සඳට බැළුම් හෙලූ අය

Aug 8, 2012

ඉදලා ඉදලා ගැලෙව්වා හොදම දත...






ටික දොහක ඉදන් මම බොහොම නිශ්ෂබ්දයි.වැඩි කතාවක් බහක් තියා හිනාවක්වත් නෑ.හිටි හැටියේ සිද්ධ වෙච්ච මේ වෙනස මගෙ මහත්තය පොඩ්ඩටනම් පුදුම තරං සතුටක් උනා.එයා හිට්යේ මාර ජොලියේ.එයාගේ මේ ජොලියට හේතු උනේ මගේ දතක් ගැලෙව්ව එක.ඉඳලා ඉඳලා මගේ එක දතක් ගැලෙව්වම මට මෙච්චර අමාරුනම් මං හැමදාම එයාගේ දත් ගලවද්දී එයාට කොහොම අමාරු ඇද්ද කියලා මට පොඩ්ඩක් හිතලා බලන්නලු.උන්දෑ ඔය කියන දත් වගේද අප්පා මේ හැබෑ දත් ???? ගලවලම බලන්න එපැයි දැනෙන සනීපේ.ගලවලා සතියක් දෙකක් පහු වෙලත් මට නිකං මතක් වෙනකොටත් ඇග පත හිරි වැටෙනවා.

මේ කුළුඳුල් දත් ගැලවිල්ල හමාර කලාමනම් මට දැනුනේ නිකං යුද්ධයක් ජය ගත්තා වගේ ගතියක්.ඇයි ඉතින් අද ඊයේ ඉදන්යැ මාසම හත අටක් තිස්සේ මේක ගලවන්න කියලා දොස්තර ගාවට යනවා ආයේ හැරිලා එනවා... ආයේ යනවා ආයේ හැරිලා එනවා.යාංතං දත නරක් වී ගෙන එනකොටම ගිහින් පුරව ගත්තනම් අද මේ දුක නෑ නේද කියලා දැන්නම් හිතෙනවා. ඒත් ඉතින් මට පොඩි කාලේ ඉදන්ම දොස්තර භීතිකාවනේ.මට ලෙඩක් හැදුනම , දොස්තර ගාවට යමු කියලා කවුරුම හරි කියනවා ඇහුනත් ඇති ඕනම ලෙඩක් සනීප වෙනවා.ඒ තරමට මට දොස්තර සහ බෙහෙත් භීතිකාව තියෙනවා.ඕං ඔය භීතිකාව හින්දා තමා මේ අහිංසක දතට මෙච්චර හරියක් උනේ.මුලින් කැක්කුම ආවම ගනන් නොගෙන මාස ගානක් හිටියා, ඊට පස්සේ අපේ උන්දා චොකලට් කේක් කන එක තහනම් කරලා දත රිදෙනවා කියලා කිව්වට එයා පැත්ත හැරිලවත් බලන්නේ නෑ කියලා තර්ජනය කලාට පස්සේ ඔන්න හිත හදාගෙන ගියා දොස්තර ලඟට.ඒ වෙලාවෙත් කැක්කුම තියෙන නිසා එයාට මුකූත් කොරන්න බෑ කිව්වා.. ඇයි වදේ දත් දොස්තරට කොරන්න බැරිනම් කාටද පුලුවන්???? මට එහෙම හිතුනත් මම ඇහුවේ නෑ.දතට තාවකාලික පිරවුමක් දාලා සතියක් බොන්න කියලා බෙහෙත් තොගේකුත් ෆාමසියට ලියලා දීලා ඒක බීලා සතියකින් එනකොට දතේ x ray එකකුත් අරන් එන්න කියලා එයා කිව්වා.කාලා වරෙන්කෝ.... වෙන කොහෙ කොහෙ x ray කරන හැටිත් හිතා ගන්න පුලුවන් උනාට දතක් කොහොමද x ray කරන්නේ කියන එක මට හිතා ගන්නම බැරි උනා.ඒකනම් හැබැයි හිතපු තරම් මහා ලොකු දෙයක් නෙවෙයි.මම හිත හිත ඉන්නකොට x ray අරගෙනත් ඉවරයි.

අමාරුවෙන් බෙහෙත් එහෙම බීලා x ray එකත් අරගෙන ඊ ළඟ සතියේ දොස්තොරෙස්තො ගාවට ගියාම අනේ එයා කියාපි

මේක පුරවලා වැඩක් නෑ... මේක ගලවන්න ඕනෙ කියලා...

ඒක ඇහුනා විතරයි මම අර දත් දොස්තර පුටුවෙන් නැගිට්ටා.

අනේ Doctor අද බෑ එහෙනං මම වෙන දවසක එන්නම් කියලා මම එළියට ආවා.එදා එහෙම එලියට ආපු මම ඊට පස්සෙත් මාස ගණනාවක් ඇතුලතදි දෙපාරක්ම නොම්බර අරන් දොස්තර ළඟට ගිහින් මගේ නොම්බරේ කිට්ටු වෙනකොට සත්තලන්ට නහයෙන් අඬලා අඬලා එළියට ආවා.තව මාස ගණනාවක් ඔහොම ගොඩ ගියත් අන්තිමට මටම තේරුනා මේක තියන් ඉන්න තියන් ඉන්න මටම තමා විඳවන්න වෙන්නේ කියල.ඊට පස්සේ මම දත් ගලවලා අද්දැකීම තියෙන දන්න කියන සේරගෙන්ම අහලා බැලුවා දතක් ගලවනකොට කොහොමද කියල. හැමෝම වගේ කිව්වේ

අවුලක් නෑ.... ආ..පෝ... දැනෙන්නෙවත් නෑ.... බය වෙන්න දෙයක් නෑ.....

ඔන්න ඔය වගේ ඒවා.බලාගෙන යනකොට එකෙක්ටවත් කිසි අමාරුවක් නෑ.හරි එහෙනං මමත් ගලෝනවා දත.මම එහෙම එක හිතින්ම හිතා ගත්තට මගේ සත්තලන්ටනම් මාව තඹ සතේකට විශ්වාස නෑ කිව්වා.හැරිලා එන්නේ නෑ කියලා සත්තයි කියලා මාව පොරොන්දු කරගෙන තමා උන්දෑ මාව දොස්තර ළඟට එක්කං ගියේ.මං එතන්ට ගියාම දොස්තර නර්ස්ල විතරක් එවෙයි එතන සුද්ධ පවිත්‍ර කරන ඇන්ටි පවා දන්නවා මේ අර " පිස්සු සමයම " කියල.මගේ වාරේ ආවම ඇස් දෙකේ කඳුලුත් පුරෝගෙන සත්තලන් එලියේ ඉද්දි මම ඇතුලට ගියේ හරියට උන්දැව දාලා තනියම රට යනවා වගේ දුකින්.( දැන්නම් හිනා මතක් වෙනකොට )


අර පුටුව , ලයිට් , වටේ තියෙන අඬු පඬු දැක්කම අදත් ආයේ හැරිලා දුවන්න හිතුනත් මම හිත හදාගෙන වාඩි උනා.අදනම් ගලෝලම තමයි පස්ස බලන්නේ කියලා මම තදින්ම හිතා ගත්තා.දොස්තර ලයිට් එකකට x ray එක දාලා බලලා එහෙම

මේක ටිකක් අමාරු දතක්... ඔයා දඟලනේ නැතුව ඉදලා මට උදව් කරනන ඕනේ හරිද...බයවෙන්න දෙයක් නෑ දැනෙන්නෙවත් නෑ...

ඔහොම කියන ගමන් එය මගෙ කට අරින්න කියලා දත ළඟට ඉන්ජක්ශන් එකක් ගැහුවා.අනෙ අම්මෝ මට කෑ
ගහල අඬන්න හිතුනා.ඒ තරම් වේදනාවක්... ඉන්ජක්ශන් එක මෙහෙමනම් ගලවනකොට කොහොම ඇද්ද කියලා මට හිතුනා. රිදෙන්නෙ නෑ අරක මේක කියපු සේරම උන්ව මතක් කර කර මම හිතින් බැන්න උන්ට. විනාඩියක් දෙකක් යද්දි මගේ කටේ වම් පැත්ත නෑ වගේ මට දැනුනා, යටි තොල බර වෙලා බිමට කඩං වැටෙන්න වගේ දැනුනා.තවත් ටික වෙලාවකට පස්සේ දොස්තර කට අරින්න කිව්වා. මම ඇස් පියාගෙන කට ඇරලා වෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා එක හිතට හිතා ගත්ත.දත උඩින් මොකක් හරි දෙයක් තද වෙනවා වගේ දැනුනත් කිසිම රිදීමක් දැනුනේ නෑ මම කිටි කිටියේ ඇස් දෙක තද කරගෙන හිටියා. ව්නාඩියක්වත් ගියේ නෑ

ආ... නැගිටින්න ... මෙන්න ඔයාගේ දත...

දොස්තර හීනෙන් වගේ කියනව ඇහුනම තමා මම ඇස් ඇරියේ.ඇත්ත නේන්නම් දත ගලවනවා මට දැනුනෙවත් නෑ.ඉන්ජක්ශන් එක තමා එපාම කරපු එක. මට මාර හැපී මමත් එහෙනම් ගැලෙව්වා දතක් ඈ..පැයක් දෙකක් මම ඒ ජොලි මූඩ් එකේ ඉන්න ඇති.ටික ටික හිරි ගියාම දැනුන සනීපේ..... හප්පා ඒ ගැන මොකට කියනවද.... ඔයාලත් ගලෝලම බලන්නකෝ දතක්.

73 comments:

  1. hoda wade yantham narak weddi datha puro gattu nati ekatay hamadama sattalange datha galawanawatay......

    ReplyDelete
  2. අපෝ මෙයා දැන්ද දත ගලවන්නේ??? මම ගැලෙව්වේ තුන වසරෙදි.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට හිතුනා මූණ දැක්කම ඒ කාලේ ඉදන්ම දත් ගලවන කෙනෙක් කියලා...හිකීස්...

      Delete
  3. හූ ඈ... හොඳ වැඩේ අර පිත්තලයගෙ ආ නෑ නෑ සත්තලන්ගේ දත් ගලවනවට

    ReplyDelete
    Replies
    1. ඒ දත් වගේද අප්පා මේ දත්..... හප්පා.....

      Delete
  4. හැමදාම රැට දත් මැද්දන්ම් ඔයි සෙතේ වෙන්නේ නැනේ කවියෝ දැන්ද රිදෙන්නේ

    ReplyDelete
    Replies
    1. හනේ මම මතක කාලේ ඉදන් දවසට දෙවරක් දත් මදිමි උමා

      Delete
  5. Replies
    1. ඔයාට හිනා මම විඳවපු විඳවිල්ල අයියෝ...

      Delete
  6. "ඒත් ඉතින් මට පොඩි කාලේ ඉදන්ම දොස්තර භීතිකාවනේ.මට ලෙඩක් හැදුනම , දොස්තර ගාවට යමු කියලා කවුරුම හරි කියනවා ඇහුනත් ඇති ඕනම ලෙඩක් සනීප වෙනවා.ඒ තරමට මට දොස්තර සහ බෙහෙත් භීතිකාව තියෙනවා"
    මෙන්න මේ භීතිකාව මටත් තියෙනවා.. භීතිකාවක් ම නෙවෙයි.. මට නම් සන්නිපාතේ හැදිලා හිටියත් යන් බෙහෙත් ගන්න කියනකොට කෙල්ල කෙලින්.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මට දොස්තර ළඟට යනවා බෙහෙත් බොනවා කියලා හිතනකොටම සන්නිපාතෙත් සනීපයි

      Delete
  7. මගෙත් ගැලෙව්වා.කෙලවරේම දත.දොස්තරට දත ගලවන්න දතට ලං වෙන්න බැරුව කට පුලුවන් තරම් පලල් කරන්න කිව්වා.ඒ වැඩෙන් වුනේ කට දෙපැත්ත ටිකක් ඉරුන එක. අපොයි...:((

    ReplyDelete
    Replies
    1. මේකත් කෙලවරේම දත තමා අනේ.... ස්තූති පැම්ණීමට හොදේ

      Delete
  8. හිරි ගතිය ගියාට පස්සේ තමයි ෆන්‍ එකේ උප‍රිමේ දැනෙන්නේ... හික් හික්!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙයත් ගලවලා තියෙනවා දත් හික් හික් කොහොමද සනීපෙ ?

      Delete
  9. ආහ් දත ගැලුවුනාද..අපරාද දත...

    ReplyDelete
    Replies
    1. අපරාදයක් තමා අනේ.... සාදරෙන් පිලිගන්නවා මෙහෙට

      Delete
  10. අම්මෝ ඇති යන්තම් දත ගලවගත්තා :D

    ReplyDelete
    Replies
    1. ඔව් දැන්නම් එහෙම හිතෙනවා

      Delete
  11. හපොයි මෙහෙමත් කෙනෙක්.... හිනා අප්පා මෙව්වා කියවනකොට.මගෙ ආදරීත් ඔහෝම්ම තමා ඉන්ජෙක්සන් කිව්වම හූ තියලා දුවන ජාතියෙ කෙනෙක්.ඉන්ජෙක්සන් ගහද්දි දත්මිටි කාගෙන අහල පහල අහුවෙන එකෙක්ගෙ බෙල්ලක් මිරිකගෙන තමා ඉන්නේ...

    හම්මේ තාම මගෙ දත් ගලෝලා නෑ ගලවන්න වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරන්න වෙනවා දැම්ම තියාම... සත්තලන් කිව්වම මාතලන් වගේ නම් මතක්වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිකීස් එයා මාතලන් කෙනෙක්නම් නෙවෙයි.... මම ආදරේට කියන කතානේ ඔය. ඔව් අප්පා දත්නම් ගලවන්න සිද්ධ වෙන්න එපා කාගෙවත්

      Delete
  12. අපිත් ගලෝ ගත්තනේ දත්..
    අඩෙ අප්පා...
    ෆුල් ආතල්..

    ReplyDelete
    Replies
    1. මටනම් ගැලෙව්වට පස්සෙයි ආතල් ....

      Delete
  13. හෆ්ෆා.. මගෙ දත් දෙකක්ම ගලවලා තියෙනවා.. එකක්නම් පොඩි ඔපරේෂන් එකක් කලා.. දත විදුරුමහෙන් උඩට ඇවිත් නැති නිසා, හම පලලා තමයි දත ගැලෙව්වෙ.. හෆ්ෆා.. මැහුම් දැම්මා.. ඒකනම් මට එපාම වුනා.. සති 2ක් විතර යනකම් අමාරු වුනා.. :'( මතක් ව්එද්දිත් එපා වෙනවා..

    නැත්තම්නම් එහෙම ගානක් නෑ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ මට කියවනකොටත් කලන්තෙ වගේ

      Delete
  14. හිහිහී.. අක්කියත් ජොලි දතක් නෙ ගලවලා තියෙන්නෙ.. :D
    මමත් බය ඉන්ජක්ෂන් එකට.. හිරිවැටුනමනම් ඕන තරම් කම්මුලට ගහගන්න හිතයි.. තේරෙන්නෙ නෑනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ජොලි නෙවෙයි ඒකට කියන්නේ ඥාන දත ලු

      Delete
  15. දිරාගිය දතක් නිසා එන වේදනවා වගේ හය ගුණයක්ලු දරුවෙක් බිහි කරද්දී එන ප්‍රසව වේදනාව

    ReplyDelete
    Replies
    1. අනේ .... ඔයා මාව බය කොරන්න එපා අප්පා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඕවා කියන්න එපා අලෙ මෙයා අපිව මාමලා කරන එක තව පස්සට දායි

      Delete
  16. හික්ස් මහා බයගුල්ලියෙක් නේ :ප
    දකුණේ අක්කලා ඔහොමද?? :ඩ්

    ReplyDelete
    Replies
    1. හලේ මම දකුණෙ නෙවෙයි අප්පා මම බටහිර හි හී

      Delete
  17. හාපෝ......එන්න එපා හරිය මගේ දත් ගලවන්න....:පී...

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම කියන්න හිතුනා දොස්තරයට

      Delete
  18. අම්මෝ... ඕක බැලුවම මම හිතා ගතට දවසට තුන් වතාවක්වත් දත් මදින්න..
    ඔයත් ඉතින් ඉතිරි ටික පරිස්සම් කරන්න දවසට 4 වතාවක්වත් මදින්න පුරුදු වෙන්න...හිහිහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මම දැනටත් හිටපු ගමන් 3 පාරක් දත් මදිනවා

      Delete
  19. නිකමට වගේ තව දත් දෙකක් තුනක් ගලෝලා බලමුද...? හික්ස්!

    ReplyDelete
    Replies
    1. හනෙ අප්පේ ආයේ ඉතින් කුණු වෙලා වැටුනත් මම දත් නෙවෙයි ගලවන්නෙ

      Delete
  20. හූ හූ මං කිව්වනේ මට දෙන්න කියලා ඔය දත ගලවන්න කෝ ඇහුව එකක්යෑ.මට දුන්න නම් ඉතිං x ray නැතුව හිරිවට්ටන්නෙ නැතුවම දැනෙන්නෙවත් නැතිවෙන්න දත ගලවලා දෙනවනේ..
    ආ ඒක නෙවෙයි මගෙත් ඉස්කොලෙ යන කාලෙ කකියන්න ගත්තා විතරයි චුට්ටක් පණුවො කාපු දතක් පණ්ඩිතයා වගේ ගිහින් ගැලෙව්වනේ.ඉතිං ඩොක්ටර් කිව්වා දත ගලවලා පුළුන් කෑල්ල තියන ගමන් දවස් තුනක් විතර යනකල් දත දිහා කණ්නාඩියකින් බලන්න එපා කියලා.කො‍හේද ඒක කිව්වට පස්සේ මට ගෙදර එනකල් ඉවසුමක් නෑ.ඇවිත් පුළුන් අයින් කල ගමන්ම අර එපා කිව්ව එකම කලා.බුදු අම්මෝ මට නම් මතක් වෙද්දිත් දැනුත් ඒවගේ කලන්තේ දාලා වැටෙන්න වගේයි වගෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් එබුවා ගලෝපු ගමන් තඩි පුලුන් කෑල්ලක් හපාගෙන ඉන්න කියලා මමනම් ඒක අයින් කරන්නවත් කට ඇරියේ නෑ අඬ අඬ හිටියා, සත්තලන් බලහත් කාරෙන් තමා ඒක අයින් කොලේ

      Delete
  21. කිවුවත් වගේ මෙයාට මේ අකක් ගලවලා අමාරුව අයියට කොම අමාරු ඇත්ද මෙයා ගලවන දත් වල හැටියට... :)

    ReplyDelete
    Replies
    1. හිකීස් ... මම හරි හොද ළමයා මම හැම තිස්සෙම දත් ගලවන්නෙ නෑ එයාගේ හැබැයි ඉදලා ඉදලා ගලවනවා ඉතින් දැනෙන්නම

      Delete
  22. //ඇස් දෙකේ කඳුලුත් පුරෝගෙන සත්තලන් එලියේ ඉද්දි //

    ඔයාටයි ඔයාගෙ සත්තලංටයි සුබ!!!!!

    ReplyDelete
    Replies
    1. හනේ නැන්දියෝ සතුටුයි ඔයාගේ පැමිණීමට , ස්තූති ඔයාට ගොඩාක්

      Delete
  23. හච්චෝ හච්චෝ..හි හි..අනේ අනේ කාව්‍යා අක්කෝ.....:)

    ReplyDelete
    Replies
    1. හපෝ..... හචීස් දාන්න එපා මෙතන මට මතක් වෙන්නෙ තරියාගෙ හොටු පින්තූරේ

      Delete
  24. හපොයි කවියො, ඔයා මාව අමතන්න එපැයි.. විනාඩියෙන් ඔයාටත් නොදැනෙන්ම මම දත ගලවනවානේ. ක්‍රම කිහිපයක් තියෙනවා ලේසියෙන්ම දත ගලවගන්න මම කැමතිම ක්‍රමය තමයි මුලින්ම දෙකේ හතරේ පොලිස් කාරයෙක්ව හොයාගෙන උට අත පුරවලා දෙකක් කෙලිනවා. ඊට පස්සේ ගලවන්න දත තියෙන පැත්තේන් කට ඇද කරලා හිනියට හිනාවෙනවා.. තප්පරයෙන් දත එලියේ..

    මේකේ මම ආසම පේලිය මොකක්ද දන්නවාද?

    ‍‍‘‘අදනම් ගලෝලම තමයි පස්ස බලන්නේ කියලා මම තදින්ම හිතා ගත්තා.‘‘ සිරාවටම කවියො මම තාමත් ක්‍රමයක් හොයනවා ගලවන්නේ නැතිව පස්ස බලන්න ක්‍රමයක්..

    ReplyDelete
    Replies
    1. අපලාදේ අප්පා දන්නවනම් මම ඔයාව අමතලා උපදෙස් ගන්නවා හි හී , ඔයා මට කෝල් එකක් දෙන්න ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ....හිකීස්

      Delete
  25. පව් අපේ අක්කිය...හි හි...

    ReplyDelete
  26. හම්බෝ ඔහොම පොඩි කාලේ දත් සුද්ද කරන්න ගිහින් දොස්තර මට කීව ඇස් දෙක පියාගන්න කියල. මම හිතුවේ ඇස් වහගන්න කියල මේක මගේ දතක් ගලවන්නයි හදන්නේ කියල. මම ඇඩුවා..හෝ ගාල. ඩොකාටත් හිනා. බැලින්නම් ඇස් දෙක පියාගන්න කියල තියෙන්නේ දත් වල ඉස්සරහ සුද්ද කරනකොට ඩස්ට් එක ඇහැට යාවි කියලා. වාව්..... අලුත් ඇඳුමක් අන්දලා, ලස්සනයි ආ අක්කේ. !!!

    ReplyDelete
    Replies
    1. බලන් යනකොට සෙරටම මේ දත් දොස්තරලා පෙන්නන්න බෑනේ, හි හී ඔව් ඔව් අලුත් ඇඳුමක් ඇන්දුවේ ඔයා කියලා දීපුවා ප්‍රයෝජනයට අරන්.

      Delete
  27. පිස්සු කෝලම නියම නම උබට කාවයියෝ

    හික්ස්ස්ස්ස් මම නම දත් 2 ගැලෙව්වා පොඩි කාලේ දැන්නම් බයයි යන්න ඉන්ජෙක්ෂන් එකට

    ReplyDelete
    Replies
    1. කෝලම නෙවෙයි අනේ සමයම , ඒකනෙ ආයෙ ඉතින් එක පාරක් ගලවපු එකෙක් යාවිද ආයේ දත් ගලවන්න

      Delete
  28. හික් හික් හික් හයියු...මට මැවිලා පෙන්නේ මේකේ අර දත් දොස්තර ලග හොටු පෙරන හැටි..අම්මප අක්කේ මටත් මෙලෝ අදහසක් නෑනේ කොහොමද දතේ xray එක ගත්තේ...xray මැෂිම බෝගේ කටේ එබුවද?

    ReplyDelete
    Replies
    1. හයියූ කියලා වැඩක් නෑ අප්පා , මම ගියේ මරන්න ගෙනියන හරකෙක් වගෙ.න් නෑ නෑ මෂිම කටේ ගැහුවෙ නෑ මොකක්ද එකක් දුන්නා දත ලගට තියලා දත කර ගන්න කියලා අනේ මට හරියට මතක නෑ අප්පා මොකො මන් සිහියකින් හිටියයෑ

      Delete
  29. හපොයි දතක් ගලවන්න මෙච්චර දුකක් වින්දද කවියෝ..එහෙම කිව්වට මොකො මගෙත් දතක් ගලවලා තියනවා කට්ට විදින එක තමයි හොදම හරිය තරු විසිවෙනවා නේද කවියො

    ReplyDelete
    Replies
    1. අනේ කියලා වැඩක් නැ නිශියෝ , ගලව්නන නෙවෙයි ගැලෙව්වට පස්සෙයි දුක් වින්දේ

      Delete
  30. අනේ මමත් හරිම බයයි දත් සම්බන්ධ වැඩ වලට.. එක සැරයක් දතක් පුරවන්න ගිහින් සංසාරෙ එපා උනා... මගෙ දත් වැඩ කරන්නෙ මගෙම යාලුවෙක්... වරෙන් රිද්දන්නෙ නැතුව වැඩේ කරන්නම් කියලා වැඩේ කරන කොට තමයි රිද්දන්නෙ.... ඔයා දන්නවද ඉන්දියාවෙ අඩු ආදායම් ලාභී අය දත් ගලවගන්නේ පේමන්ට් එකේ ඉන්න ඒ සම්බන්ධ ඉගෙනීමක් නැති හොර දත් දොස්තරලගෙන්... අමු අමුවෙ ඉන්ජැක්ෂන් මොකුත් නැතුව ගලවනවා සුටුස් ගාලා ඕනෙ දතක්...

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මෝ හොද වෙලාවට මම ඉන්ඩියාවේ ඉපදුනේ නැත්තේ මේක අහලා මට කලන්තෙ වගේ

      Delete
  31. ගලවපු දත ගෙදර අරන් ආවද ඉතින්?
    ඉන්ජක්ෂන් එක ගහනකොට රිදෙනවා නම් අනිත් දවසේ ඒක ගහන නැතුව ගලවන්නකෝ....

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ ඇහැක් ඇරලා බැලුවෙ නෑ දත දිහා

      Delete
  32. හැක්....!!
    ඔන්න බලාපියව් මේකිට හිරි වට්ටලත් මෙහෙම කියනවනම් අර අහිංසකයගේ දත් යාලු උන දවසේ ඉදලම ගලවද්දි මොනවා හිතෙන්න ඇත්ද?
    කොහොම දැනෙන්න ඇත්ද? අනේ මන්දා.....

    කොහොම උනත් මං නම් සතුටු වෙනවා මොකද දන්නවද උබට දැන් F කියන්න බෑ...

    හූ.....!! හූ....!!

    ReplyDelete
  33. පිස්සුද අනේ මම මේ යස අපූරුවට F කියන්නේ

    ReplyDelete
  34. මේක කියවලා මගේ කට හිරිවැටිලා වගේ. මොකද ඔය අති භයංකර , ඇස් නිලංකාර වෙන අද්දැකීමට මාත් මූණ දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට සේරමලා දත් ගලෝනවනේ ඈ....???

      Delete
  35. දත් දොස්තර භීතිකාවක් මටත් තියෙනවා! :)

    ReplyDelete
  36. හම්මෝ.. මතක කරන්න එපෝ.. මං පනුච්චිටත් තියෙන ලොකුම භීතිකාව ඕක තමා.. කාලෙකින් කියෙවුව භයානක කතාවක්....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...