සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Mar 20, 2012

දෙනුවන් අනුහස....තෙවන සජ්ජායනාව




කලින් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් එන්න


දෙනුවන් අනුහස - ප්‍රථම සජ්ජායනාව
දෙනුවන් අනුහස - දෙවන සජ්ජායනාව


ත්තරාගේ පිටු පසින් සියල්ලම ශාලාවට ඇතුලු විය.කොලු රැළකට මැදිව ආ අප දෙදෙනා දෙස කෙල්ලන් බැලුවේ කට ඇරගෙනය.

" විනාසයි... විනාසයි...මෙහෙත් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනමද වාඩි වෙන්නෙ... දෙනුවනයා ඇයි යකෝ උඹ අපිට බොරු කිව්වේ..? තෝ මොකක්ද අපිට මේ කරපු අපරාදේ....."

" හරි හරි යකුනේ ටික දවසකින් අපි මේ ක්‍රමේ වෙනස් කරන්න බලමු...එතකං නාඩා ඉදහල්ලකෝ..."

මේ නම් පිස්සන් රැළකි.

" අප්පට සිරි දෙනුවනයා... උඹලත් මෙහෙට සෙට් උනාද... මරු මරු ආ...."

මෙතන තව දුරටත් ඔවුන්ට ආගන්තුක තැනක් නොවන බව තාරාටත් මටත් අවබෝධ විය.ඒ පංතියේ කොල්ලන්ගෙන් හරි අඩකටත් වඩා දෙනුවන්ව හැදින සිටි බැවිනි.

" බලපන්කෝ... මෑන්ට තියෙන ප්‍රතිචාර.. හරියට නිකන් සුපර් ස්ටාර් වගේනෙ... එක ගමේ ඉදලත් අපි නොදැන නොදැක හිටියට මූව නොදන්න එකෙක් නෑ නේ බං..."

තාරා මට පමනක් ඇසෙන්නට කුටු කුටු ගායි.

" අපි ගිහින් වාඩි වෙමු තාරා කට්ටිය අපි දිහාත් මැජික් වගේ බලනවා..."

අපි අපේ සුපුරුදු බංකුවේ ගොස් වාඩි වීමු. අප වාඩි වෙනතුරු බලා සිටි දෙනුවන් තාරාත් මමත් වාඩිවුනු පේලියට සමාන්තරව ඇති පිරිමි ළමුන්ගේ බංකුවට ගොස් වාඩි විය.

" කවී...උඹ වෙනස් අද... ඇයි මේ... "

ඇයත් මාත් තණිවුන ඇසිල්ලේම ඈ මා අල්වාගති.

" උඹට පිස්සු එහෙම එකක් නෑ තාරා.."

" උඹට ශුවර්ද නෑ කියලා..."

" අනේ.... උඹත් එක්කනම් බෑ තාරා..."

" ඒකනං ඇත්ත තමා ඉතින්..."

මට සිනා නැගේ ඇයද වෙලාවකට කොල්ලෙකුට හපන්ය.

" මං උඹට දෙනවා දැන් දෙකක් හොදේ.. කට වැහුවේ නැත්තං..."

මා ඇයට හැරී පොතකින් දමා ගැසුවෙමි.අපේ කිචි බිචියට කොල්ලන් බොහෝ දෙනෙක් අප දෙසට හැරුණි.ආයෙත් ඒ නිල් ඇස් වලින් මා අල්ලා ගන්නවා මා අහම්බෙන් දුටිමි.මට ආයෙත් සිනහව අමතක විය.

" හ්ම්..හ්ම්.. එන පොටනං හොද නෑ රජෝ.. මූ මේකට රිංගුවේනම් හොදකට වෙන්න බෑ...හැබැයි කවියෝ මේකා අනුහස් අයියට දුශ්ටයා පාට් එක දාන්න ආව දවසට තමා මං මූට පාඩමක් උගන්නනේ.. උඹත් එදාට තමා මේ යාළුවගේ හැටි දැනගන්නේ.."

" තාරා... විකාරද උඹට... එහෙම වෙන්නේ නෑ... මං සුදු අයියගේ පණ..."

" ඔව්..ඔව්.. උගේ පණනම් උඹ තමා...මට දැන් දැන් සැක උඹේ පණ කවුරු වේවිද කියල තමා..."

ඈ විහිලුවට කීවද ඒ කතාවට මසිත රිදුණි.අනුහස් අයියා සිහිව මහා රිදුමක් හිතට දැනුණි. දෙවියනේ... සිතුවිල්ලකින්වත් ඔහුට වරදක් කල යුතු නොවේ. මම සිහි එලවා ගතිමි. එහෙත්... සැරින් සැරේ ඒ බෝනිකි ඇස් මා නෙතු අල්ලා ගනී. ඒ ඇස් ළඟ ම හිත අතරමං වේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තිං එතැන් පටන් ජීවිතයට වෙනදා නොමැති සුන්දරත්වයක්ද... වෙනදා ජීවිතයට නොදැණුනු මහා බරක්ද දැනෙන්නට විය.පැහැසර දෙනුවන් නැමැති ඒ අපූරු මානවයා කවිති සෙනාදා නම් වූ මගේ සිහින ලෝකය පුරා ඉවක් බවක් නැතිව හිතුමතේ සරන්නට විය මගේ ජීවිතයේ සියලු බලතල වල නිල නොලත් හිමිකරු වූ දහම් අනුහස් නම් වූ ඔහු, පෙරදාක මගේ මුළු විශ්වයම වූ ඔහු , ටිකෙන් ටික ම හිතින් බැහැර වන්නට විය.ඒ පින්සාර ආත්මයට පයින් ගසා බදා වැළඳ ගන්නට තරම් ප්‍රේමයක් දෙනුවන්ගෙන් මා නොදුටු මුත් ඔහු සමහ හිතින් මවා ගත් ලෝකයක මා සිත් සේ ප්‍රේම කලෙමි. එහෙත් සැබෑවනම් මගේ අහිංසක හීන ලෝකෙදී දිවි හිමියෙන් මට පෙම් කල දෙනුවන් සැබෑ ලෝකයෙදී මා තුට්ටුවකටත් මායිම් නොකිරීමයි.මගේ යෙහෙළිය තාරා සමග පමණක් නොව පංතියේ සියලුම කෙල්ලන් සමග දෙනුවන් බොහෝ කුළුපගුය.අප සියලු දෙනා එක්ව දොඩමළු වන හැම අවස්ථාවලදීම දෙනුවන් මා හිතා මතා මග හරී.නැතිනම් මොකක් හෝ ඇනුම් පදයක් කියා මා රිදවන්නට බලයි.තනිව මුහුණට මුහුණ හමුවන අවස්ථාවලදී මා නොදුටුවාක් මෙන් යයි.එහෙත් හිතන්නටවත් බැරි සමහර අවස්ථාවලදී බොහේ සෙනෙහසින් මොනවා හෝ දොඩයි.ඔහුගේ මේ හැසිරීම් වලින් මා දහස්වර සිත රිදවා ගතිමි.එහෙත් මා දනිමි.... ඒ ඇස් නිරන්තර මා පසු පස වූ බව මා ඉඳුරාම දනිමි. ඒ ඇස් වල නලියන හැඟීම් මා මේ විඳවන ප්‍රේමයේම කොටසක් බව මට ඉර හඳ සේ විශ්වාසය.බැල්මකින්වත් එය මට නොපෙන්නා ඔහු මා රිදවන අපූරුව.....
තාරාටත් මටත් පංතියේ පිරිමි යහළුවන් උන්නේම නැත. එහෙත් දෙනුවන්ගේ ආගමනයත් සමග ඒ සියල්ල වෙනස් උනි.අපටත් නොදැනීම අප ඔවුන්ගේ නඩයේ සාමාජිකාවන් වී ඇත.සැබැවින්ම ඔවුන් ඇසුරේ ගෙවෙන පැය කීපය බෙහෙවින්ම රසවත්ය විනෝදජනකය.සම වයසේ සෙල්ලක්කාර දඟයන්ම පමනක් නොව විටෙක ඔවුන් අපට වැඩිමහල් සහෝදරයන් මෙන් විය.ඒ තරමට ඔවුන් අප ගැන සොයා බැලීය.ප්‍රශ්නයකදී සියලු දඩබ්බර කම් පසෙක දා අපට ගුරු හරුකම් දුන්නේය.සත්තකටම ජීවිත කාලය පුරා මතක් කර කර හිනැහෙන්නට තරම් මතකයන් ගොඩක් ඒ දයාබයයන්ගෙන් අපට හිමිවිය.
" කවිති... ඇයි බං උඹ අම්මගේ බඩේදීම කසාදේ රෙජිස්ටර් කරගෙන ආවේ.... බලපං උඹ නොදන්නව උනාට කී දෙනෙක් උඹට ට්‍රයිද....මේ බවේ නොහැකිනම් මතු බවේ ඔබ ලබන්නම් කියා කී දෙනෙක් පෝලිමට සෙට් වෙලා ඉන්නවද.....අනේ අම්මපා මම මේ කියන්නේ ඇත්ත... මමත් ඒ පෝලිමේ කොනක ඉන්නවා.....යාලු කම සලකලවත් ලබන ආත්මෙදී මට බහ දීපන් හොදේ...."
ඒ අපේ නඩයේ අනුශ්කයි.සියල්ලෝම ඔහුගේ කතාවට මහ හඩින් හිනැහෙයි.මුලදී මුලදී මෙවන් විහිලු වලට මූණ ජම්බු මෙන් රතු කර ගත්තාට මටද දැන් මේවා හුරුය.එහෙත් කවදත් තාරා මෙන් මම ඔවැනි දේට හිනැහෙනවා ඇර එකට එක කියා නැත.අප සැවොම එකම හඬින් හිනැහෙද්දී දෙනුවන් හිනා මූණක්වත් නැතුව බලා උණි.ඔහු අනුශ්ක දෙස රවා බැලීය.
" පිස්සුද බං උඹට... මේ ආත්මේ ලැබෙන්නෙ නැති දෙවල් ලබන ආත්මේ මොන බම්බුවටද...මමනම් මේ ආත්මේ නොලැබෙන කිසිම දෙයක් ලබන ආත්මේ පතන්නේ නෑ..."
දෙනුවන් ඒ ටික කීවේ මගේ මූණ දිහා බලාගෙන මට වැදෙන්නට මෙන්ය.මා සසලව ගියෙමි. ම නෙතට කඳුළක් උනතැයි මා බිය වීමි.
"කඩා ගන්න බැරි තැන නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ඒකනම්...."
තාරාද ඇගට පතට නොදැනී එසේ කියා දැම්මේ ඇයිදැයි මටද නොතේරේ.
" උත්තරා...... නංගී දාන්න පහක්.... උඹ තමා අද දවසේ හොදම කතාව කීව්වේ..."
මේ නම් ඉතින් හදන්නේ කොලු රැළ දෙනුවන් අවුස්සන්නය.ඔහුගේ කට අවුස්සගත්තොත් අපට හොදක්නම් වෙන්නේ නැත.දෙනුවන් මොන තරම් සැහැල්ලුවෙන් ඉන්න බව පෙන්වන්න හැදුවත් ඔහු මොකක් හෝ දෙයක් හිතේ හිරකරගෙන ඉන්නා සෙයකි.එය එසේ බව අපටත් වඩා හොදට ඔහුගේ ළඟම උන් මිතුරන්ට දැනෙයි.දෙනුවන් අන් අයට ඇති තරම් විහිළු තහලු කරයි.කොල්ලන් පමණක් නොව කෙල්ලන්ද අපහසු තාවයට පත් කරන තරම් දඩබ්බර කම් ඔහු ලඟ එමටය.එහෙත් කවුරුන් හෝ වැඩිපුර ඔහුව විහිලුවට ගත්තොත් මේ ළඟදී සිට ඔහුට එය රුස්සන්නේම නැත.ඔහුගේ ප්‍රාණ සම මිතුරන්ට පවා බැන වදී , හිටි හැටියේ සියල්ල ගසා බසා පිටව යයි.
" මූට මේ ළඟදී ඉදන් මොන මල යකෙක් වැහිලද මංදා...ඉස්සර මූ මෙහෙම නෑ... ෆිට් එකේ හිටියා...පිස්සු කෙල කෙල....යකෝ දැන් මූට මේ එක පතේ කන අපිවත් වෙලාවකට දිරවන්නේ නෑ නේ..."
එසේ කියන්නේ ඔහුගේම අනුගාමික අතිජාත මිතුරන්ය.
" මූ අපිටත් නොකියා මොනා හරි හිතේ හංගගෙන ඉන්නවා බං...ඒකයි ඔය වෙලාවකට ඌට මල..."
ඔන්න අපි දැන්නේ නෑ කවිති උඹව දැක්ක දවසේ ඉදන් තමා මෑන් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ හැසිරෙන්නේ..."
අන්තිමට ඔවුන් විහිලුවට මෙන් ඒ කතාවේ කොහෙට හෝ මාවත් ගාවා ගනී.
" මේ .. මේ ඉශාන්... විහිලුවටවත් මේකිවනම් ඕවට ගාව ගන්න එපා හොදේ....
තාරා ඇගිල්ල උලුක් කර ඔවුන්ට පවසන්නේ හැබෑම කේන්තියෙනි.අනුහස් අයියාගෙත් මගෙත් පෙම් කතාව මේ වන විට නඩයේ හැමෝම දැන ගෙනත් මාව දෙනුවන් හා සම්බන්ධ කරමින් ඔවුන් කරන විහිලු තාරාට රුස්සන්නේම නැත.
එහෙත් අප එක්ව සිටින හැම තැනකදීම දෙනුවන් මා කොන් කරන බව, මට රිද්දන බව තාරා මෙන්ම නඩයේ සියලු දෙනාම දනී.එයට මොකක්ම හරි විශේෂ හෙතුවක් ඇති බව මේ සියල්ලන්ම දැන සිටියද එය ප්‍රසිද්ධියේ කතා නොකරයි.කෙල්ලන් කෙසේ වෙතත් මේ කොළු රෑන මොනවා හෝ දන්නා බව මට ඉවෙන් මෙන් දැනේ.දෙනුවන් තරහෙන් කතා කරන රවන ඔරවන තරමටම ඒ ඇස් වල ඇති ප්‍රේමය මට වැඩි වැඩියෙන් දැනේ.එක දවසකදී එය අන් හැමටම දැනගන්නට වෙන තරමට දෙයක් සිදු වුණි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අප පංති නිමවී නුගේගොඩ හංදිය දෙසට පැමිණෙමින් සිටියෙමු.තාරාත් මමත් හැරුණු කොට විදූශාත් රශ්මිත් ගංගාත් අප සමග විය.දෙනුවන් සහ ඔහුගේ මිතුරන් වන අනුශ්ක, ඉශාන්, චාමිකර,බිනුක,චතූර සහ තවත් තුන් හතර දෙනෙක්ම ඔහු සමග විය.දෙනුවන් හමුවූවාට පසු අප කොහුවල තෙක් ඇවිද ආවේ මේ නඩය සමගිනි.අප නුගේගොඩ Nolimit එක පහු කලා පමණි.පාරෙන් එහා පස බෝ ගහ පාමුල හිටි අසංවර ලෙස හැඳ පැලඳ ගත් මදාවි කොල්ලන් රැළක් අප දැක පාර මාරු විය.දැන් ඔවුන් අප ඉදිරියෙනි. අප ඔවුන් පසුකරත්ම
" වා....ව්..... චීස් කෑල්ල.... දැක්ක ගමන් කන්න හිතෙනවා අප්පා...."
එකෙක් මහා හඩින් කෑ ගැසීය.තාරා වහා හැරී ගිනි පිටවෙන බැල්මක් ඔවුන්ට මුදා හැරීය.
" හෝ...ව්.. හෝව්...කලබල වෙන්න එපා සුන්දරී ... ඔයාට නෙවෙයි කිව්වේ ඔය එහා පැත්තේ ඉන්න දම් පාට ටී එක ඇඳපු රෝස මලට.... අනේ මට ඔයාව එක දවසකට හරි බඳින්න ඕනේ..."
ඔවුන් ඒ කීවේ මටය. එකෙකු එසේ කෑ ගසද්දී අනිත් උන් මහා හඩින් හුරේ දමයි.ලජ්ජාවට මගේ හතර හංදි පවා වෙව්ව්ලන්නට විය.අපට කිට්ටුවෙන්ම පාඩුවේ ආ දෙනුවන් සැනෙන් නැවතුණි.කිසිවෙකුට කිසිවක් හිතන්නට වෙලාවක් නොගෙන ආපසු හැරී දිව ගිය ඔහු අරම කී කොල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගති.
" මොකක්ද උඹ කිව්වේ.... ආයේ කියපං බලන්න...දැනගනිං එයා මගේ.... එයා මගේ.... තෝ ආයේ එයා දිහා හැරිලවත් බැලුවොත් බත් කන්න එක දතක්වත් ඉතුරු කරන්නේ නෑ මම උඹේ..."
දෙනුවන් ආවේස වූවෙකු පරිදිය.වහා දිව ගිය මිතුරන් දෙනුවන්ගෙන් ඒ කොල්ලාගේ බෙල්ල මුදා හරින්නට මහත් වෙහෙසක් ගති.ඒ පසටත් මේ පසටත් කොල්ලන් බුරුතු පිටින් එකතු වූයේ ඇසි පිය වත් වැදෙන්නට කලිනි.තව මොහොතකින් පත්තර වල TV වල වැටෙන තරමට මහා ගැටුමක් ආරම්භ වෙනවා නියතය.මෙවන් මොහොතක කොල්ලන්ට අත පය විසි කිරීමට හේතුවක් ඕනේම නැත.මා භීතියෙන් භීතියට පත්වීමි.මම තාරාගේ අත තරයේ මිරිකා ගතිමි.බයටම ඇයද වෙව්ලනවා මට දැනේ.කාටවත්ම අනතුරක් නොවේවායි මා සිතින් දෙවියන් වැදීමි.
" අනේ තාරා... මට බයයි...."
මදෙස බැලූ ඇය ලොකු හුස්මක් ගෙන මොහොතක් වැරෙන් නෙතු පියා ගති.
" වරෙන්..."
මට හිතන්නටවත් වෙලාවක් නොදී මගේ අතින් ඇඳගෙන කොලු රැළ පීරා ඉදිරියට ඇඳුණි.ජීවිතයේ කිසිම දාක මා මෙන්ම ඇයද මෙවන් මොහොතකට මුහුණ දී නැති බව සැබෑවකි. එහෙත් ප්‍රශ්නයකදී මට නැති හයියක් තැනට සුදුසු නුවණක් ඇයට වේ.
" මේ අහන්න... අනේ කරුනාකරලා අහන්න... දෙපැත්තෙන්ම වැරදි උනා... අපේ වරද අපි පිලිගන්නවා... ඔයාලත් වරද පිළිගන්න...පුංචි දෙයක් මහා ලොකු දෙයක් කරගෙන මිනී මරාගන්න හදන්න එපා.... Please....."

තාරා නිවුනු හඩින් දෙපැත්තටම කරුණු අවබෝධ කර දෙමින් වෙන්නට යන මහා විනාශය නවතන්නට මහත් වෙහෙසක් ගති. දෙනුවන් තවමත් ආවේශ වූ වෙකු පරිදිය ඔහු මෙල්ල කිරීම ලෙහෙසි නැත.එහා පස උන් එවුන් තාරාගේ ඉඟි බිඟි වලටත් අගර දගර කතාවටත් හිත වැටී පහු බාද්දී මම දෙනුවන්ට ළං වීමි.
" දෙනුවන්.....Please... රණ්ඩු කරගන්න එපා ... අනේ අපි යමු මෙතනින් මට බයයි...."
හිතා මතා නොවුනත් මට ඇත්තම කියවුණි.ඔහුව අල්ලා සිටි අයගේ අත් ගසා දමා දෙනුවන් හැරී ම දෙස බැලීය.මගේ ඇස් මුළ කඩා වැටෙන්න ඔන්න මෙන්න කඳුළක් විය. ඔහු එය දකින්නට ඇත.
" අනුවා... ඉශ්... චම්මා .... වරෙල්ලා යන්න..."
සියල්ලෝ ආපසු හැරෙන්නට සූදානම්ය. තවමත් දඩ දඩ ගා ගැහෙන පපුවට අත තියා මා සංසුන් වෙන්නට වෙර ගතිමි.ගැහැණියකගේ කතාවට , කඳුලකට මෙල්ල කර ගත නොහැකි පිරිමින් ඇත්තන් ඒ අතලොස්සකි.තාරාගේ කතාවටත් මගේ කඳුලකටත් වෙන්නට ගිය මහා විනාශයක් වැලකුණි.
" තාරා ... එනවා යන්න...."
දෙනුවන් තාරාගේ අතින් ඇදගෙන විත් මා ළගට කර ඉස්සර විය.අප ඔහු පසු පසින් ආවා නොව දිව්වාය.ඒ තරම් වේගයෙන් දෙනුවන් කොහුවල දෙසට ඇවිද යන්නට විය.
" දෙනුවන් .... නැවතියං මචං... මොකද උඹට වෙලා තියෙන්නේ..."
අනුශ්ක දිව ගොස් ඔහු යන මග අවුරා නතර කරවීය.
" යකෝ උඹට දෙයියන්ගේ හාල් කැවිලද...බලපං තව පොඩ්ඩෙන් අරූ මැරෙනව බෙල්ල හිර වෙලා..."
"ඇයි මචං උඹ ඕක Serious ගත්තේ.. අපි කෙල්ලන්ට ඔයිට වැඩිය දෙවල් කියලා විහිළු කරන්නේ..."
" තව පොඩ්ඩෙන් අම්බානක කන්න වෙනව... උන් කුඩු කාරයොද කොහෙද... දැක්කනේ එහෙන් මෙහෙන් ඇදල ගත්ත භාණ්ඩ..."
"ඔව් යකෝ... මුන් දෙන්නා එතෙන්ට නේන්න එකෙක් මැරිලා තමා වැඩේ ඉවර වෙන්නේ..."
" අනේ මේ...... උඹලට ඒක ලොකු දෙයක් නොවුනට මට ලොකුයි...මට දුක උඹලා මට උගේ දත් දෙකක් බඩට යවන්න ඉඩ නොදුන්න එකටයි.."
දෙනුවන් දඩාස් ගා අසල බිත්තියට පා පහරක් එල්ල කලේ තවමත් පුපුරන කේන්තියෙනි.ඒ පහරේ සැරට මා ගැස්සුණි. ගානක් නැති සේ උන්නාට ඔහුට මහ හුඟක් රිදෙන්නට ඇත. කවුරුත් නොදන්නවා උනාට මේ මගේ ප්‍රේමයි.... ළඟට ගොස් ඔහු සංසුන් කරන්නට මහා උවමනාවක් හිතේ විනිද ඒ සා හපන් කමක් කරන්නට කවිතිට හිත හදා ගන්නට බැරිය.ඔහු මේ සා නපුරු වූයේ අර කොල්ලන් මට කී දේ නිසායයි සිතන විට හිතම හිරි වැටේ.
" උත්තරා... උඹ මොන මගුලටද මැද්දට පැනලා උන්ව හුරතල් කරන්න ගියේ... ආ.....?
දෙනුවන් තාරාගේ ඇගටද ගොඩ විය.
" මම එහෙම නොකලනම් බලා ගන්න තිබුණා වෙන දේ... එහෙනං මෙලහකට තුන් හතර දෙනෙක් මහ ඉස්පිරිතාලේ.. අපිටත් පොලිසී ගානේ යන්න වෙනවා..."
" මේ හලෝ ... හැම එකටම කේන්ති අරගෙන අත පය විසි කරන එක නෙවෙයි හපන් කම... හිතන් ඉන්නේ මහ ලොකු චන්ඩි කියලද...?
තාරා කතා කලේ සැබැවින්ම තරහෙනි ආවේගයෙනි.
" හරි හරී අම්මෝ .. ඒ පාර තොපි දෙන්නා මරා ගන්නද හදන්නේ...නවත්තපියව් කිව්වේ හොදේ... මටනම් මහන්සී අත පයත් රිදෙනවා මේ හෝතඹුවා එක්ක පොර බඳලා ..."
චාමිකර කීවේ අත පය පිරිමදිමින් පොඩි වූ ෂර්ට් එක සකසමිනි.
" මචං මොනවා උනත් උඹ කල වැඩේ මං අගය කරනවා.. අනිත් හැම කෙල්ලම ශේප් එකේ මාරු වෙද්දි උඹ කවිතිත් එක්ක එකතු වෙලා කට්ටිය Cool Down කරපු එකනම් වෙලාවේ හැටියට සෑහෙන්න වටිනවා..."
අනුශ්ක තාරාගේ පිටට තට්ටුවක් දමා කීවේ සැබෑවටම ඇයව අගය කරමිනි.
" මටත් කියන්න තියෙන්නේ ඒකමයි මචංලා ... තාරා මමත් කැමති උඹ වගේ ඕන බාල්දියකට ඔලුව දාන්න පුලුවන් රියල් කෙල්ලෙකුට...මොකද කියන්නේ උඹත් තනිකඩ... මමත් තනිකඩ... අපි දෙන්නා එකතු උනානම් කොච්චර ලස්නට තියේවිද..."
ඉශාන්ගේ ඒ කතාවට අප එක හඩින් සිනා සීමු. දෙනුවන්ගේ පවා තොල් පෙති සෙලවෙනවා මා දුටිමි.ඒ සිනාවත් එක්කම හැමෝගේම හිත් මඳකට සැහැල්ලු විය.
"ඇප්ලිකේශන් එකක් දීලා බලන්න මම සලකලා බලන්නම්කෝ....."
" අඩේ.... අමතක උනානේ... ඒයි දෙනුවනයා.... ලෑස්ති කරපං අපිට Party එකක්.."
" ඒ මොන අහවල් එකකටද බං..."
" ඇයි බං මෙච්චර කල් එකට හිටපු අපිත් අර ගෝතයට පිං සිද්ධ වෙන්නනේ දැනගත්තේ මේ අපේ කවී උඹේ කියල..."
ඒ කතාව සිහිව ආයෙම අලුතින් හිත හිරි වැටුණි.
" මොකක්..."
දෙනුවන් ඇසුවේ ඔහු එවන් දෙයක් කීවාදැයි විශ්වාස නැතුව මෙනි.
" ඇයි යකෝ...උඹ අරූගේ බෙල්ල හිර කරගෙන මුළු නුගේගොඩටම ඇහෙන්න කෑ ගැහුවේ... එයා මගේ... එයා මගේ කියල..."
ඉශාන් අනුශ්කගේ බෙල්ලෙන් අල්ල සොලව සොලවා දෙනුවන් කල සේ රග පා පෙන්වීය.
දෙනුවනුත් මාත් හැරෙද්දී අනිත් සැවොම එයට සිනා වෙන්නට විය.ඔහුගේ මුහුණ සැනෙන් වෙනස් විය.දෙනුවන් මහා අපහසු තාවයකට ලක් වූ බව හැමට වැටහුණි.දෙනුවන් පිස්සුවෙන් මෙන් කී ඒ වදන් ආයේ ආයේ සිහිව ඇස් කකියන්නට විය.දෙනුවන් වහා මා ඉදිරියට ආවේය.
" මැඩම්... සොරි වෙන්න ඕනේ වැරදි දෙයක් කිය උනානම්... ඒක වැඩිය හිතට ගන්න එපා හොදේ... මං කැමති නෑ මාත් එක්ක ඉන්න කිසිම කෙල්ලෙක්ට පිටින් ඉන්න උන් කැත කතා කියනවට... ඒකයි මට තද උනේ..."
" උඹලටත් මං මේ කියන්නේ... ආයේ ඔය කතාව විහිළුවටවත් ඇදලා ගන්න එපා හරී..."
දඹර ඇගිල්ල උලුක් කොට හැමෝටම එසේ පවසා දෙනුවන් ආයෙම හැරී නුගේගොඩ දෙසට යමින් තිබු බසයක දුව ගොස් එල්ලුණි.අනුශ්කත් ඉශානුත් ඒ පසු පසම ගොස් ඔහුට එකතු වුණි.
මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ වෙව්ලන්නට වීමි.කිටි කිටියේ මා තාරාගේ අත තද කොට මිරිකා ගතිමි.මහ පාරේ මට ඉකි ගැසුණි.තාරා මෙන්ම දෙනුවන්ගේ මිතුරන්ද මා සනසන්නට නොයෙක් දේ කීය.
" කවී දන්නවනේ එකගේ කටේ රගේ... ඔයා ඕවා ගනන් ගන්න එපා... "
" මේ දවස්වල ඕකගේ වයර් මාරු වෙලා ඉන්නේ...ඒකයි ඔය පිස්සු කෙලින්නේ..."
දෙනුවන්ගේ හැම නපුරු කමක්ම අමතක කලත් දෙනෝ දාහකට ඇසෙන්නට කෑ ගසා ඔහු කී දේ අමතක කරන්නට ඉතින් මට හැකි වේවිද ?
" තාරා ඔයා කවීවත් එක්කගෙන පරිස්සමට යන්න ... අපි අරූට කෝල් කරලා කොහෙද ඉන්නේ බලලා අපිත් යනවා...
දෙනුවන්ගේ අනිත් සගයොත් එතැන නවතිද්දී අපි ඔවුන්ට සමුදී පිටත් වුණි.
" කවී මට මහන්සී බං අරුන් එක්ක කියවලා කියවලා කටේ කෙළත් හිදිලා යමං අපි මොනා හරි බොමු..."
අසල තිබූ Devon එකට තාරා ඇතුලු වූයේ මගේ අත අත නොහැරමය.නොකීවාට මටද තද පිපාසයක් දැනෙමින් තුබුණි.මුලු ඇගම ගිනි ගන්නවාක් මෙනි.ඇතුලු වූ ගමන් මා පුටුවක් මතට බරවීමි.තාරා ඔරේන් ජූස් දෙකක් රැගෙන විත් මා ඉදිරියෙන් වාඩි වූයේ ලොකු කතාවකට මුල පුරන්නට බව මට ඉවෙන් මෙන් දැනුනි.
" පහුගිය විනාඩි ගාන මතක් කරනකොට මගේ ඔලුව විකාරයි කවී...මං දන්නවා උඹත් ඉන්නේ ෂොක් වෙලා කියලා....මේවා අපේ ගෙවල් වලින් දැන ගත්තොත් උඹටයි මටයි ක්ලාස් කෙසේ වෙතත් නුගේගොඩ දිහා බලාගෙන බත් කන එකත් තහනම් කරයි..."
මා වචනයක්වත් නොකියා එක හුස්මට වීදුරුව හිස් කලෙමි. ඇය කියන්නේ සැබෑවකි.නිකමට හරි අනුහස් අයියා මේවා දැනගත්තොත් මේ තියෙන නිදහස නැති වෙනවාමය.ඔහු තාරාටත් මටත් ගෙදරට ගුරුවරුන් ගෙන්වා ටියුශන් දෙන්නට ලෑස්ති කරනවා සිකුරුය.එසේ උනොත් දෙනුවන් දැකීම සිහිනයක්ම වන්නේය.මේ සියල්ල සිහිව හිත නොසන්සුන්ය.
" ගල් ඉබ්බි වගේ බකන් නිලාගෙන මොනාද කල්පනා කරන්නේ මටත් කියපංකෝ..."
මේසය මට රැදි මගේ සුරත් මිරිකා තාරා විමසයි.කියන්නට කොතෙක් දේ වුනිද මට කට ඇර ඒ කිසිවක් කියන්නට හැකියාවක් නැත.
" කවී... මේ බලපං... උඹ මේ වෙචච උඹට ඇහිච්ච හැමදේම අද මෙතන මේ මොහොතේ ඉදන් අමතක කරන්න ඕනෙ හොදේ.... දෙනුවන් කිව්වා වගේම උඹ ඒවා හිතට ගන්න යන්න එපා හරී... එහෙම උනොත් උඹෙ විතරක් නෙවෙයි තව ජීවිත ගනනාවක්ම අවුල් වෙන්න පුලුවන්... තෙරෙනවා නේද කවී මම උඹට කියන දේ..."
දෙනුවන් මේ තරම් කලබගෑනියක් කලේ නිකමට නොවන බව මට මෙන්ම උත්තරාටද දැනෙන්නට ඇත. එහෙත් ඈ එය නොදන්නවා මෙන් මට කියන්නට ඕන දේ කියා දැමීය.යාන්තං මුවට සිනාවක් නගා ගෙන මා තාරාගේ සුරත මිරිකා ගතිමි.ඉතින් ඈ කියූවා මා පිළිගන්නට ඇතැයි ඈ සිතන්නට ඇත.

~~ මතුසම්බන්ධයි ~~



15 comments:

  1. යකෝ කාවයියෝ මම කිවුවා කියලා හිතා ගැන හරිය කෝ දෙනවා කියපු දිග කොටස ????????????????

    ReplyDelete
  2. ලක්ෂ් -
    අනේ මගේ අත රිදෙනවා ඔච්චර ටයිප් කරනන් බෑ එක පාර

    ReplyDelete
  3. ඇත්තටම හරි ආසවෙන් කියෙව්වා කවියො.. ඔයාගේ මුලු කතාවම එකපාර කියවන්න තිබුනනම් ගති... නුගේගොඩ වලිය ගැන කියනකොට මමත් එතැන හිටියා වගේ දැනුනා.. එක විස්තර කරනකොට අත දිගහැරලා අතර අතට වනන් යන්න හිතුනේ.. අයේමත් මම නුගේගොඩ පංති ගියා වගේ දැනුනා..

    කරැමේ කියන්නේ දැන් නුගේගොඩ ඉස්සර වගේ ලස්සන නැ... ලක්ෂ්ගේ කතාවට මමත් එකගයි ටිකක් වැඩිපුර දෙන්න බැරිද ඔයාගේ කතාව හරිම රසවත්

    ReplyDelete
  4. Pooh - ස්තූති පූ හැමදාම වගේ අදත් මම ඔයාගේ රසවත් කොමෙන්ටුවක් බලා පොරොත්තුවෙන් හිටියේ.අම්මෝ මෙයත් වලි හොයන් බලෙන් යන කෙනෙක් වගෙ හික්ස්.... හ්ම් ඔව් නුගේගොඩ මීට අවුරුදු හය හතකට කලින් තිබුනා වගේ නෑ තමා

    ReplyDelete
  5. ane kawiyo maara lassanai ane...api clz giya kaale aaye aaye mathak karala denawa kawi oyaa..godak lassana sundara kathaawak..eth awasane dukakne :(.. ithiri kotas denakan maga balan innawa.

    ReplyDelete
  6. මොනවා උනත් එනපොට නම් හොද නෑ.. මේ කතාවේ දෙනුවන්ට වගේම සම තැනක් අනුහස්ටත් දෙනවනම් නේද හොද.. එතකොටයි තුන් කොන් ප්‍රේමය කොයි වගේද කියලා අපිට තේරෙන්නේ.. නැත්නම් අනුහස් ගැන අඩුවෙන් ලියවෙද්දි අපිට හිතෙන්නේ කවි දෙනුවන්ට ලැබුනනම් හොදයි කියලා.. මේ මගේ අදහසක් විතරයි අක්කේ..

    ආ ඒක නෙමෙයි තාරා තාම තනිකඩ කිවුවානේ.. අපිටත් ඇප්ලිකේශන් එකක් දාන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete
  7. Dinesh - හි හී තාරාගේ ඇප්ලිකෙශන් එක මට තමා බාර ගන්න ඕනෙ. මට දෙන්න මම එයාට දෙන්නම්.බලන් ඉන්නකෝ තව ඉස්සරහට වෙන දෙවල් දිනේශ් මල්ලි

    tweety -
    හ හා කලබල වෙන්න එපා ට්වීටි කෞඩ කිව්වේ අවසානේ දුකක් කියල හි හී

    ReplyDelete
  8. අඩේ අප්පේ මෙන්න මේකේ මමත් ඉන්නවා...අඩේ කවි අක්කේ තාරාවෙක් බැරි නං හංසයෙක් හරි කමක් නෑ කතාවෙන් හරි මට සෙට් කොරල දුන්නු එකට බොට පින්...උම්මා...උම්මා..

    සමකොනි ත්‍රිකෝණයක් වෙන්න වගේ ඒ පාර නං යන්නේ....අඩේ ලස්සනයි අක්කේ..අපිත් ඉස්කෝලේ යන කාලේ ගවුන් කෑලි වලට කෙළගත්ත කාලේ මතක් උනා...ඊලග කොටසත් ඉක්මනටම දාන්න හොදේ..

    ReplyDelete
  9. සිම්බා මලයා - හි හී එකනේ මලයෝ මම කී දෙයක් නොකර ඉද නැත.හ්ම් ඔව් ඉස්කෝලෙ යන කාලේ අපිට ඉතින් මේ කොල්ලන්ගේ පැණි හැලිලි දැකලම අප්පිරියයි.මේ වගේ සිද්දි අනන්ත වෙලා තියෙනවා

    ReplyDelete
  10. @kawi
    e kiyanne awasaane kadulak neweida...soine ane hurre..onna awasaaneta adeuwoth man bolath ekka thala wenawa onna...

    ReplyDelete
  11. tweety - අයියෝ ඉවසපන් බන් කෙල්ලේ මුලින් අඩවනන්ම් පස්සේ හිනස්සන්නම් ඔනෙනම් ආයේ අඩවන්නම්

    ReplyDelete
  12. kawi-hinassala adawanna epa..oni nam adawala hinassanna ode..aaye nam adawanna epa anthimetama hinaama wemu ...?

    ReplyDelete
  13. අපෝ අර දිනේශ් අයියා මෙහාටත් ඇවිල්ලා ඇප්ලිකේශන් දාන්න.අරෙහෙ කේතකීටත් ඇප්ලිකේශන් දාලා..

    හරිම ලස්සනයි අක්කෙ කතාව.. හෆ්ෆා.. නුගේගොඩ පන්ති ගිය කාලෙ ආයෙත් මතක් වුනා.. හරිම ලස්සනයි!! ඩෙවෝන් එක, නොලිමිට් එක ළඟ, බෝ ගහ, හැම දෙයක්ම හොදට දැනෙන්න ලියලා.. හැබැයි මාත් එකඟයි දිනේශ් අයියාගෙ කතාවට, අනුහස් ගැනත් ලියන්න..

    ප.ලි- මේක ඇත්ත සිදුවීමක්ද?

    ReplyDelete
  14. මම බය වෙච්චර පාර චම්මා කියපුවහම :D

    ReplyDelete
  15. හිතුවක්කාරි - ඒකනේ හිතූ දිනේශ් ගෙ වැඩේ ඇප්ලිකේශන් බෙදන එක තමා.මේ ඉතින් මමත් කාලයක් කරක් ගහපු පැත්තනේ හිතූ. ම් ඇත්ත කතාවක්ද නිර්මාණය කල එකක්ද බලන්න දිගටම රැදී සිටින්න හොදේ

    ChammA - හි හී මේ ඒ චම්මාමද..... ස්තූති පැමිණ්මීමට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.