



දැන් ලොකුම ප්‍රශ්නෙ එයාට කිරි පොවන එක. පාන්තිරෙන් බොහොම අමාරුවෙන් බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක් මුලින් මුලින් පොවා ගන්න හරිම අමාරු උනා. යන්තන් ටිකක් පොවලා හිමින්හිමින්හුරුකරගත්තා.ඔහොම ටික දවසක් යදි එයා ටිකක් ලොකු වෙලා ලස්සන වෙලා අවා. එතකොටනම් හරිම ආසයි මට. චූටි කාඩ්බෝඩ් පෙට්ටියක දාලා එයාව මගේ කමරේ මගේ ළගින්ම තියාගත්තා.දැන් එයා හරිම දඟයා හැබැයි වැඩේ කියන්නෙ මගෙයි හබියගෙයි අතට ඇරෙන්න එයා වෙන කිසිම කෙනෙකුගේ අතට යන්නෙ නෑ.කෑම කන්නෙ කිරි බොන්නෙත් අපි දෙන්නගෙ අතින් දුන්නොත් විතරයි.මගේ කාමරෙන් පිටට යන්නෙත් නෑ කවුරු හරි කාමරේට ආවොත් දඩි බිඩි ගාලා උඩකට නැගගෙන බෙරිහන් දෙනවා මහා හයියෙන්.එයා ඉන්න බව ඉව වැටිලදෝ කොහෙද තඩි පූසෝ දෙන්නෙකුත් ගේ වටේ කැරකෙන්න ගත්තා.ඔන්න ඉතින් වැඩි ආරක්ෂාවට අපි මෙයාට ලස්සන කූඩුවකුත් ගෙනත් දුන්නා. මම ගෙදර ඉන්න වෙලාවට එයා නිදහසේ කාමරේ පුරා ඇවිදලා මම ගෙදර නැති වෙලාවට එයාගෙ කූඩුවට ගිහින් ඉන්න පුරුදු උනා.


( මේ එයා ගේ කූඩුව )

හොම ගිහින් දැන් අපේ වෙඩිමත් කට මුලටම ඇවිල්ලා. ඊලගට ආපු ලොකුම ප්‍රශ්නේ තමා අපි නැති දවස් ටිකට කව්ද ලේනව බලාගන්නෙ කියන එක.ඒ වෙනකොට එයාට මමත් මට එයාත් නැතුව බැරි තරමට අපි සමීප වෙලා.හරියට නිකන් දරුවෙක් වගේ.කොහේ ගියත් මගේ කල්පනාව ලේනා ගැන. ඒදවස්වල පොඩි පොඩි නෝක්කාඩුත් අහන්න උනා නිසි බලධාරියාගෙන්

" මේකිට මටත් වැඩිය ලේනා ලොකු වෙලානෙ " කියල. එයා එහෙම කිව්වට එයත් ඉතින් ඌට හරිම ආදරෙයි.අපිට ඇරෙන්න එයාව කාටවත් කොන්ට්‍රෝල් කරන්න බැරි නිසා දාල යන්නත් හිත දෙන්නෙ නෑ. සාකච්ජා වට තුන හතරක්ම තියලා අන්තිමට අපි තීරනේ කලා ලේනවත් අරගෙනම යන හනිමූන් එකක යන්න.දැන් අපි අපේ තීරනේ කට්ටියට කිව්වා.මෙන්න කට්ටිය උඩ පැන පැන හිනා වෙනවා.

" පිස්සුද නුවර එළියේ සීතළට මේකා මැරෙයි..."

" ඇයි එහෙ ගිහිල්ලා දෙන්නට වෙන වැඩ නැතුවද ලේන් හුරතල් කරන්න හදන්නෙ..."

" කවුරුහරි දැක්කොත් අටපට්ටමෙත් දාවි ලේනෙක් සමග මධුසමයට ආ යුවලක් කියලා..."

අනේ අපොයි ඔය වගේ මලවිකාර ගොඩාක් කියලා කට්ටිය අපි දෙන්නව බයිට් කල.කවුරුත් ඒ වැඩේට අනුමැතිය දුන්නෙ නෑ.අන්තිමට මගේ නෑනා පොඩ්ඩ ඔන්න වගකීම බාර ගත්තා අපි එනකන් එයාව හොදට බලා ගන්නවා කියලා.උපදෙස් මාලාවක් එයාට පිලිපදින්න කියලා දීලා ඔන්න අපි ඉතින් එයාව දාලා ගියා.බුදු අම්මේ....එහාට ගියාට පස්සෙයි රඟේ තෙරුණේ.... සීතළ....... එහෙ ගිහිල්ලත් ඉතින් අපේ වැඩේ ඉඩක් ලැබෙන හැම වෙලේම කෝල් කර කර එයාගෙ සැප දුක් අහපු එක තමා.අපි නැතුව එයා දවසක්ම කෑම වර්ජනය කරලා තිබුනා.නෑනා පොඩ්ඩගේ අත හිල් වෙන්න හතර පොලක් කාලා ....

දැන් ඉතින් කොහොමෙන් කොහොම හරි එයා අපි ළඟට ඇවිල්ලා මාස 9ක් වෙනවා.දැන් හරිම චන්ඩි... ආ ලේනා කිව්වට එයා ලේනියෙක් හොදේ...අපිත් පස්සෙ තමා දැනගත්තෙ.දැන් හොද හුරුබුහුටි කෙළි පැටික්ක.කොල්ලොම හතර දෙනෙක් එයා පස්සෙ කැරකෙනවා...හැබයි මෙයා හරි ගනන් එයාලව සතේකට ගනන් ගන්නෙ නෑ...අපේ ගෙදර අපි දෙන්නයි එයයි විතරයි.මුළු ගෙදරම එයා නිදහසේ ඇවිදිනවා...රෑට කූඩුවට ගිහින් නිදා ගන්නවා.කොච්චර ඇරලා හිටියත් කවදාවත් මේ වෙනකන් එයා ගෙයින් පිටට ගිහින් නෑ. අපි බලෙන් ගෙනිහින් ගහක් උඩ තිබ්බත් පණ කඩාගෙන ගෙට දුවලා එනවා.

කියන්න අමතක උනානේ එයගේ නම " ටුන්කි " හොදේ. ඒ උනාට එයාට මමනම් ආදරේට නම් සීයක් විතර කියනවා.අපිට ඉතින් එයා දැන් දරුවෙක් වගේම තමා.එයත් අපිට පුදුම විදියට ආදරෙයි.ටුන්කි ආසම අබරැල්ලා කන්න... චොකලට් අයිස් ක්‍රීම් වලටත් මං වගේම හරිම රුසියා. එයා අපි එක්ක රට වටේම මේ වෙනකොට ගිහින් තියෙනවා.අපි යන හැම තැනකම එයාවත් අරන් තමා යන්නේ.හැබැයි වැඩේ කියන්නෙ අපේ මේ ලේන් හුරතලේ අපේ පවුල් දෙකේ වැඩිහිටියන්ටනම් දැන් එපාම වෙලා.එයාල දැන් කියන්නෙ ලේන් හුරතල් අත ඇරලා දරු සුරතල් බලන්න කාලෙ හොදා කියලා. ඇයි වදේ අපිට නැති උවමනාවකුයි හදිස්සියකුයි තමා එයාලට තියෙන්නෙ.අනේ අනිච්චං........


( දැන් නම් චන්ඩියා )

4 comments:

  1. අපේ ගෙදරත් එක්කෙන් හිටියා සෑහෙන කාලයක්.. පොඩි කාලෙ විතරයි කූඩුවේ හිටියේ.. පස්සේ නිදහසේ යන්න ඇරියා.. කන්න ඕන උනාම ගෙදර එනවා..

    ReplyDelete
    Replies
    1. අපිත් හිතුවේ එයා ලොකු උනාම කූඩුවේ ඉන්න එකක් නෑ කියලා එයා හැම තැනම රවුම් ගහනව හැබැයි ගේ ඇතුලේ විතරයි.එලියට යන්න හරි බයයි අපි අරන් ගියත් පැනලා ගෙට එනවා

      Delete
  2. අයියො ලේනාට ගිය කලක්.. කවියො මමනම් කියන්නේ ඔය ලේනාව කුඩු කරලා තියන්න කියලා. වැරදිලා හරි වෙන එකෙක්ගේ අතට ගියොත් එහෙම.. මට හිතා ගන්නත් බැ අප්පා...

    මගේ ලේනානම් දැන් මටත් අයිති නැති සින් එකක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. සත්තු කූඩු කරලා තියන එක පව්නෙ පූවො හැබැයි අපේ එකානම් කැමැත්තෙන් කූඩුවේ ඉන්නෙ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.