
මේ නිසඳැස මගේ අතින් ලියවුනේ දිනෙශ් මල්ලිගේ වර්ණ බ්ලොග් එකේ
" මලක් වුනේ ඇයි නුඹ " කියන කතාව කියවලා ඒකට දාන පිළිතුරක් හැටියට.දිනේශ් මල්ලිගේ කතාව වගේම මගේ නිසඳැසත් මගේ හිත සසළ කරපු නිසා ඒ කවිය මේකෙත් සටහන් කරන්න හිතුවා.
ලිහා සළුපිලි නෙක දනන් ළඟ
නුරා පෑවට නෙත් කොනින්
ඇනී විස තුඩු ඹමර දෙතොලින්
ලේ ගලන්නෙ හදවතින්
ළැම ම පමනක් දකින වුන් නෑ
හොයන්නේ ළය රැදි සුසුම්
උන්ව සැනසුව පසුව පමනයි
නිවෙන්නේ බඩ ගින්දරින්
රැයේ තුරුළුව උන්ගෙ කාරිය
කරන් පිට වෙන බොහෝ වුන්
උදේ එළි වුණ වෙලේ ඉදගෙන
තබයි අපටම දෙස් දෙවොල්
එදා නෙළුමකි මමත් ගොහොරින්
උඩට ආ මඩ නොගෑවුණූ
සුවඳ දෙන්නත් පෙරාතුව උන්
තලා පාගා පොඩි කෙරූ
අදයි මෙහාට ආවෙ..ඒ කවි පෙළ දැකලා..හරිම ලස්සනයි!! ඇත්තටම හිතට දැනෙනවා..
ReplyDeleteබොහොම ස්තූති මේ පැත්තට ආවට...
Deleteකවි සිතිවිල්ල ලස්සනට ලියලා තියෙනවා අක්කී.. :)
ReplyDeleteබොහොම ස්තූති
Deleteඹමන මතින් උදම්වී
ReplyDeleteඒ මේ අත වැනෙන
ඹමරුන්ට මැදි උන
රෝස මලකි නුඹ ලස්සන..
අක්කා මගේ බ්ලොග් එකේ දාපු ලස්සන කමෙන්ට් එකට ස්තූතියි කියලා විතරක් යන එක හොද නෑනේ.. ඉතින් අක්කගේ ලස්සන කවියට මමත් පිළිතුරක් ලිවුවා..
මේ සිතුවිල්ල මගේ හිතට ආවෙ ඔයාට පිං සිද්ධ වෙන්නෙ නෙ මලයෝ ඒ නිසා ඔයාටත් ස්තූති
Deleteකියන්න වචන නැහැ ... ඇත්තටම මගේ හිතත් සසල උනා
ReplyDeleteස්තූති මේ පැත්තට ආවට සහෝදරී
Deleteලස්සනම ලස්සනට පද ගලපලා තියනවා අක්කි..ඔයාගෙන් දැකපු ලස්සනම කවියක්..
ReplyDeleteස්තූති මල්ලි
Deleteලස්සනම ලස්සන පද පෙලක් කවී..
ReplyDeleteඔයා ලස්සනටම ලියලා
ස්තූති නිශී
Deletegodak lassana pada tikak kawiyo...
ReplyDeletehithata danenna liyala thiyanawa