සඳට බැළුම් හෙලූ අය

Apr 30, 2012

ආදරය යනු.........

                                                                      

                                                               මේ දවස්වල මම දුකින්.  ඒ ඇයි කියලා කට්ටිය දන්නවත් ඇතිනේ. මගේ හුරතලා මාව දාල යන්න ගියානේ. මුලින් මම හිතුවේ එයාට මොකක් හරි අනතුරක් වෙලාවද්දෝ කියල. ඒත් දෙවියන්ගේ පිහිටෙන් එහෙම නෑ. මොකද එයා අපේ ගෙදර වත්තෙම එහෙ මෙහෙ දුවනවා අපි දකිනවා.ඒකිට මහ විසේ. කොල්ලෝ  එකක් නෙවෙයි හතර පස් දෙනෙක්ම ඉන්න පාටයි.ඕන වෙලාවක රංචුව පිටින් නැටිල්ල.මාව දැක්කම ළඟට එන්න වගේ ඇවිල්ලා ආපහු දුවනවා.එහෙම හරි කමක් නෑ එයා ඉන්නවා දැක්ක නිසා මගේ හිතට දැන් හොදයි.ඊයේ අපි එයාටයි එයාගේ රංචුවටයි වත්තේ ගහක ලෑල්ලක් ගහලා ඒක උඩට කන්නයි වතුර භාජනේකුයි තිබ්බා.එයා බඩගින්නේ හිටියොත් අපිට කන්න හිතෙන්නෙත් නැහැනේ දැන් ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

                                                            ඊලඟට ඉතින් මම මේ ප්‍රශ්නේ නිසා පහුගිය දවස්වල හිටියේ නාහෙන් අඬ අඬ මූණ කොරහක් කරගෙන කියලා බලාධාරියා විසින් සියළු දීමනා කපලා තිබුන.දැන් එවා යථාතත්වෙට පත් කරගන්නත් ඕනෙනේ.ඊයේ ඉරිදා නිවාඩු දවසනේ රෑට කන්න අපි රොටී හදන්න සූදානම් වුනා. එයා පොල් ගානවා මම   ලුණුමිරිස් හදන්න  රතු ලූණු සුද්ධ කරනවා.

          ඔන්න ඒ අතර සිදුවූ කතා බහ.



" බබා ඔයා කියෙව්වද  අර පාලම කඩාගෙන කළු ගඟට වැටුණ පෙම්වතී බේර ගන්න පෙම්වතාත්  ගඟට පැනල ඒත් දෙන්නම මැරිලනේ.... නිකමට හරි මට ඔහොම දෙයක් උනානම් ඔයත් මාව බේර ගන්න පනිනවද....? "

" පිස්සුද.... මට පීනන්න බෑනේ..."

මේකා ගත කටටම කියාපි. අයියෝ මට  දුවලා ගිහින් ළිඳට පනින්න හිතුනා.මම  මූණ කොරහක් විතර කරගත්තා.ඔන්න එහෙම උනාම  උන්දෑ අත්දැකීමෙන්ම දනන්වා රෑට රොටි කන්න වෙන එකක් නෑ කියලා.ඉතින් ඒ නිසා ඔන්න මාව ශේප් කරන්නද කොහෙද ලඟට කිට්ටු උනා



" මේකනේ සුදූ මම දන්නවනේ ඔයා කීයටවත් ඒ වගේ පාලමකින් එගොඩ වෙන්නෙ නෑ කියලා ඉතින් ඔයා යන්නේ නෑ කියන්නේ ඔයාව ගඟට වැටෙන්නෙත් නෑ ඔයාව බේරගන්න මට පනින්න වෙන්නෙත් නෑ...."


ඇත්ත  මමනම් කෝටියක් දෙනවා කිව්වත් ඒ වගේ පාලමකට අඩිය තියන්නේ නෑ නේන්නම්.ඒ වගේ ලී පාලමක නෙවෙයි මේ හොද හයියට හදලා තියෙන කොන්ක්‍රීට් පාලම් වලින් යනකොටත් මම පන බයයි. ඔය දෙහිවල ගුවන් පාලමෙන් එහෙම යනකොට මට හිතෙන්නෙම  මේක කඩාගෙන වැටෙයි කියලමයි.ඒකනම් තව කමක් නෑ කියමුකෝ



අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා රඹුක්කන. රඹුක්කන කිව්වාට රඹුක්කනෙනුත් එහා තමා ගම. බොහොම සුන්දර ගම්මානයක්.කඳුහෙල්, ඇල දොළ , මනරම් වෙල් යායවල් වලින් පිරුන පුදුමාකාර ලස්සන පරිසරයක්. අපේ එ නැන්දලගේ ගෙදරට වාහනේකින් යන්න බෑ. වාහනේ මග  දලා පයින් යන්න ඕනෙ සෑහෙන දුරක්.ගමන ජොලි මට ඒ ජොලිය එපා වෙන්නෙ හේතු දෙකක් නිසා. එකක් කූඩැල්ලෝ මග දිගට උන්ගෙන් හම්බෙන සංග්‍රහ වල අඩුවක් නෑ.ඊඊඊඊඊ....... මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා.ඒ වගේම ගෙදරට යන්න  ඒදඬු තුනකින් එගොඩ වෙන්න ඕනෙ. ඒක තමා අමරුම කාරිය.මමයි මගේ අක්කණ්ඩී දෙන්නම පන බයයි මේ ඒ දණ්ඩේ යන්න.


ඔය එක ඒදණ්ඩකින්නම් ගොඩ වෙන්න තියෙන්නෙ ඒ තරම් ගැඹුර නැති දිය පාරකින්.අක්කයි මමයි දෙන්නා කරන්නේ සෙරප්පු ගලවගෙන  කලිසම් නවාගෙන ඇලට බැහැලා මඩ නාගෙන ඕකෙන් එ ගොඩ වෙන එක. වතුර  මඩ නොගෑවී අගේට ඒ දණ්ඩෙන් ගිහින්  එ ගොඩ වෙන්න තියෙන එකට අපි දෙන්න මේ කරන විකාර වලට කට්ටියගෙන් හොදට ලුණු ඇඹුල් ඇතුව අහගන්නවා


අනිත්  ඒ දඬු දෙකෙන්නම් එහෙම  බැහැලා යන්න බෑ. ඒ  දියපාරවල් දෙකම ගැඹුරයි.අක්කගේ පොඩි උන් දෙන්නා අපූරුවට කාටත් ඉස්සෙල්ලා ඕකෙන් එගොඩ වෙනවා.උන් ඉතින් දන්නවයැ බය කියන්නේ මොකක්ද කියල. අපි දෙන්නා නටන්න තියෙන ඔක්කොම වන්නම් නටනවා ඕකෙන් එගොඩ වෙන්න. ඉස්සරනම් මට මල්ලි තමා උදව් කරන්නේ.අක්කයි මමයි තරගෙට වගේ එතනදී කෑ ගහන කෑ ගැහිල්ලට අපේ නැන්දා කියන්නෙ  මුළු පලාතම දන්නවා කියලා අපි ගමට එනවා කියල.කාටද ඉතින් ආඩම්බර... එහෙම හරි අපි ගමට එනවා කියලා කට්ටිය දැනගන්න එකත් ලොකු දෙයක්නෙ.


දැන් ඉතින් මේ ගමට මම දෙතුන් වතාවක් මගේ  අයිතිකාරා එක්ක ගිහින් තියෙන නිසා එයා දන්නවා මගේ හපන්කම්.අයියෝ ලැජ්ජාවේ සන්තෝසේ බෑ.ඒකනේ ඔය චන්ඩියා වගේ කිව්වේ මම කීයටවත් ඔය ලී පාලමෙන්නම් එගොඩ වෙන්නෙ නෑ කියල. ඒත් ඉතින් එහෙමයි කියලා මේකා මගේ මූණ බලාගෙන කියපු කතාව කොහොම අමතක කරන්නද... ඒකට වෙනම දවසක් දාගෙන  රණ්ඩු කරන්න වෙනවා.

ඒක පැත්තකින් තියලා පොඩියකට අපි දැන් හැරෙමුකෝ අර පාලමෙන්  වැටුන සහ පැන්න දෙන්නා දිහාට.ඇත්තටම ඒකනම් හද කම්පා කරන සිද්ධියක්.තමන්ගේ පෙම්වතිය බේරගන්න  ගඟට පැන්න ඔහුනම් සැබෑ පෙම්වතෙක්.ඒත් ඉතින් මට හිතුන දෙයක් තමා තමන්ට හරියට පීනන්න බැරිනම් වැටුණ කෙනාව  බේරගෙන ගොඩට ගේන්න බෑ කියලා විශ්වාසනම් එයා ගඟට නොපැන  පෙමවතී බේර ගන්න වෙන විදියකට උත්සහ කරන්න තිබුනා නේද කියලා.අඩුම ගානෙ කෑ ගහලා කට්ටියවත් එක් රැස් කර ගන්න තිබුණා නේද කියල.මේ කලු ගඟ අවට පීනන්න කිමිදෙන්න දන්න අය  ඕන තරම් ඇති අන්තිමට එයාලට උනේ එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් හොයන්න කාලය මිඩංගු කරන්න උන එක. ගැහැණු ළමය ගොඩ ගන්නකොට යාන්තං පණ තිබිලත් තියෙනවනේ.අනේ තව ටිකක් ඉස්සර උනානම් ඒ ජීවිතේ රැකෙන්නත් තිබුණනේ.මන්දා මටනම් එහෙම හිතෙනවා.අන්තිමට මට පිළිතුරක් දෙන්න අමාරු ප්‍රශ්නයක් ඉතුරු උනා.



ආදරය කියන්නේ එකට ජීවත් වීමටද...? එකට මිය යාමටද......?








   කියන්නකෝ බලන්න කට්ටියගේ අදහස් .


22 comments:

  1. මං නං ආදරේ ගැන වැඩිය දන්නෑ.. ඒත් ඉතිං ආදරේ කියන්නෙ ජීවත්කරවන්න ඕන දෙයක් මිස මරවන්න ඕන දෙයක් කියලා නෙමෙයි මම නම් දකින්නේ.. ලේන් පැටියා ඉන්නවා නම් අවුලක් නෑ..

    මේ ඒක නෙමේ රණ්ඩු කරගන්නෙපා අප්පා.. දැං අහලා තිබ්බෙ වෙන අයට කතා කරන්න බැරිද කියලා.. ඔය ක්ෂණික මොහොතට ඕවා මතක් වෙන්නෙ නෑ නෙ. තමන්ගෙ කෙනා බිමට වැටෙද්දි කොහොමද බලං ඉන්නෙ.. :/ මටනම් බෑ..

    ReplyDelete
  2. මම නම් කියන්නේ ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම.

    ReplyDelete
  3. ආගන්තුක යා - ඔව් අපි මොනවා කිවත් ඒ වෙලාවේ ඒ අවස්ථාවට මූණදුන් කෙනා තමා ඒක දන්නේ.හදිස්සියට කලබලයට අපි මොනවා කරයිද කවුද දන්නෙ.ඔව් ඔව් ලේනා ඉන්නවා ඒ ගැනනම් මට පුදුම සතුටුයි

    ReplyDelete
  4. බට්ටි - හ්ම් ඔව් එකත් හරි

    ReplyDelete
  5. ආදරයට අර්ථකතනයක් දෙන්න පුළුවන්ද? මම නම් හිතන්නේ නෑ!

    ReplyDelete
  6. මේක කියවලා පැය ගානක් යනකං ඔයාගේ අන්තිම ප්‍රශ්නේ ගැන කල්පනා කලා.. බොන්න පුලුවන්නම් බිලා හිතුවත් උත්තරයක් හොයාගන්න බැරි පුරස්නයක්..
    අර බට්ටි කියලා තියෙන කතාවටමාත් එකගයි ආදරයෙන් එකට මැරෙනකං ජිවත් වුනානම් හොදයි තමයි..

    මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි.. තමන් නැති වුනොත් තමන්ට ආදරය කරන කෙනා කොහොම ජිවත් වේයිද කියන එක.. එක හිතේ තියාගෙන දෙන්නාම පරිස්සමින් ජිවත් වෙනවානම් හොදයි....

    ReplyDelete
  7. ඕකට උත්තරේ මම තාම දන්නෙ නෑ... ඉස්සෙලම ආදරේ කරන්න කෙනෙක් හොයාගෙන, එයත් එක්ක සාකච්චා කරල නිගමනේකට ඇවිත් කියන්නම්...! :D :D

    ReplyDelete
  8. පූසා අයියා කිව්වා වගේ අඅදරේට අර්ථකතන දෙන්න බෑ මං හිතන්නෙ. ඒක හරි සංකීර්න හැඟීමක්.. හැබැයි ඔය අහලා තියෙන ප්‍රශ්නෙට මම කැමති උත්තරේනම්, මැරෙනකම් එකට ජිවත් ව්එන එක තමා..

    ReplyDelete
  9. පූසා - ඒකනේ හරිම සංකීරණ ප්‍රශ්නයක්

    ReplyDelete
  10. Pooh - හි හී ඕකට ඉතින් බීලා විසදුම් හොයන්න කිව්වේ කවුද ? මමනම් හිතන්නේ අපි ආදරේ කරන අය වෙනුවෙන් අපි ජිවත් වෙන්න ඕනෙ කියලා.

    ReplyDelete
  11. මාතරේ - අනේ එහෙනම් මේ අසරණයාට ඉස්සෙල්ල ආදරේ කරනන් කෙනෙක් මුනගැහේවා

    ReplyDelete
  12. හිතුවක්කාරි - ඔව් හිතූ ඒක තමා හරි

    ReplyDelete
  13. මේ පැත්තේ මුලින්ම ආවේ අද. හොඳ බ්ලොග් එකක්. බුක්මාර්ක් කරගත්තා.

    ReplyDelete
  14. චතුර බුද්ධික - බොහොම ස්තූති සාදරයෙන් පිලිගනන්වා ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න එන්න

    ReplyDelete
  15. ආදරය කියන්නේ එකට ජීවත් වී එකට මිය යාම යැයි කියා මට සිතේ.
    මිය යාම කියල මම කිවේ ජීවිත වලින් සමු ගන්න එක නෙමෙයි.
    එක්කෙනෙක්ට කලින් අනිත් කෙනා මැරුනොත් එයාගේ හිතේ තියන ආදරය තාවකාලිකව මිය යාම. අනේ මන්ද දැන් මං කියපු එක හරියට මට තේරෙන්නෙත් නෑ වගේ

    ReplyDelete
  16. සරලයි කියලා හිතුවට හරි සංකීර්ණ ප්‍රශ්නයක් නේ !! මට පීනන්න බැරි නිසා (ලොකු ලොකු ගඟවල් වල ) මම එයත් එක්ක ඒවා ළඟට යෑමෙන් වැලකී සිටිනවා. :ඩී එතකොට ඔය පුරස්න නෑනේ අපි සැමදා එකට !!

    ReplyDelete
  17. ඒ ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ කියලා විශ්වාස කරන්නේ...

    ReplyDelete
  18. මටනම් ඒ කොල්ල කරපු දේ හරි කියලා, පීනන්න බැරුව හරි එයා ඕන වුනේ තමන් මේ ලෝකෙ වැඩියෙන්ම අදරේ කරන කෙනාව බේර ගන්න. මම හිටිය නම් මමත් කරන්නේ ඔය ටිකමයි. අනික තමන්ගෙ පෙම්වතියව ආරක්ෂා කර ගන්න එක පෙම්වතාගෙ යුතුකමක් වගේම වගකීමක්.

    ඔය පාලම නම් මට බොහොම සොඳුරු තැනක් :) ඒ දෙන්නටත් එහෙම වෙන්න ඇති. ඒත් අවාසනාවට ඒ බලාපොරොත්තු ඔක්කොම හීනයක් වෙලා, හැබැයි ඒ දෙන්නගෙ ආදරේ අමරණීයයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  19. පැතුම් [සිතුම් පැතුම්]ඔයා කියපු දේ මට තාම තෙරුනේ නෑ බලමුකො තව දෙතුන් පාරක් කියවලා හිතලා

    ReplyDelete
  20. චූටි පුතා - සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔන්න මමත් ඒ පැත්තෙ ගියා.හි හී ඔයත් මගේ අයිතිකාරයා වගේ තමා.අනතුර වෙන්න කලින් අනතුරින් වැලකෙන්න බලනවා ඒකත් හොද දෙයක්

    Dinesh - ඔව් ආදරේ වෙනුවෙන් ජීවත් වෙලා ආදරේ ජීවත් කරවීම තමා හොද

    ReplyDelete
  21. Lokkaiyaa - ඔව් ලොක්කයියේ ඒ පෙම්වතා කරපු පරිත‍යාගය සුලුවෙන් හිතන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒකනම් සදා අගය කල යුත්තක්.එයා එයාගේ ආදරයට සාදාරණය ඉෂ්ට කලා.

    ReplyDelete
  22. වෙලාවට ලකියාට පිහිනීමට හැකිය.ඵ්ත් ගගට වැටිමට කෙනෙක් ලකියාට නැත.පලමුව කෙනෙක් සොයා ගත යුතුය.ඉන්පසු ඇය ගගට වැටුනොත් ලකියාද ගගට පැනීම බ‍ඩෙ බත් ව‍ෙග් සුවර්ය.ආදරය ගැන අදහස් පැවසිමෙන් ලකියා වැලකි සිටිමි.ඵනමුත් ඵකක් කිව හැකිය.ඵනමි ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නමි නැති.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...