සඳට බැළුම් හෙලූ අය

Feb 10, 2012

මලකි මා කඩුපුල්...........


මේ නිසඳැස මගේ අතින් ලියවුනේ දිනෙශ් මල්ලිගේ වර්ණ බ්ලොග් එකේ
" මලක් වුනේ ඇයි නුඹ " කියන කතාව කියවලා ඒකට දාන පිළිතුරක් හැටියට.දිනේශ් මල්ලිගේ කතාව වගේම මගේ නිසඳැසත් මගේ හිත සසළ කරපු නිසා ඒ කවිය මේකෙත් සටහන් කරන්න හිතුවා.


ලිහා සළුපිලි නෙක දනන් ළඟ
නුරා පෑවට නෙත් කොනින්
ඇනී විස තුඩු ඹමර දෙතොලින්
ලේ ගලන්නෙ හදවතින්

ළැම ම පමනක් දකින වුන් නෑ
හොයන්නේ ළය රැදි සුසුම්
උන්ව සැනසුව පසුව පමනයි
නිවෙන්නේ බඩ ගින්දරින්

රැයේ තුරුළුව උන්ගෙ කාරිය
කරන් පිට වෙන බොහෝ වුන්
උදේ එළි වුණ වෙලේ ඉදගෙන
තබයි අපටම දෙස් දෙවොල්

එදා නෙළුමකි මමත් ගොහොරින්
උඩට ආ මඩ නොගෑවුණූ
සුවඳ දෙන්නත් පෙරාතුව උන්
තලා පාගා පොඩි කෙරූ


13 comments:

  1. අදයි මෙහාට ආවෙ..ඒ කවි පෙළ දැකලා..හරිම ලස්සනයි!! ඇත්තටම හිතට දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මේ පැත්තට ආවට...

      Delete
  2. කවි සිතිවිල්ල ලස්සනට ලියලා තියෙනවා අක්කී.. :)

    ReplyDelete
  3. ඹමන මතින් උදම්වී
    ඒ මේ අත වැනෙන
    ඹමරුන්ට මැදි උන
    රෝස මලකි නුඹ ලස්සන..

    අක්කා මගේ බ්ලොග් එකේ දාපු ලස්සන කමෙන්ට් එකට ස්තූතියි කියලා විතරක් යන එක හොද නෑනේ.. ඉතින් අක්කගේ ලස්සන කවියට මමත් පිළිතුරක් ලිවුවා..

    ReplyDelete
    Replies
    1. මේ සිතුවිල්ල මගේ හිතට ආවෙ ඔයාට පිං සිද්ධ වෙන්නෙ නෙ මලයෝ ඒ නිසා ඔයාටත් ස්තූති

      Delete
  4. කියන්න වචන නැහැ ... ඇත්තටම මගේ හිතත් සසල උනා

    ReplyDelete
    Replies
    1. ස්තූති මේ පැත්තට ආවට සහෝදරී

      Delete
  5. ලස්සනම ලස්සනට පද ගලපලා තියනවා අක්කි..ඔයාගෙන් දැකපු ලස්සනම කවියක්..

    ReplyDelete
  6. ලස්සනම ලස්සන පද පෙලක් කවී..
    ඔයා ලස්සනටම ලියලා

    ReplyDelete
  7. godak lassana pada tikak kawiyo...
    hithata danenna liyala thiyanawa

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...