සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Apr 20, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 3

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 1

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 2








තල් රුප්පාවේ ගෙවෙන ඊළඟ දවසට ඉර ඇහැරෙද්දි අපි සූදානම් උනේ ලංකාවේ එක කෙළවරකට යන්න.ඒ තමා පේදුරු තුඩුව.අපි නැවතිලා හිටපු මනිප්පායි නගරයේ ඉදන් 35Km විතර දුරක් යන්න ඕනෙ.පාරනම් තැන් තැන් වලින් බොහොම අබලන්.ඒ වගේම තමා මාර්ගයේ අලුත් වැඩියා කටයුතුත් සිදුවෙනව.ඉතින් බොහොම හිමින් තමා ගමන.ඒ යන මග දෙපසම අපි දැක්කෙ සරු සාර කෙසෙල් වගාවන්.ඒවා දැකලා අපිට යාපනේ කෙසෙල් වල රස බලන්නත් ආසාවක් ආවා.අතර මග කඩේකින් අපි ලොකු කෙසෙල් ඇවරියක්ම ගත්ත.


පේදුරු තුඩුව

ඔන්න ඒකත් කකා අපි කිට්ටු වුනා පේදුරු තුඩුවට.දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා හරියටම දුර මැනලා ලකුනු කල තැන තමා මේ ඉහල පින්තූරයේ තියෙන්නෙ.අපේ ලංකාවේ දිග 432Km නෙ.පේදුරු තුඩුවට එන ගොඩක් අය මේ තැන දන්නේ නෑලු. ගොඩක් අය ප්‍රදීපාගාරය බලල යනවා මිසක් මෙතනට එන්නේ නෑ ලු.දැන්නම් පාරේ පොඩි බෝඩ් කෑල්ලක් ගහලා තියෙනවා. හමුදා මුර පොලකුත් මෙතන තියෙනවා.ඔන්න අපේ නඩයෙන් ඉස්සෙල්ලාම දුවලා දුවලා ගිහින් මේ ලංකා කොඩියට අත ගැහුවේ මම තමා.ඔන්න මම දැන් ලංකාවේ ඒ කෙලවරටයි මේ කෙලවරටයි දෙකටම ගිහින් තියෙනවා.අප්පේ එකත් ආඩම්බර වෙන්න කාරණාවක් නොවැ.



එතන හමුදා මුර පොලේ හිටිය අපේ හමුදා සොයුරනුත් බොහොම සුහදව අප සමග කතාකලා.අප සමග චායාරූපයකට පෙනී සිටින්නත් ඔවුන් අමතක කලේ නෑ.පෙදුරු තුඩුවේ සිට කොඩිකාමම් කියන නගරය හරහා ගොස් නැවතA9පාරට වැටෙන ලඟම සහ ලේසිම පාරකුත් ඔවුන් අපිට කියා දුන්නා.


ඒ මග ඔස්සේ ඇවිත් අපේ ඊ ළඟ නැරඹුම් ස්ථානය උනේ රාත්‍රිය නිසා යන ගමනේදී මග හැරුණ අලිමංකඩ ට සේන්දු වීමයි.අද බොහොම නිසසලව සමාදානව තිබුනට මේ එදා කුරිරු යුද්ධයේ බිහුසුණුම අඩවියක්.කොළඹ උන්න අපිත් ඒ දවස්වල අලිමංකඩ එහෙම නැත්තන් Elephant Pass කියද්දි භීතියෙන් තැති ගත් අවස්ථා තිබුණ.අලිමංකඩ හේතු ගණනාවක් නිසා අති විශේෂයි.යාපන අර්ධද්වීපයේ ආරම්භය සනිටුහන් වෙන්නේ මේ අලිමංකඩින්.ඒ වාගේම ස්වාභාවිකව ලංකාවේ ලුණු මිදෙන එකම ලුණු ලේවාය පිහිටලා තියෙන්නෙත් මෙතැන.ඉර බහින හැටිත් ඉර නගින හැටිත් ලංකාව එකම තැනක ඉදන් නරඹන්න පුලුවනන්ම් ඒත් මෙතැනමයි.හිමිදිරි පාන්දරම ආවානම් ඒ අසිරියෙන් එක කොටසක් වෙන ඉර නැගීම අපිටත් බලා ගන්න තිබුණා කියල එතන හිටපු හමුදා සොයුරෙක් අපිට කිව්ව.


ස්මාරකය අසලට ඈතින් පෙනෙන ලේවාය

අලිමංකඩදී කාගෙත් නෙත මුලින්ම දිව යන්නේ උස් බිමක පිහිටලා තියෙන රණ විරු ස්මාරකයට.කලකට ඉහත මෙතැන තිබිලා තියෙන්නෙ යුධහමුදා සේනාංකයක්.ඔව් අර වීර සෙබළ සොයුරා කෝප්‍රල් ගාමිණී කුලරත්න දිවි පුදා රැක ගෙන තිබුනේ මේ ස්ථානයේ සිටි සෙබළ සොයුරන්ව තමා.මේ වෙනකොට ඒ සේනාංකයේ බොහෝ දෙනෙක් තමුන්ගේ ලේ කඳුලු දහඩිය විතරක් නෙවෙයි තම ශරීරය පවා මේ පොලවට සාරයක් කරල ඉවරයි.අලිමංකඩ මහ යුධ පිටියේදී අපේ විරුවන් 2000 හෝ 2500 පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.ඒ හෑම විරුවෙක්ටම ප්‍රණාමයක් පිණිස ඉර නැගෙද්දීත් ඉර බහිද්දීත් මේ ස්මාරකයේ ජාතික කොඩිය ඔසවලා ඔවුන්ට ගෞරව කරනවා.



අනිත් හැම තැනකදීම වගේ මෙතනදීත් යුධ හමුදා සොයුරන් මේ හැම දෙයක්ම අපිට පැහැදිලි ලෙස කියා දෙනවා.ඒ කතා අහද්දී හැමෝගෙම ඇස් වලට කඳුළු උනන එක නවත්තන්න අමාරුයි.කවුරුවත් නවත්තගන්න අසීරු උත්සහයක යෙදෙන්නේත් නෑ.ඒවාත් හිමින් සීරුවේ ගලාගෙන ගිහින් මේ මහ පොලවටම එක්කාසු වෙනව.ඔවුන් වෙනුවෙන් නාඬන ඇසක් මොකටද ...? ඒ රණ විරුවා කියූ එක වදනක් ගලේ කෙටූ අකුරු මෙන් මගේ හදවතේ සදහටම රැදුණ.




" මේ යාපන අර්ධද්වීපය පුරාම ඔයාලට පයට පෑගෙන හැම වැලි කැටයකම තියෙන්නෙ අපි වගේ සොදාදුවන් විසින් හෙලපු රුධිරය...ඔවුන්ව කිසිමදාක හදවතින්වත් යුධබිමෙන්වත් අපි තනිකරන්නේ නෑ..."

ඉතින් එය සැබෑවක්ම නොවේද...? ඔවුන් දිනා දුන් දේශයේ අද අපි මේ විඳින නිදහස් සුවයට අපි ඔවුන්ට සදා ණය ගැති නොවේද...?




අතිශය සංවේදී කතාවක් අවසන අපි ආයෙත් යන්නේත් ඒ වාගේම කතාවක් අහන්න.ඒ තැනට තව Km දෙක තුනක් යාපනය පැත්තේ සිට ඉස්සරහට එන්න ඕනෙ.(අපි මේ යාපනේ ඉදන් එන ගමනනෙ )අර හමුදා ස්මාරකය තියෙන තැන ඉදන් මේ කිලෝමීටර් ගනනාවම ඉස්සර තිබිලා තියෙන්නෙ හමුදා කදවුර.ඊළඟට තමා හසලක ගාමිණී විසින් පැන දිවි පිදූ බුල්ඩෝසරය හමුවන්නේ.පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්දාස් ගාණක් පටවගෙන කදවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන්න තමා මේ බුල්ඩෝසරය ඇවිල්ල තියෙන්නෙ.එදා එහෙම එන අවස්ථාවේ අද මේ බුල්ඩෝසරය ප්‍රදර්ශණයට තියලා තියෙන හරියේ තමා ගාමිණී මුරට ඉදල තියෙන්නෙ.බුල්ඩෝසරය පිටිපස්සෙන් තව කොටි හමුදාවක්ම වෙඩි තිය තිය ඇවිල්ල තියෙනවා.ඒ වෙඩි වරුසාවලින් බේරී බෙරී ගිහින් අපේ විර සෙබළා මේ බුල්ඩෝසරේට නැගලා එයාගේ අතේ තිබුණ අත් බෝම්බ දෙක මේ ඩෝසරයේ උඩ තියෙන පුංචි කවුළුවෙන් ඇතුලට හෙලලා තම ජීවිතයෙන් වන්දි ගෙවල වෙන්නට තිබූ මහාවිනාශයක් වලක්වල තියෙනව.ඒ මහා උත්තම ගුණයට උපහාරයක් පිණිස ලොව ප්‍රථම වරට පරම වීර විභූශණ සම්මානයෙන් මේ වීරයාව පුදල තියෙනව.ඒ කතා අහද්දී ආයෙමත් ඇස් වල කඳුළු අලුත් උනා.අපි හැමෝම ඒ මහා වීරයාට හිස නමා ආචාර කලා.


හසළක ගාමිණී දිවි දුන් බුල්ඩෝසරය



මුහුදු කොටි නායක සුසෙයිගේ වාහනය


හසළක ගාමිණී වීරයා දිවි දුන් බුල්ඩෝසරයට අමතරව මෙතැන තවත් කොටින්ගේ වාහන ගනනාවක්ම ප්‍රදර්ශණයට තියල තියෙනවා.එවාත් නරඹලා අපි ඊළඟට පිටත් වුනේ කිලිනොච්චිය බලා.එහිදී පාර අයිනේම තියෙන්නේ 2008 දී කොටින් විසින් පුපුරවා හරින ලද කිලිනොච්චියේ මහා ජල ටැංකිය.ඒක පොළව බදාගෙන ඉන්න හැටි දැක්කම උන් අපේ රටට කරල තියෙන විනාසය මොනවට පැහැඳිලි වෙනව.


පෙනවනේ සද්ධන්තයා බිම වැටිලා ඉන්න හැටි

ඊලඟට අපි පහු කරන්නේ කිලිනොච්චියේ රණවිරු ස්මාරකය.පතොරමක් බිත්තියක් පසාරු කරගෙන යන ආකාරයට නිම කරල තියෙන ඒ ස්මාරකයනම් හරිම කලාත්මක අදහසක් පාටයි.


කිලිනොච්චි ස්මාරකය

ඉතින් තව ලියන්න බොහේ දෑ තිබුණත් පෙන්නන්නට රූප බොහෝ තිබුනත් යාපනයේ සංචාරය මෙතනින් නිමා කරන්නට හිතුවා.මේ සටහන නිමා කරන්නට කලින් මම ඔයාලට මෙහෙම කියන්නම්.

ඉඩක් තියෙන වෙලාවට ගිහින් එන්න ඒ පැත්තට.යුද්ධයේ කුරිරු බව මොහොතකට හරි අපිට හදවතටම දැනෙන්නනම් ඒ දෙවල් බලන්න ඕනෙ , අහන්න ඕනෙ අපේ විරුවන් ජීවිත පුදා අපිට දිනා දුන් අපේ මතෘභූමියේ නිදහසේ හුස්මක් අරන් එන්න යන්න. ඒකත් එයාලට කරන ගෞරවයක් වේවි.

8 comments:

  1. ලබන අවුරුද්දේ ලංකාවට ගියාම යන්නයි හිතාගෙන ඉන්නේ අක්කේ..

    ReplyDelete
  2. Dinesh - ම් එක හොදයි දිනේශ් මල්ලි

    ReplyDelete
  3. ලස්සන විස්තරයක්.

    ReplyDelete
  4. අපිත් ගියා ඔහෙ.. වැඩි හරියක් ගතකලේ මුලතිව් වල.. පේදුරු තුඩුව පැත්තේ යන්න ලැබුනේ නෑ. යාපනේ ගියා.. ප්‍රභා ගේ ගෙදර බලන්න ගියාද??? තට්ටු හතරක් පොලව යටට මාරයි!

    මේ මං යාපනේ/මුලතිව් ගැන දාපු පොස්ට් එක>> http://matharayek.blogspot.com/2012/03/ltte-aftermath-in-sri-lanka.html

    ReplyDelete
  5. අසරණයා - ස්තූතී

    මාතරේ - ගියා ගියා මගේ කලින් පෝස්ට් වල බලන්නකො මේ 3 වෙනි කොටසනේ. මම ඔයාගේ බ්ලොග් එකටත් යන්නම්කෝ

    ReplyDelete
  6. ලංකාවේ ඉදලත් යන්න බැරි උන එක ගැන දුකයි.. එත් අන්තිම හුස්ම යන්න කලින් දවසක යනවාමයි.............

    ReplyDelete
  7. Pooh - අපොයි එච්චර කල් ඉන්න එපා බොල පූවො එතකොට මේවා නෑ

    ReplyDelete
  8. මං අදයි මේක දැක්කෙ දැක්ක ගමන් එක හුස්මට ඔක්කොම කොටස් ටික කියෙව්වා..ටික වෙලාවකට යාපනෙ ගිහින් ආවා වගෙයි...මෙහෙම හරවත් දෙයක් කියවන්න ලස්සනට ලිව්වට ස්තුතියි කවියො..
    ඔන්න දවසක ආයෙත් අපි කට්ටියම යං එ පැත්තෙ හොදෙ ..(හැබැයි මේ පූවගෙ කටට ප්ලාස්ටර් ගහලා තමයි ගෙනියන්න ඕනා නැද්ද කවියො)

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.