සඳට බැළුම් හෙලූ අය

May 7, 2012

නුඹේ ප්‍රේමය මට.........







ආදරය විලක්
නුඹ එහි පිපි සුවඳැති මලක්
නැහැ විඳිනට ඉඩක්
එක සුවඳ බිඳක්.......

ආදරය මලක්
නුඹ එහි සුවඳ රොන් පොඳක්
තවරන්න දෙතොල එහි ටිකක්
නෑ පුංචි ඉඩක්.......

ආදරය වෙහෙර බිමක්
නුඹ එහි සුදු බුදු රුවක්
බැතියෙන් පහනක්
දල්වන්න නෑ පිනක්......

ආදරය කඳුළු සයුරක්
නුඹ එහි එක රළක්
ගත්තත් පාත්වී දෝතක්
රඳවන්න බෑ එක බිඳක්......



ප/ ලි කලකට පෙර ලියන ලද්දකි

10 comments:

  1. ආදරය කඳුළු සයුරක්
    නුඹ එහි එක රළක්
    ගත්තත් පාත්වී දෝතක්
    රඳවන්න බෑ එක බිඳක්......

    ඇත්ත තමා අක්කෙ!! රදවන්න බෑ තමා.. :(

    ලස්සනයි කවි ටික..:) කතාව කෝ?? මම දැන් ඒ කතාවට පිස්සු වැටිලා.. ඉක්මනටම දාන්න කතාව..

    ReplyDelete
  2. හිතුවක්කාරි - තාම ටයිප් කරනවා නගෝ ඉක්මනටම දෙන්නම්කෝ

    ReplyDelete
  3. ආදරය සද එළියක්
    ඝණ කළුවර මකන්නක්
    නමුදු හද දකිනු බෑ හැමදාමත්
    අවැසි විට පායාවි හිතට කෙමෙන්..

    ReplyDelete
  4. මං මේ ආවමයි. ලස්සනම ලස්සන කවි පෙලක් අක්කියෝ.. :)

    ReplyDelete
  5. Dinesh - ලස්සනයි දෙනේශ් මල්ලි

    ReplyDelete
  6. නිදහසේ නවාතැන - ස්තූති පැමිණීමට.... ඉඩක් ලැබුනම ඇවිත් යන්න එන්න

    ReplyDelete
  7. සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක්..
    සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය හීනයක්..!!

    ස‍ඳට ලියූ කවි පෙලට.. මසිත වැටෙයි වසඟයට!! (ඔක්කොම කවි ගැනයි කිවුවෙ හොඳේ??)

    ReplyDelete
  8. ඉඩක් ඇත්තේම නැහැ වගේ

    ReplyDelete
  9. කලාබර කිවි - ස්තූති ඔබට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...