සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Mar 13, 2012

දෙනුවන් අනුහස....දෙවන සජ්ජායනාව

දෙවන සජ්ජායනාව ( 2 )

පලවෙනි කොටස නොබලපු අය මෙතනට ගිහින් එන්න
දෙනුවන් අනුහස....ප්‍රථම සජ්ජායනාව






දෙනුවන්ගේ රුව ඈත බොඳ වෙන්නටද මත්තෙන් වේගයෙන් පැමිණි අනුහස් අයියාගේ කිරි සුදු කාරය අප ඉදිරිපිට මහා හඩින් තිරිංග ගසා නැවතුණි.අනුහස් අයියා නැවතූ කාරයෙන් බිමට බැස්සා නොව පැන්නාය.

" සුදූ.... මගේ වස්තූ..... ඔයාලට කරදරයක් නෑ නේද....? ඇයි ෆෝන් ආන්සර් නොකලේ......මොකද ඔයාලට උනේ...?"

කතා කර ගැනීමටවත් නොහැකි තරමට කලබල වූ අනුහස් අයියාගෙන් අපට ප්‍රශ්න වැලකි.ඉතින් මා දනිමි මොහු මේ සියළු වැඩ අතරමග දමා දිව එනවා විය හැක.ඔහුගේ කලබලය දැක තාරාටත් මටත් සිනහා නොවී සිටිය නොහැකි විය.

" ඔයාලටනම් හිනා.... කියන්න.. මේකත් මාව බය කරන්න කරපු විහිළුවක්ද සුදූ...බබා ඔයා දන්නවා අද මට ගොඩාක් වැඩ තියෙන දවසක් කියල... අනේ ඇත්තමයි ඔයාගේ මේ මුරණ්ඩු විහිළු නිසා දවසක මම මහ පාරේ මැරිලා ඉදීවි..."

" චී.... සුදු අයිය... මොකක්ද ඒ කියපු නපුරු කතාව... දෙනව පාරක් මං ඔයාට..."

මම වහා පැන ඒ මුව අතින් වැසීය.

" අයියෝ... අනුහස් අයියා... මේකයි උනේ...

තාරා මුල සිට ඔහුට සිදුවූ දේ පවසන්නට විය. එය අසා ඔහු සැහැල්ලුවෙන් හුස්මක් පිට කලේය.

"පිස්සු කෙල්ල....මෙලෝ සිහියක් නැතුව පාරේ දුවනවද හැදිච්ච ගෑණු ළමයි...? ඔහු ළඟට විත් මගේ කන් පෙත්තක් යාන්තමට රිදෙන්නට මිරිකීය.

" මං බය උන තරමක්... දන්නවද මම කී පාරක් කෝල් කලාද කියල... මම උත්තරා නංගිගේ ෆෝන් එකටත් ගත්ත.. ඒකත් ඕෆ්...ඉතින් සේරම දමල ගහල දුවගෙන ආව..."

" ආ...පෝ... සුදු අයිය... මොනම හදිස්සියකටවත් මෙයාගේ ෆෝන් එකටනම් කෝල් කරලා වැඩක් නෑ තමා.. මොකද ඕන වෙලාවක මේකිට වගේම ෆෝන් එකටත් කිසිම චාරයක් නෑ..."

" අනේ පලයං යන්න.... මට ඉතින් ඕක තිබුණයි කියල උඹලට වගේ පැය භාගෙන් භාගෙට කෝල් කර කර කෑවද පැටියෝ... බිව්වද පැටියෝ.. නෑවද පැටියෝ.. කියල අහන්න එකෙක් නෑනේ...උඹල එක ගෙදර ඉදලත් ෆෝන් එකෙන් මේ කඩන මල් වල හැටියට මට ආසාවටවත් කොල්ලෙක් එක්ක යාලු වෙන්න බයයි.. "

" දැන් ඔහොම කිව්වට උත්තරා නංගිත් ආදරේ කරන්න ගත්ත දවසක අපි බලමුකෝ නේද බබා.. මොකද කියන්නේ මම හොයලා දෙන්නද හොද කොල්ලෙක්..."

" අනේ... නැතුවට කමක් නෑ... දැන්මම බෙල්ලට තොන්ඩු දාගන්න මට බෑ..."

අනුහස් අයියා තාරාව අවුස්සයි. එහෙත් ඇය ඒවාට උරණ නොවේ. මට මෙන්න්ම ඈ අනුහස් අයියාටද බෙහෙවින් කිට්ටුය, ළෙංගතුය.

" සුදූ එන්න... මම ඔයාලව ගෙදරට දාලම ආපහු යන්නම්...නගින්න කා එකට..."

" අනේ සුදු අයියා...දැන් ඔහොමම නවතින්නකෝ... අද තාරාත් ඉන්න එකේ අපිට සෙල්ලම් කරන්න තිබුණා..."

" ම්ම්ම්... මම වැඩ මග දාලනේ ආවේ පැටියෝ.... මම දැන් යන්නම ඕනෙ...මම ඉක්මනට එන්නම්.. එතකන් ඔයාලා බැට්මින්ටන් ගහන්නකෝ හොදේ..."

මහිස අත ගා අනුහස් අයියා ආදරෙන් කීය. මා අකමැත්තෙන් උනත් එයට අවනත වීමි. කවදත් ඒ සෙනෙහස ළඟ මා ලැදරියකි.අනුහස් අයියා තාරාට පසු පස දොර ඇරදී මාවද අතින් අල්ලා ඉදිරි හසුනට ඇරලවන ලදී.රියට ගොඩ වන්නට මොහොතකට පෙර පාරෙන් එහා පස ඒ නිල් ඇස් අප දෙසම බලා සිටිනවා ම දුටිමි. දෙවියනේ ඒ ඇස් මා පසුපස ලුහුබදිනවාවද්ද...? ඒ සිතුවිල්ලත් සමග හිතට මහ මොකක්දෝ අමුත්තක් දැණුනි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තිං එතැන් පටන් ඒ හිතුවක්කාර නිල් ඇස් සිහිකිරීමට මම දවසේ වැඩි හරියක් ගතිමි.කුමක් කරන්න ගියද දෙනුවන්ගේ රූපය මදෙස බලා ඉන්නවා මෙන් මට හැගේ.. ඒ ඇස් මට මොනවාදෝ කියන්නට හදනවාක් මෙන් දැනේ. මට මේ වැළදුන අලුත් රෝගය පාසලේදී තාරාගෙන් වසන් කරන්නට මම අපමණ වෙහෙසුණෙමි.සඳුදා වද්දී ඇයට ඒ සිදුවීමවත් දෙනුවන්වවත් මතක තිබුනේ නැත.එය මට මහා අස්වැසිල්ලක් විය. එහෙත් දෙනුවන් ඔබේ ඔය නුවන් මගේ සාමාන්‍ය දින චරියාවට මහා බාධාවක් විය.වැඩි වේලාවක් එකම තැනක රැදෙන්නට බැරි ගායක් පුංචි සංදියේ සිටම මට විය. වෙනදාට සිංදු කිය කියා ගේ පුරා දුව ඇවිදීමත් , කාමරයට වී දොරත් වසාගෙන සිංදුවක තාලයට හති වැටෙන තුරු නැටීමත් ,අහල පහලක අම්මා හෝ අනුහස් අයියා ඇත්නම් ඔවුන් සමග බොරුවට රණ්ඩු ඇල්ලීමත් මගේ දවසේ අනිවාර්ය දේවල් විය. දවසට දෙකට මට ඒ සියල්ල අමතකව ගියේය.මම තනිව සිනා සීමටත් , කල්පනා කිරීමටත් , සිහින මවන්නටත් පටන් ගෙන තිබුණි.

නංගි බබා... මොකෝ මේ... ඔයා අසනීපෙකින්ද....?"

අනුහස් අයියාට පළමු දිනයේදීම මගේ වෙනස ඉව වැටී ඇත.

" නෑ ... සුදු අයිය... මම හොදින් ඉන්නව..."

" ම්... පුදුමයි එහෙනං මොකෝ මේ කාමරේට වෙලා දොරත් වහගෙන...? ඔයගේ සුදු අයියට හංගන්න එපා.... මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න ඕනෙ හොදද පැටියෝ..."

ඔහු එසේ පවසා ම හිස ආත ගා මා තුරුළට හති.මා වෙව්ලා ගිය තරම්.... වෙනදා ඒ සෙනෙහස රැකවරණය ළඟ පූසි පැටවක සේ ගුලි ගැහුණු මට අද මහා අපහසුතාවයක් දැනුනි. අහේතුකව ම නෙතට කඳුළක් නැගුණි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නොඉවසිල්ල නිසාම ඉබි ගමනින් ගෙවෙනවා දැණුනු දින හතකට පස්සෙ ඊ ළඟ සෙනසුරාදාට ඉර ඇහැරුණි.වෙන කවරදාටත් වඩා වේලපහින් මම අවදි වීමි.ඒත් ඇත්තනම් ඒ රැයම මම නොනිදා පහන් කලෙමි.සීතල හිමිදිරියේම දිය නා කොණ්ඩයේ තෙත වත් නොපිහිදා පංති යාමට සූදානම්ව පඩිපෙල බැස පහලට දුව ආ මා දෙස අම්මා කට ඇරගෙන බලා සිටින්නට විය.

" හත් දෙයියනේ...මේකනම් පුදුම හතෙන් එකක්... අද වහීවි දවසම මගේ දූ පොඩ්ඩ මොකද මේ අද කවදාවත් නැතුව..."

" පව් අම්මා තාරා...හැමදාම මං නිසා පාරේ රස්තියාදු වෙනව.. ඔන්න මීට පස්සේනම් මම ක්ලාස් යන්න වෙලාවට නැගිටිනව..."

මම ඇගේ මුහුණ සිප ඇයට පැවසීමි. ඇය හිනාවී එයට අනුබල දුන්නාය.එහෙත් සැබෑවනම් එය නොවේ.අදත් උදෑසන ඒ නිල් නෙතු පාරේ කොහේ හෝ දැල්වී ඇතැයි මසිත කියයි.ඒ ඇස් නැවත නැවත දකින්නට මහා ඕනෑ කමක් මගේ හිතට වේ. ඒ සිතුවිල්ලෙන්ම පාරට පිවිසි ම නෙතු නොඉවසිල්ලෙන් මග දෙපස දිවයන්නට විය.පෙරදා අප එකිනෙක ගැටී හමුවුණ තැනදී මා දෙපා නිරායාසයෙන්ම නැවතුණි.මම වට පිට බැලුවෙමි. ඒ ඇස් කොහේ හෝ සිට ම දෙස බලා ඉන්නාක් මෙන් මට දැනේ.එහෙත් නැත.. මෙයනම් විකාරයකි... මහා පිස්සුවකි. මටමෙන් උමතුවක් ඔහුට නැතුවා විය හැක.ම සිත රිදිනි. කෙහෙල්මල...මම මටම දොස් පවරා ගතිමි. ආයේනම් එයා ගැන හිතන්නේ නෑ..මම මහිතටම පොරොන්දු වීමි.හීතල හිමිදිරියේ පෙති දෙපෙති හැර විකසිත වූ මලක් මෙන් ප්‍රබෝධමත් වූ හිත පොඩිය සත්තකටම මහ හුගක් රිදුණි.ඒ බර වූ හිතත් අරගෙන බස් නැවතුමට යද්දී අනිත් පසින් තාරාගේ රුවද මතු විය.ඈ මා දැක වහා අත බැඳි ඔර්ලෝසුව දෙස බැලීය. මම වහා අහක බලා ගතිමි.

" අනේ කවී... මේ උඹම නේද... මම මේ දකින්නේ හීනයක් නෙවෙයි නේද...ඇය ඇස් පොඩි කරමින් මාව කොනිති ගසමින් ඈවත් කොනිත්තා ගනී.

" මෝඩී... පලයං යන්න.."

මම ඇය තල්ලු කර ඇයට රැවීමි.

" මරු ..මරු... මම අහන්නේ නෑ උඹෙන් මොන මල යකෙක් වැහිලද අද උඹ මේ වෙලාවටත් කලින් පංති යන්න ආවේ කියල...හේතුව මොක උනත් මට මා.......ර හැපී .. උඹට උම්...මා හොදේ..."

ඇය පැන මා වැළඳ ගති.මග දිග යන එන අය අප දෙස බලා මොනවාදෝඅ මුණුමුණු ගාමින් යයි.අපේ හැසිරීම ඔවුන්ට විකාරයක් වන්නට ඇත.අප සිනා සීමු...මහ හඩින් සිනාසීමු...ඉතින් ඔවුන් මේ දෙස් තබන්නේ වෙලාවක් අවේලාවක් නැතුව දොරෙගලන තාරුණ්‍යයේ දඟකාර කම් වලටය.

" යමං යමං තාරා... මෙතන තව හිටියොත් අපිට ගුටි කන්න වෙනව..."

මා ඇයවත් ඇදගෙන නැවතුමට එන බසයකට අත දැමීමි.බසය නවතන්නත් පෙර අප දුව ගොස් එහි එල්ලීමු.අම්මා හෝ අනුහස් අයියා අපේ මේ දඟකම් දැක්කානම් කවදාවත් තනිව බසයක යාමට ඉඩ නොදෙන බව සහතිකය.අනුහස් අයියා ශේප් කර ගත්තද අම්මාගෙන් ගැලවෙනවා බොරුය.අනුහස් අයියා මගේ පෙම්වතා බව සැබෑවකි. එහෙත් කවදාවත් ඔහු මට නීති නොදමයි.ප්පාසලට පංතියට මා ගෙන ගොස් ඇරලවන්න පුලුවන් කම තිබියදීත් අනුහස් අයියා මට තනිව නිදහසේ බසයේ යාමට ඉඩ දෙයි.අම්මා එයට උරණ වූවද ඔහු අම්මාවද ශේප් කර මට සහය දෙයි.

" පව් නැන්දා ... ඔයාගේ සුදු දූ ඔයාගෙයි මගෙයි තුරුලෙම ඉදලා හරියන්නේ නෑ...චුට්ටක් රට තොට ගැන දැන ගත්තට කමක් නෑ.. අනික කවුරු හිටියත් කෙල්ලන්ට එයාලටම කියලා වෙනමම ලෝකෙකුත් තියෙනවනේ... මෙයත් ඒ ලෝකේ පොඩ්ඩක් එහාට මෙහාට තල්ලු වෙලා බලපුදෙන්...."

" සුදු පුතා තමයි මෙයාව නරක් කරන්නේ... ගෑණු ළමයින්ට ඕනාවට වඩා නිදහස ඕනෙ නෑ දරුවෝ..."

"මේ ඉන්නේ ඒ හැම කෙල්ලම නෙවෙයිනේ නැන්දා... මගේ කෙල්ල මට විශ්වාසයිමටත් වැඩිය..."

අන්තිමේදී අම්මා අනුහස් අයියාට අවනත වේ. නෝක්කාඩු කතා කීවාට ඇයද මා ගැන ආඩම්බර වෙන බව මා දනිමි.මහ මෙරක් සේ ඔවුන් මා ගැන තිබූ විශ්වාසය ඉතින් මා රැකිය යුතු නොවේද...

" ඒයි... ඒ පාර කොහෙද අතරමං වුනේ..."

තාරාගේ හඩින් මම ආයෙත් වර්තමානයට කඩා වැටුණි.අද ඉතින් කඩිකුලප්පුවෙන් පංතියට දිව යා යුතු නොවේ.කොහුවලින් බැස නුගේගොඩ තෙක් අපි ඉබි ගමනින් ඇවිද ආවෙමු.පංතිය තෙක් පැමිණ අප උඩු මහලේ පිය ගැට පෙලට අඩිය තිබුවා පමණි. උඩ සිට කෑ ගසමින් දඟලමින් ආ කොළු රෑනක් අප දෙදෙනා වට කොට ගති.


" හායි ...හූයි...සුරංගනාවී.... ආ... තත් තත් තත් තාර පැටියත් ඉන්නේ..."


තාරාත් මමත් විස්මයෙන් විස්මයට පත් විය. මේ අර දඟ කොළු රැළ දෙනුවන්ගේ මිතුරන්ය.


" හානේ...ඔයාලා මොකද මෙහෙ.. ඔයාලා හැමෝම සක්‍යා නේද යනවා කිව්වේ...?


" එසේය...එසේය .. තාරා දේවිය... එහෙත් අද පටන් අපද මෙහි ළගින්නට ආවෙමු.."


" මොකක්... ඒ අහවල් එකකටද මෙහෙ ආවේ...?


තාරාට ටිකක් සද්දෙට එසේ ඇසුණි.


" කෝප ගන්න එපා සුන්දරී...අප ඔබ වෙනුවෙන් අපේ බුදු සර්වයි පංතියයි පමණක් නොව තෝරාගත් විෂය මාලාව පවා අතැර මෙහි පැමිණියෙමු..."


තාරාට මහ හඩින් සිනහා නැගුණි.නාටකයක් රඟ දක්වන විලසට ඔවුන් මේ කී විකාර වලට මමද බිම බලා ගෙන සිනාසුණෙමි.මොවුන්නම් පුදුම දඟයන් ටිකකි.උසස් පෙල පංති පටන් ගෙන මේ වන විට මාස තුනකුත් ඉක්ම ගොස්ය.මොවුන් තවමත් හිතූ හිතූ වේලාවට පංතිය පමණක් නොව විෂයන් පවා වෙනස් කරන හැටි.


" කවුද අනේ ඔයාලට ඔය මෝඩ අදහස දුන්නේ....?


තාරා මා සිතූ දෙයම ඔවුන්ගෙන් විමසයි.


"වෙන කවුද.... මේ වගේ පිස්සු පීකුදු වැඩක් කලොත් ඉතින් ...අන්න අරූ තමා..."


එකෙකු අත දිගු කර පඩිපෙළ ඉහල පෙන්වීය.පියගැට පෙළ ඉහල කෙලවර පඩියේ සිට ඒ ඇස් දිලිසෙනවා මා දුටිමි.මට සිනහව අමතක විය. දෙවියනේ සතියක් තිස්සේ ආයේ ආයේ දකින්නට හීන මැව්වේ මේ ඇස් නොවේද....ඉතින් දැන් ඒ ඇස් මා ඉදිරිපිටය. ඉහලට ගත් හුස්ම පහල හෙලන්නට තරම්වත් සිහියක් මට නොවීය.මගේ ඇස් දිහාම බලාගෙන පඩි පෙල පැන ආ දෙනුවන් අප ඉදිරිපිට නැවතුණි.


" ඇත්තද දෙනුවන් මේ කියන්නේ... ඔයාලා අද ඉදන් මෙහෙ ක්ලාස් එනවද...?

ඒ තාරාගේ හඩය.

" ඔව් ඇයි ... හොඳ නැද්ද...?


දෙනුවන් මගේ ඇස් බලා තාරාගෙන් විමසයි.


" හොදයි...හොදයි .. මොකෝ නරක.. ඒත් මේ ආට්ස් ක්ලාසස් නේ... ඔයාලා කොමර්ස් නේද කරනවා කිව්වේ...?


" හ්ම්.. ඔව්.. හැබැයි අද ඉදන් අපිත් ආට්ස්.."


" පිස්සුද හැටිද ආ...


තාරා කම්මුලේ අත තබාගෙන විස්මයෙන් විමසයි


" නෑ .. නෑ... මේ පිස්සුවේ හැටි අප්පා..."


ඔහු මෙන්ම ඒ හඬද හිතුවක්කාරය.මේ නිල් ඇස් අස්සේ එතරම් දඩබ්බරයෙක් ඇතැයි විශ්වාස කිරීමටද බැරි තරම්ය.


" හරි හරී...කමක් නෑ එහෙනම් ඔන්න ඔයාලව අපේ පංතියට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා හොදේ.. දැන් යමුකෝ එහෙනම් පංතිය ඇතුලට..."


තාරා ඉස්සර විය . ඇය පසු පසින් කොළු රෑනද අනුහස්ද ඊටත් පසු පසින් මාද පඩිපෙල නගින්නට වීමු.මද දුරක් ගොස් හිටි හැටියේ දෙනුවන් නතර විය.දැන් ඔහුත් මාත් අතර ඇත්තේ එක පඩියක පරතරයකි.ඔහු මේ බලා සිටින්නේ මා ඒ දුර ගෙවා එනතුරුය.හොන්ඩර ගානක බරක් පපුවට දැනෙන්නට විය.හිතට වාරු ගෙන මා පඩියට ගොඩ වූවා පමණි.


" කුමාරිහාමී... හරි ආඩම්බරයි නේද..."


මගේ මූණට හුස්ම වැදෙන තරමට ළංව කිසිම ළෙංගතු කමක් නැති හඬකින් දෙනුවන් ඇසීය.ඇහි පිල්ළමක් වැඩෙන සැණින් ම් නෙතට කඳුළු පිරිණි.


" ෆෝන් එක පරිස්සම් කරල ගෙනල්ල දුන්නට අඩුම ගානේ තෑන්ක් කරන්නවත් බැරිද...?"


ඒ හඩේ ළතෙන් බවක් ඇත්තේම නැත.එහෙත් ඔහු කියන්නේ සැබෑවකි.මා මේ වන තුරු ඔහු සමග එකම වදනක්වත් දොඩා නැත.ඔහුට ස්තූති කිරීමට මට යුතුකමක් ඇත.යාන්තමට තෙත් වූ නෙතු ඔසවා මා ඒ නෙත් බැලීමි.


" සොරී... ඔයාට ගොඩක් ස්තූතී..."


මහා වරදක් කර අසුවූ පුංචි එකියක සේ මා ඒ දෙනුවන් ළඟ බැගෑපත්වීමි.ලඟට... බොහෝ ළඟට ඒ ඇස් තිගැස්සෙනවා මා හොද හැටි දුටිමි.


" ම්.... ගෑණු ළමයට කතා කරන්නත් පුළුවන් එහෙනම්.."


ඒ කතා කලේ කලින් කතා කල කෙනාමදැයි හිතා ගන්නටවත් නොහැකි ආදරණීය හඩකින් එසේ පවසා ඔහු මට ඉස්සර වන්නට ඉඩ දුණි.මේ කතා කරන බෝනිකි ඇස් අමතක කරන්නෙමී මීට පැය භාගයකට කලින් හිතට දුන් පොරොන්දුව සිහිව මට සිනහ නැගුණි.නැත ඉතින්නම් ඔහු අමතක කිරීම සිහිනයක්ම වන්නේය.

~~~ මතුසම්බන්ධයි ~~~

16 comments:

  1. lassanai kawi...onna maath oyath ekka apahu iscolei panthi yanawa kawi..ithuru kotas enathuru maga balan innawa...

    ReplyDelete
  2. බ්ලොග් රෝලේ තිබ්බට මම ෆලෝ කරල නැහැ නොවැ.. සොරි !

    මේක එක පාර දාන්න බැරිද .. අපි පව් නැද්ද ?

    ReplyDelete
  3. tweety - පුලුවන් ඉක්මනට දෙන්නම් ට්වීටී ස්තූතී

    sAm (සෑම්) - මමත් කැමති එක දිගටම දාන්න පුලුවනන්ම් සෑම් ඒත් මේක ටිකක් දිග කතාවක්. එක පාර ටයිප් කරන්න අමාරුයි. ඉක්මනට ඉක්මනට කොටස් ටික දාන්නම්

    ReplyDelete
  4. කියෙවුවා.. සිලබස් එකම මාරු කරලා එන්නේ ආදර හිතක් පහල වෙලා නිසා තමයි.. බලමු මොකෝ වෙන්නේ කියලා..

    ReplyDelete
  5. Dinesh - හ්ම් මම මුකුත්ම කියන්නේ නෑ බලන් ඉන්නකො වෙන දේ

    ReplyDelete
  6. අනිත් කොටසත් ඉක්මනට දෙන්නෝ

    ReplyDelete
  7. ලග හිටියනම් මරාගෙන ඩෙවල් දලා ගෙම්බන්ට කන්න දෙනවා.. ඉක්මනට ඉතුරැ ටික දිපියව් බොලව්

    ReplyDelete
  8. බලන් ඉන්නනෙ අමාරු

    ReplyDelete
  9. සොඳුරු මිනිසා - ඉවසන් ඉන්ඩෝ ටිකක්

    Pooh - ඉහි ඉහි මම පව් නැද්ද අනේ

    විමුක්ති - ඒත් බලන් ඉන්නම වෙනවනේ

    ReplyDelete
  10. මගේ බ්ලොගේ තිබුනු කොමෙන්ටුවක් පස්සේ පන්නගෙන ආවේ මෙයා නේද අර පරම්පරාවම බට්ටි කියපු කෙනා....එල එල ආ කතාවනම් ලස්සනට ලියලා තියෙනවා හැබැයි මෙහෙම කම්මැලි කෙල්ලක් දැක්කමයි....සුඛාන්තයකින් ඉවරවෙයි කියලා හිතනවා...

    ReplyDelete
  11. ගැමියාගේ පත් ඉරුව -
    පන්නගෙන හරි ආපු එක අගය කරනවා. බොහොම ස්තූති. මමත් ඔයාව හොයා ගත්තේ පන්නගෙන ගිහින් තමා වෙන කෙනෙකුගෙ බ්ලොගියෙන්.

    ReplyDelete
  12. ලස්සනම ලස්සනයි අක්කි....හැබැයි මට මේ කතාව කොහෙන් කෙලවර වෙන්න යනවද කියල හිතාගන්න බැ..අනේ අපේ කුතුහලේද මොකක්ද එක ඔච්චර අවුස්සන් නැතුව ඊලග කොටස ඉක්මනට දියන්කෝ අප්පා....

    ReplyDelete
  13. සිම්බා මලයා - ඔව් ඒක අවුස්සන්නත් ඕනෙනෙ මලයෝ... බලන් ඉන්නකෝ වෙන දේ

    ReplyDelete
  14. ඉතිරි ටික ඉක්මනට දාන්න කවි..

    ReplyDelete
  15. පුදුම ලස්සනයි!! ශික් මට මේක මිස් වුනේ කොහොමද?

    ReplyDelete
  16. දෙවෙනි එක ඉවරායි..........හැබැයි කෙල්ලො චපලයි වගේ ඉතුරු ටිකත් බලමු

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.