සඳට බැළුම් හෙලූ අය

Jul 23, 2012

රත්තරං ඔයාගේ ආදරේ....


මුඳු සමන් පිච්ච මල් සුවඳක් වගේ
හීනියට හීනියට
පාවෙලා ඇවිල්ලා
හදවතේ උඩම මහලට වැඩිය
රත්තරං ඔයාගේ ආදරේ
පන්සලක සිල් සුවඳ වගේමයි

දළදාවේ තේවාව වෙලාවට
උන්හිටි ගමන් ඇද හැලෙන
හීන් හිරි පොද වගේ
නොකියාම හදිස්සියෙ හිතට එන
රත්තරං ඔයාගේ ආදරේ
නුවර වැවේ දිය කඳ වගේමයි

හීතළම මීඳුම් සළුවක වෙළි වෙළී
ආදරේ මිහිරිතම සුව විඳින
කප් සුවහස් කාලයක් නොවෙනස්ව
සමනළුන් වන්දනාවේ යනෙන
රත්තරං ඔයාගේ ආදරේ
මේ මහා සමන්ගිර වගේමයි



මතකද ඔයාට....... මේ ඔයා වෙනුවෙන් මම ලියපු පළවෙනි කව...මේක ලියල මම ඔයාට MSN එකේ දැම්මා මට ලස්සනට PHOTO SHOP කරලා දෙන්න කියලා.කියන පරක්කුවට ඔයා ඒක හදල මට එව්වා . මේක ලිව්වෙ කාටද කියලා ඔයා මගෙන් ඇහුවේ නෑ... මම කිව්වෙත් නෑ... ඒත් මම වගේම ඔයත් දැනගෙන හිටියා නේද මේක ලිව්වේ ඔයාට කියල...? වචන වලින් නොකියා ඇස් වලින් නොකියා වසරකටත් එහා හිත් වලින් විතරක් කතා කරපු ඒ ආදරේ මොන තරම් ලස්සනයිද නේද...?

අන්තර්ජාලයේ ගොඩක් තැන් වල මම ඔයා වෙනුවෙන් ලියපු ඔයා මට ලස්සනට හදල දීපු මේ කවිය මම පළ කලා.අපේ නම් කපල ඒ ඒ අයගෙ නම් දාගෙන වෙන වෙන අයත් මේක එයාලා ලියපු විදියට දාලත් අපිට අතටම අහු උනා.ඒ කාලෙනම් මම දුක් උනා ගොඩක්.. ඒත් ඔයා කිව්වෙ ඒ ගැන සතුටු වෙන්න තව කෙනෙක් කොපි කරනවා කියන්නෙ ඔයාගේ නිර්මාණේ සාර්ථකයි කියන එක කියල. ඇත්ත .... ඒක එහෙම වෙන්න ඇති.

මේ කව ලියන්න කලින් මම කොච්චරක් කවි ලියලා තිබුනත් මේකට පස්සේ තව කොච්චරක් කවි ලිව්වත්.... ඔයා දන්නවද..... අදටත් මගේ අතින් ලියවුන හොදම කව මේක... මම ආසම කවිය මේක.මේ කවිය ලියද්දි ඔයා ගැන මගෙ හිතට දැනුන බැතිබර හැඟීම් අවුරුදු හතරකට පස්සෙ අදත් එහෙමමයි.එදා ඇහින්වත් නොදැක හීනෙන් අත පත ගාපු ඒ ආදරේ අද ළඟින් ඉදන් විඳිනකොට සත්තයි මේ කවියටත් වැඩිය සුන්දරයි.

43 comments:

  1. ලස්සනයි අක්කියෝ..

    අඩම්බරයි බට්ටිට
    මයෙ අක්ක ගැනටත් වඩා
    නුඹේ ඔය තියෙන
    පේවෙච්චි ආදරේ ගැන

    ප.ලි. ඒතකොට අයියා නෙට් ලෝකෙන් ලැබුන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූති බට්ටි නගා...හ්ම් හ්ම්... ඔව් ඔව් ඒයා මේ ලොකෙන් හොයා ගත්ත කෙනෙක් තමා

      Delete
  2. නි


    යි.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත්...??? රාජ සම්පත් වල ට පිං සිද්ධ වෙන්න අද අපිට කරන්ට් එකත් පැය දෙකක් නෑලු අප්පා

      Delete
  3. පන්සලක සිල් සුවද වගේ කීවම හරිම පහන් හැගීමක් ඇතිවෙනවා .
    හැමදාමත් ඒ ආදරේ ‍රැකගන්න .

    ReplyDelete
  4. කෝ මම මේක කලින් දැකලා නැනේ

    ලස්සනයි කාවයියා

    ReplyDelete
    Replies
    1. හයියූ මම මේක පරණ වෝල් එකෙත් දැම්මනේ

      Delete
    2. හයියූ මම දැකලා නැනේ

      Delete
  5. හරිම ලස්සන කවි පෙල අක්කේ.. ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආදරේ දෝරෙ ගලන කාලෙට තමා ලස්සනම කවි ලියවෙන්නෙ... ඒක මේ දවස්වල ඔයත් හොදට දන්නවා ඇති නේද?

      Delete
  6. මාරම ලස්සනයි යාළු..

    ඇත්තටම අපිව කොපි කරනවා කියන්නේ කෙනෙක් අපි ඇත්තටම සාර්ථකයි! :) ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු..... ඒත් පුංචි දුකක් හිතට දැනෙනවා කිසිම හිරිකිතයක් නැතුව සමහරු මේ දේ කරනකොට

      Delete
  7. කවී මං මේක ඇත්තටම කලින් දැකල තියනවා.මුලින්ම අද මං මේක කියවද්දී මම හිතුවා "මේක මං කලින් දැකල තියනවා" කියලා Comment කරන්න ඕනි කියලා.ඒත් සම්පුර්නෙන්ම කියවද්දී මං ගැනම තරහක් ආව ඇයි මං ඇහෙම හිතුවේ කියලා.

    any way....

    හුගාක්ම ලස්සනයි කවී මේ පද වැල.මටත් හිතට හුගක් දැනුන මේ කවිය.

    ReplyDelete
    Replies
    1. හයියූ එහෙමද මම මේ ටික නොලිව්වනම් එහෙම මටත් නරක නමක් ගෑවෙනවා ... මේ කවිය ඒ දවස්වල ගොඩක් වෙබ් සයිඩ් වල මම දැම්මා.

      Delete
  8. වාව් කවි පෙල නම් හරිම ලස්සනයි අක්කියෝ..ඇත්තමයි කියන්න වචන නැති තරම්..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  9. ඇඬේනවනේ තනි ඇහැට...
    ඔන්න පින්කරපු කොල්ලො.

    ReplyDelete
  10. ලස්සන කවි පෙළක්... හිත් ආදරෙන් පිරෙනකොට ලස්සනම කවි ලියවෙනවා... සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා ඔයාව මෙහෙට, ස්තූති

      Delete
  11. ලස්සනම ලස්සනයි අක්කියෝ :)
    ජය!!!!

    ReplyDelete
  12. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  13. මේ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  14. පතන ආදරේම හිමිවේවා ...

    ReplyDelete
  15. පුදුම ලස්සනයි!!! ඔයාගෙ ආදරේ ජීවිතෙ තියෙන තාක් නෙවෙයි..ඊටපස්සෙත් ඔයාගෙම වෙන්න ඕනෙ.. හැම අඅත්මෙකම ඔය ලස්සන ආදරේ රැඳෙවා කියන එක තමා මගේ ප්‍රාර්ථනාව..

    ReplyDelete
  16. හෙහෙ මෙන්න බොලේ වැඩක්...මෙකි කවි ලියලානේ අර අහිංසක අයියව දැපනේ දාගෙන තියෙන්නේ...ඔයාල මාර වාසනාවන්තයි අක්කි...ගොඩ දෙනෙක් අහිමි වුනු දේවල් ගැන කවි ලියන කාලෙක ඔයාට හිමි වුනු දෙයක් ගැන සතුටෙන් හිතන්න පුළුවන් හැමදාමත්....සුභ පතනවා ඔයාලා දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. හික් හික් එහෙම තමා ඇත්තටම මම වාසනාවන්තයි තමා ඒගැනනම් මට පුදුම සතුටුයි

      Delete
  17. //අවුරුදු හතරකට පස්සෙ අදත් එහෙමමයි.එදා ඇහින්වත් නොදැක හීනෙන් අත පත ගාපු ඒ ආදරේ අද ළඟින් ඉදන් විඳිනකොට සත්තයි මේ කවියටත් වැඩිය සුන්දරයි.//

    අද ඔබ විවාහ වී ඇතැයි සිතමි... මේ සුන්දරත්වයේ ආයුෂ බොහෝ දිගු වන්නට පතමි...

    සිරාගේ පැරණි පෙම්වතියක කෝකිල ස්වරයෙන් ගී ගයන එකියක් වූවාය.. කාර්යාලයේ වැඩ වලින් හෙම්බත් වූ දිනෙක ඇය අමතා දුරකථනයෙන් ඇය ලවා ගීතයක් ගායනා කරවා ගත් ඒ සුන්දර අතීතය මට මේ පෝස්ටුවෙන් පසු මෙනෙහි විය... ගී ගැයූ කෝකිලාවිය දැන් වෙනෙකෙකු වෙනුවෙන් ගී ගයයි... එහෙත් අප තවමත් මිතුරන්ය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති සුභ පැතීමට , ඔව් අද මම විවාහ වෙලා ඒ ආදරේ විඳිනවා, ඔයාගේ කෝකිලාවී ඔයගෙම කරගන තිබුනනෙ අපරාදේ.

      Delete
    2. අපිට අපවත් අයිති නැති ලෝකෙක තවත් කෙනෙකු අයිතිකර ගන්න වෙර දැරීම හරසුන් දෙයක් කියලා තමා මට වැටහුනේ..

      Delete
  18. හා හා හරිම ලස්සනයි අක්කේ.ඔයාගෙ බ්ලොගෙන් කියවපු හොදම කය්ය මේක තමා..
    අර අහිංසකයා පිස්සු වැටෙන්න ඇති...D මොකද මාත් කවිය කියවලා දැහැන්ගත වුණා.

    ReplyDelete
    Replies
    1. හි හී එයා මටයි මගේ කවි වලටයි තමා පිස්සු වැටුනේ, ස්තූති වර්ෂා

      Delete
  19. ආදරේ පටන් ගන්න දවස් වලම තමා ලස්සනම කවි ලියවෙන්නෙ නේද කවියෝ,, ඔව් ඔයා කිව්ව වගේ ඔය තරම් හිතට ලං වුන කවියක් ආයෙ කවදාවත් ඔයාගෙ අතින් ලියවෙන එකක් නෑ ඒකනම් සහතික ඇත්ත ..හැබැයි ආයෙත් දවසක එහෙම එකම එක කවියක් ලියයි ඔයා ඒ දවස ගැන මං ඒ දවසටම කියන්නම්කො ;)

    ReplyDelete
    Replies
    1. ඔව් නිශියෝ කොච්චර කවි ලිව්වත් මේක තරම් මහේ ගිතට වැදුණු කිසිම කවියක් නෑ,හෑක්......... ඒ කවදා මොකටද බොල හනේ මට හිත්තෙන්නෙ නෑනේ ඒ කවදටද කියල

      Delete
    2. හිටු පොඩ්ඩක් ඉවසලා කොහොමත් මාස 9 ට වඩා ඉන්නම වෙනවා බොට ..

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...