සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 27, 2012

මගේ කුළුඳුල් කෝච්චි ගමන.......



ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනකොට උරහිස ගාවින් රිදෙනවා.ඊයේ පෙරෙදා දවසක වින්ටජිනෝ ටිකකුත් අතුල්ල ගත්ත.ඒත් තාමත් හරියටම හරි ගියේ නෑ.

අපේ පරම්පරාවේ අය කියන විදියට මං අත දරුවා කාලේ ඉදන්ම බස් ගමනා ගමනය ඇලජික් කෙනෙක්.ඒ හේතුව නිසාම පොඩි කාලේ කවුරුවත් මාව කොහේවත් අරන් යන්න කැමති නෑ.ඒ මොකද කියනවානම් බස් එකට නැගලා විනාඩි දහයක් යනකොටම මම හෝටල් අරින්න පටන් ගන්නවාලු.මට අවුරුදු දහයෙදී විතර මට මතකයි ඉන්ටර්සිටි බස් එකක ගාල්ලේ යන්න ගිහින් සීට් එකෙන් නැගිටලා බහින්න ඉස්සරහට එන විනාඩියෙත් බස් එක පුරාම වමනේ කලා.අන්තිමට තාත්තාට බස් එක හෝදන්න පවා සිද්ධ වුණා.ඉස්සර බස් එකක දුර ගමන , ට්‍රිප් එකක් එහෙම මාව එක්කන් යනවා කියන්නේ ගෙදර අයට යුද්දෙකට යනවා වගේ වැඩක් තමා. ෂොපින් බෑග් , දෙහි ගෙඩි , නාරං , නා නා ප්‍රකාර ටොෆී ජාති පුරවපු මල්ලක් මාත් එක්කම රෙඩි පිට උස්සන් යන්න ඕනෙ. දැන් කියලත් ඒකේ ලොකු වෙනසක් වෙලා නෑ. දැන්නම් කොහේ හරි යනවනම් පැය බාගෙකට විතර කලින් පෙත්තක් බීලා සූදානම් සරීරෙන් තමා යන්නේ.

අද ඉතින් මං මේ කියන්න ලෑස්ති වුණේ ඕවා නෙවෙයි.මම තනියම හා හා පුරා කියලා ගිය කෝච්චි අත්දැකීම ගැන ලියන්න.ඒකනම් මට කියන්නත් විලි ලැජ්ජයි වගේ. ඒත් ඔන්න ඔහෙ කියලා දාන්නම්කෝ.

පුංචිම පුංචි කාලේ අපේ ආච්චිලාගේ ගෙදර ( වේයන්ගොඩ ) දෙතුන් පාරක් කෝච්චියේ ගිහින් තියෙනවා ඇරෙන්න ඊට පස්සෙනම් මට කෝච්චියේ යන්න අවස්ථාවක් උදා වෙලාම නෑ. හැබැයි කෝච්චියක් දකින දකින වාරයක් පාසා අනේ මේකෙ යන්න තියෙනවානම් කියලා හිතනවා. කොහොමත් බස් එකට වඩානම් මම කෝච්චි ගමනට ආසයි.කෝච්චියේ යන්න වාසනාව නොතිබුනාට හූ කියාගෙන පීළි දිගේ ඇදෙන යකඩ යකාගේ දසුනනම් මට නුහුරු වුණේ නෑ. ඉස්කෝලෙ කොයි ගොඩනැගිල්ලේ දෙවෙනි තුන්වෙනි තට්ටුවට නැග්ගත් නිල්ම නිල් පාට මහ මුහුදත් , ගල්කිස්ස මහ හෝටලයත් ඊට මෙහාහින් දිවෙන රේල් පාරත් හරි අපූරුවට පේනවා.

ඉස්කෝලෙට වෙලා කෝච්චි දිහා බල බල හිටපු මට ඉස්කෝලෙන් අවුට් වෙලත් වසර ගානක් ගිහිල්ලා ඔන්න දවසක් උදාවුණා කෝච්චියක යන්න. ඒ මගෙ එකම මල්ලීට පිං සිද්ධ වෙන්න. ඒ කොහොමද කියනවනම් එයා කුළුඳුලේම හොයා ගත්ත ගෑණු ළමයා අම්මාගේ බඩේ ඉදන්ම කෝච්චියේ කරක් ගහපු කෙනෙක්.එයාට නිකන් කෝච්චියත් ගෙදර වගේ හුරු පුරුදු තැනක්.ගම ගනේමුල්ල ස්ටේශන් එක කිට්ටුවම.ඉස්කෝලෙ කොල්ලුපිටියේ St Methodist Collage එක. මේ දෙන්නගේ ප්‍රේමයට සපෝටර් වුණේ මල්ලිගේ පොඩි අක්කා වෙච්ච මේ මම. මල්ලීත් මාත් අතර මහා ලොකු වයස් පරතරයක් නැති නිසාමද මංද අපි හිටියේ හොද යාළුවෝ වගේ. අපි අතර රහස් තිබුණේ නෑ මොනවා කලත් මට ඇවිත් කියන සිරිතක් මල්ලිට තිබුණා. මෙයා ඔය එයා වෙනුවෙන්ම ගත්තා කියලා එයාට ගිහින් දුන්න තෑගි කන්දරාවෙන් බාගයකම හැබෑ උරුමක්කාරී මම කියලවත් , ඒ ගත්ත තරමක් තෑගි ගත්තේ මගේ වියදමින් කියලත් මම තාම කාටවත්ම කියලා නෑ. ඒකත් මම මතක ඇතුවම කියන්න ඕනෙ.

ඉතිං මේ ගෑණු ළමයව මට පෙන්නන්න මල්ලිට ලොකු උවමනාවක් තිබුණ. එයා කොහොම හරි ඒකට ඉඩ ප්‍රස්ථාවකුත් හදා ගත්ත මාවත් කැන්ද ගෙන මනමාළි බලන්න යන්න. පොඩි පහේ දුරකටත් නෙවේ ගනේමුල්ලටම.පිටකොටුවට බස් එකෙ ගිහින් එතන ඉදන් කෝච්චියේ ගනේමුල්ලට යමු කියලා මල්ලි කිව්ව. ඒකනම් මට මාර හැපී කතාවක් වුණා. ඒ දවස්වල මේ හුට පට දන්නේ නැති නිසා ගජබින්න ගොඩාක් ගෙදරට අත ඇරලා තමා මල්ලි මාව ගෙදරින් එලියට ගත්තෙ.

ඔන්න දැන් අපි කොටුවට ඇවිල්ලා ස්ටේශන් එක පැත්තට ආවා. මල්ලි ගිහින් ටිකට් එහෙමත් අරන් ආවා.අපි ඇතුලටත් ගියා.අපි ඇතුල් වෙනකොටම පෙරවරු කීයටද මංද ( වෙලාව මතක නෑ ) රඹුක්කන බලා පිටත් වේන දුම් රිය විනාඩි විස්සක් ප්‍රමාදයි කියල යකඩ කටින් මහා සද්දෙට කිව්ව.

" නොදේමකිං " කියල මල්ලි කිව්වම තමා මම දන්නෙ ඒ අපි යන්න ඉන්න කෝච්චිය කියල.විස්සයි කිව්වට මොකද විනඩි හතලිහක්ම අරගෙන කෝච්චිය තුන් වෙනි වේදිකාවට ආව. වේදිකාවේ නගින්න බලාගෙන සෑහෙන සෙනගකුත් හිටිය. " සම හරක් " කෝච්චිය නවත්තන්නත් කලින් සීට් එකක් ලබාගන්න තියෙන ආසාවට ජීවිතේ පවා පරදුවට තියලා කරන සෙල්ලම මම කට ඇරගෙන බලන් හිටිය.කෝච්චිය නැවැත්තුවාට පස්සෙ මල්ලී මාවත් ඇදගෙන ගිහින් පෙට්ටියකට ගොඩ කලා. යාන්තං ඉඩ තියෙන තැනක් බලලා මල්ලි මාව වාඩි කලා. එයා දොර ගාව කුලුණකට හේත්තු වුණා. උන්දැටනම් කෝච්චි ගමන හොදට පුරුදු පාටයි.අවුරුදු වලින්ම ගත්තොත් හරියටම අවුරුදු 15 කට නැත්තම් 16 කට විතර පස්සෙ කෝච්චියකට ගොඩ වැදුණ මමනම් ඹමරෙ වගේ කැරකි කැරකි සිරි නැරඹුවා.ඔහොම ගිහින් ගමනාන්තය වෙච්ච ගනේමුල්ලෙන් අපි බැහැගත්ත. අර ගෑණු දැරිවි ( දැන් මගේ ආදරණීය නෑනන්ඩි ) අපිව පිලිගන්න ස්ටේශමට ඇවිල්ල හිටිය. අපි දැන අදුන ගෙන ආගිය කතා කතා කරලා පැය දෙක තුනක් ගත කරලා ආපහු කොටුවට කෝච්චියෙන් එන්න පිටත් වුණා.මේ එන ගමනෙදී මල්ලි වෙනත් වැඩකට යාමට මරදානෙන් බහින බවත් එතැන් සිට මා තනිවම ආ යුතු බවත් මම කලින්ම දැනගෙන හිටිය. ඒ කාලෙ මෙහෙම චාන්ස් මට වැදෙන්නෙ බොහොම කලාතුරකින් නිසා මම හිටියේ සන්තෝසේ බැරුව.ඒ වෙද්දි මටත් ඔය කොලු පැටියෙක් එහෙම හිටියනම් සන්තෝසේ තව ඩබල් වෙනවා.මම ඉතින් පෙම්වතියෙක් වුණේ අපේ මල්ලිගෙ ආදර කතාවට සෑහෙන්න උදව් කරලා එහෙම පරිනත වුනාට පස්සෙ.

ඔන්න මරදානෙදී මගේ අතට ටිකට් එකත් දීලා මල්ලි කෝච්චියෙන් බැස්සා.

" ස්ටෙශන් එකෙන් එලියට ගිය ගමන් 100 බස් පෝලිමට තියෙනවා.... නැලවි නැලවි ඉන්නේ නැතුව තියෙන බස් එකක නැගල ඉක්මනට ගෙදර යනව හොදේ...... "

ඔන්න පේනවද දැන් මෙයාගෙ කතාව නිකන් හරියට මං මුගේ ඇගේ බලෙන් එල්ලිලා ආවා වගේ.

" හරී හරී මම දන්නවා ගානට යන්න.... "

මමත් එහෙම කියලා චන්ඩියා වගේ කොටුවට ආව. අපොයි කෝච්චිය පැද්දි පැද්දි ඇවිත් නැවැත්තුවේ 8 නැත්තන් 9 වේදිකාවේ. එතන ඉදලත් පිටවීමේ දොරටුවකට තව කෝච්චියක එන්න ඕනෙ. විනාඩි 10 ක් විතර අරන් මම ඒ මග නැළවි නැළවි ලැසි ගමනින් ආව. ඇවිත් පිටවෙන දොරටුවක පෝළිමකට කිට්ටු වුණා.මට ඉස්සරහින් යන හැමෝම එතන ඉන්න කෙනෙකුට ටිකට් එක දීල තමා එළියට යන්නෙ. මට පේන විදියට ටිකට් එක නොපෙන්නා එලියට යෑම බොරු. කෝ මගේ ටිකට් එක....... හුටා....... මට දෙවියෝඅ බුදුන් සිහිවුනා...... මල්ලි බහිද්දී මගේ අතේ තිබ්බ ටිකට් එක මෙතනට ඇවිදන් එද්දි මම රේල් පාරට විසි කරා කියල මට මතක් වුණා.... අනේ දෙවියනේ මම ඉවරයි.... මාව සට සට ගාල ගැහෙන්න ගත්ත...මගේ පිටි පස්සෙ හිටපු අය මාව තල්ලු කරගෙන ඉස්සරහට යද්දි මම එහෙමම ආ පස්සට වුණා. දඩි බිඩි ගාලා ෆෝන් එක හොයලා මල්ලිට කෝල් එකක් ගත්ත.



" අනේ මල්ලි මාර වැඩේ ... මෙතනින් එළියට යන හැමෝගෙම ටිකට් බලනව... "

" ඔව් ඉතින්... බලන නිසා තමා හලෝ මම තමුසෙගෙ ටිකට් එක දීල ආවෙ අතට... "

" අයියෝ මල්ලි මම ඒක රේල් පාරට විසි කලා... ඔයා නිකමටවත් මට කිව්වෙ නෑනේ ඕක ඕන වෙනව කියල..."

" අනේ යකෝ මෙහෙමත් වැස්සියෙක්... එක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙද ? ....."

" ඉහි... ඉහි... මං කවද කෝච්චියේ ගිහිල්ලද හලෝ... තමුසෙ මාව දැනුවත් කලේ නැත්තෙ ඇයි...? "

" ආපෝ වැඩක් නෑ... වැඩක් නෑ... සාමාන්‍ය දැනීම බිංදුවයි.. දැන් ඉතින් නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්..."

" පොඩ්ඩක් කිව්වේ කොච්චර වෙලාද..? මම කීයට් අහරි එනකන් ඉන්නවා... "

එහෙම කියල මල්ලි ෆෝන් එක කට් කලා එහෙම කිව්වට එයා පුලුවන් ඉක්මනට එන බව මම දන්නවා.මම නැවතුන තැන එහෙමම බිරාන්ත වෙලා නැවතිලා බලන් හිටිය.කෑ ග ගහා අඩන්න්න පුලුවන්නම් ඒ වෙලාවේ මම හිතේ හැටියට අඩනවා. එතනින් යන හැමෝම මගේ දිහා දෙපාරක් බල බල යන බවත් මට තෙරුනා. ඒක තවත් ප්‍රශ්නයක් වේවි කියල හිතුන නිසා මම පුලුවන් තරම් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කලා.

" ඔය ළමය මොකද.... ඇයි මෙතන ඉන්නෙ... කොහාට යන්නද ඉන්නෙ....?

කණ ළගින්ම ඇහුන ඒ හඩින් මාව තක්බීර් වුණා.අර ටිකට් එකතු කර කර හිටපු මනුස්සයා තමා මගේ ළගට ඇවිත් එහෙම ඇහුවේ.ඒක අහපු තාලෙට හිර කරගෙන හිටපු කඳුළු අමු අමුවේ වැක්කෙරෙන්න ගත්ත. ඒ මනුස්සයත් පොඩ්ඩක් කලබල වුණා ඒක දැකල.

" ඇයි ළමයා මොකක්ද ප්‍රශ්නේ...? "

ඉස්සෙල්ලට වැඩිය නිවුණු හඩකින් එයා එහෙම ඇහුව. බොරු කියන්න දෙයක් නැහැනෙ මම සිද්ද වෙච්ච දෙ එයාට කිව්ව.ඒක අහල ඒ මනුස්සය මගේ උඩ ඉදන් පල්ලෙහාට දෙතුන් පාරක්ම බැලුවා.

" ඔය ළමයට වයස කීයද ? "

" විසිතුනයි "

" අවුරුදු විසිතුනක් වෙලත් දන්නේ නද්ද කෝච්චියක යන එනකොට ටිකට් එක පරිස්සම් කරගනන් ඕනෙ කියල... හා.. හා... දැන් ඔය කඳුළු පිහිදගෙන එලියට යන්න... බොරුවක් නොකරන බව තෙරෙන නිසා යන්න දෙන්නෙ... නැත්තන් පොලිසීයට ගෙනියන්න වටින්නෙ.. දැන් ඉක්මනට යන්න තව අය දැක්කොත් මටත් ප්‍රශ්නයක් වෙයි... "

මම ඒ මනුස්සයට ස්තූති කියල පණ කඩාගෙන එලියට දිව්වා මොරටුව බස් එකකට නැගල වාඩිවෙලා තම සිහි එළව ගත්තෙ.ඊට පස්සේ මල්ලිට කෝල් කරල විස්තරේ කිව්ව. එයා ආයෙම මට බැන බැන හැරිල ගියා.

ඔන්න ඔය විදියටා තමා මගේ කුළුඳුල් කෝච්චි ගමන හමාර උනේ.අදටත් ඕක මතක් කර කර කට්ටිය ඕනම සභාවකදි මාව බයිට් එකට ගන්නව.ඒ වෙලවට මට එන කේන්තිය... අම්මෝ කියලා වැඩක් නෑ.

17 comments:

  1. maru affa ...man thaama thaniyama kochchiye gihin naha.dan aurudu 7kata issarala amma ekka kochchiye giyaa.edaa thamai danata mage kochchi gamana..thawa liyanna kawi.

    ReplyDelete
    Replies
    1. හූ එහෙනම් බලන් යනකොට මම හොදා නේ මම ඔයාට වැඩිය කෝච්චියේ ගිහින් තියෙනවා

      Delete
  2. apoi ane....meki nan ese mese gon wassiyak nemei..patta gon harak denuwak....nodokin thawa lajja nathuwa rasa kara kara kiyana hati..

    ane shook akki...asawen kiyewwa iwara wenakanma....niyamai..ela..

    ReplyDelete
    Replies
    1. පේනවද බැනලා බැනලා අන්තිමට හරී ශෝක්ලු. අය්යෝ ඉශ් මල්ලි ජීවිතේට කෝච්චියේ නොගිය මම කොහොමද ඕක දන්නේ තනිකර වැරද්ද අපෙ මල්ලිගෙ

      Delete
  3. මම ඉස්සෙල්ලම කෝච්චියේ ගියෙත් ඉස්කෝලේ 8 වසරේ ඉද්දි වගේ.. ගාල්ලෙන් කොළඹට සංක්‍රමණය වෙලා පදිංච් උනේ ස්ටේශන් එකක් කිට්ටුව.. ඒත් රේල් පාර දිගේ සිල්පර කොටන් හැමදාම ගනන් කර කර ඇවිද්දත් කෝච්චියේ යන්න බැරි උනා.. ඒ ඇයි කියලා තාම මතක නෑ.. පස්සේ ඉතින් දවසක් ඉස්කොලේ කට් කරලා තමයි කෝච්චියේ ගියේ..

    ReplyDelete
    Replies
    1. මමනම් එදා එහෙම වෙලා පාඩමක් ඉගෙන ගත්තට පස්සෙත් කෝච්චියේ යන ආසාවනම් නැති කරගත්තෙ නෑ. අපි පස්සෙ කාලෙක කෝච්චියේ සිරීපාදෙත් ගියා. ඒ ගමනනම් හරිම සුන්දරයි. කට්ටිය මේ සිද්දිය මතක් කර කර මාව ඇති වෙන්න බයිට් කලා

      Delete
  4. කාලයක් මට කොච්චි ගමන සුන්දර වුනා.. එත් 10 වසරේදි මගේ හොදම යාලුවා වැල්ලවත්තෙදි කොච්චියට යට වෙනවා ඇස් දෙකට දැක්කා එදා ඉදන් මට කොච්චි ගමන සුන්දර නැ.. තාමත් කොච්චියකට නැග්ගාම එ සිද්දිය මට මැවිලා පේනවා.. එක හරිම දුකයි...

    ඔයා ලියලා තියෙන විදිහ හරි ලස්සනයි කවියො.. මේ දවස්වලත් ඔයාට වමනේ යනවානම් පොඩ්ඩක් දොස්තර කෙනෙක් හම්බවේලා බලන්න සමහර විට ඔයාගේ හබියා තාත්තා කෙනෙක් වෙන්නද යනවද දන්නේ නැනේ....

    ReplyDelete
  5. අනේ...... එකනම් දුක හිතෙන කතාවක් මගේ ඇගත් හිරි වැටුනා.
    නෑ නෑ තාම මට එහෙම අමාරුවක් නෑ හොදද

    ReplyDelete
  6. :D සුන්දර කෝච්චිගමන්නෙ ගිහින් තියෙන්නෙ.. :D යාළුවො හිටිය නිසා මමත් මුලදි බස්එකේ ගිහින් ගෙදර අය කියන නිසාම කෝච්චියේ ගියා... පස්සෙනම් ගෙදරින් ගලවගන්න බැරිවුණා කෝච්චියේ යන එක.. :D

    //ඉස්සර බස් එකක දුර ගමන , ට්‍රිප් එකක් එහෙම මාව එක්කන් යනවා කියන්නේ ගෙදර අයට යුද්දෙකට යනවා වගේ වැඩක් තමා. ෂොපින් බෑග් , දෙහි ගෙඩි , නාරං , නා නා ප්‍රකාර ටොෆී ජාති පුරවපු මල්ලක් මාත් එක්කම රෙඩි පිට උස්සන් යන්න ඕනෙ. දැන් කියලත් ඒකේ ලොකු වෙනසක් වෙලා නෑ. //

    හෆොයි අක්කේ.. නන්ඳුත් පොඩිකාලෙ ඔය යුද්දෙම ප්‍රකාශකලානේ.. පස්සෙ නතරවුණත් නාඳුනන ‍රටට ඇවිත් පටන් ගත්තා ආයෙමත්..! පෙත්ත බිව්වම ලෙක්. වල හිටගෙන නින්ද යන නිසා වෙන බේතක් හොයාගත්තා..
    දැන්නම් ලංකාවෙත් ඇති.. ඔලිව් ගෙඩි..!
    අත්දුටුවයි ප්‍රත්‍යකෂයි..! :)

    ReplyDelete
    Replies
    1. අහා.... එහෙමද...... මෙහෙ ඔලිව් ගෙඩිනම් තියෙනවාගන්න එත් මමනම් කාලම නෑ.

      Delete
  7. කොටුවෙන්නම් කොහෙත්තම ටිකට් එක නැතුව එලියට යන්න බැහැ.හොඳ වෙලාවට හොඳ කෙනෙක් හිටියේ එතන නැත්නම් .....

    ReplyDelete
    Replies
    1. ඔව් එක හැමෝම කිව්වා... මගෙ නොදැනුවත් කම නිසා තමා ඒ ඇබැද්දිය උනේ

      Delete
  8. මම තාම කොච්චියක ගිහින් නෑ නේ. ඉදල ඉදලා ගිය අවුරුද්දේ ගෙදර යන්න මරදාල ස්ටේෂන් එකට ගියා. ගිහින් ටිකටුත් ගත්තා. අනේ මෙන්න පස්සේ කියනවා තව පැය 2ක් යනවා කියලා කොච්චියක් එන්න. අනේ ඉතිං ටිකට්වලට ගිය ගාන හිතින් අමතක කරලා කෙටුවට ඇවිත් බස් එකේ ගෙදර ගියා.

    ReplyDelete
    Replies
    1. ඔයත් බට්ටිද මටත් ගෙදරට කියන්නේ ඔය නම තමා. ඔව් ඔව් ලංකාවේ කෝච්චි කවදද වෙලාවට ආවෙ

      Delete
  9. මගේ නම් ලොකු ආසාවක් තියෙනව තට්ටු දෙකේ බස් එකක යන්න. අවුරුදු 23 ක් වෙලත් තාම ඉෂ්ට කරගන්න වුණේ නැහැ

    ReplyDelete
  10. ඔය චෙකර්ලාගෙ ගවුමට තියෙන සැළකිල්ල අපිට නෑ සොදුරු......
    කොහොම උනත් මරු ඈ...අර සත්තලන්ගේ කතා වල තියෙන ස්ටයිල් එකමයි...

    ReplyDelete
    Replies
    1. හි හී එහෙමද ඒ උනාට එදානම් මගේ දිහා දෙයියෝ බැලුවා.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.