සඳට බැළුම් හෙලූ අය

Sep 4, 2012

මේ වැස්ස දවස්වල මටත් හිතෙන ඒවා ... part 2


රිම කම්මැලී අප්පා මේ වැස්සේ මුකුත් කරන්න හිතෙන්නෑ.... හොදට පෙරවගෙන ගුළිවෙලා නිදා ගන්නමයි හිත.නවකතාවේ ඉතුරු කොටස දාන්න කියල තර්ජන ගර්ජන කෝටියයි.එත් මේ වැස්සෙ ආදරණීය වැහි කවි මිසක් කතාව ටයිප් කරන්නත් කම්මැලී.ඇඳට ගුළි වෙලා වැස්ස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට ඔන්න මට මතක් උනා මීට අවුරුදු දෙක තුනකට කලින් වැස්ස දවස්වල මම ලියපු කවි වගේකුත් බුකියේ තියෙනවා නේද කියලා.අලුත් කවි ටයිප් කරන්න තියෙන කම්මැලි කම නිසාම ඕං ඒවා ගෙඩි පිටින්ම මේකට දාන්න හිතුවා.මේ ඉතින් මම ඉස්සර අරය ගැන හිත හිත එයාට ලියපුවලු හොදේ.



35 comments:

  1. ආයියෝ.... හීනයක්ද..... මම රසකර කර කියෙව්වේ.. ලස්සන කවිය.. මූණු පෝතේ දැම්මද මේක කලින්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මේ දෙකම මූනු පොතේ තියෙනො

      Delete
  2. ලස්සන කවි දෙකක් අක්කේ.. අනේ කතාව දාන්නකෝ..මම ඊයේ නිදාගන්න ගිහිල්ලත් හිතුවා කාව්‍යා අක්කා කතාවේ ඉතුරු කොටස දැම්මේ නැ නේද කියලා..

    ReplyDelete
    Replies
    1. අලි අලී දෙන්නම් ඉවසන්ඩෝ රතූ

      Delete
  3. අම්මේ මෙයා හීනෙන් ගිහින් තියෙන දුර ?

    ReplyDelete
    Replies
    1. හීනෙන් කොයි තරං දුර යන්න පුලුවන්ද අප්පා

      Delete
  4. වැස්ස කියන්නේ පුදුම දෙයක්... ඒකට වැහිබිඳූ වස්සන්නත් පුළුවන්.. ඒ එක්කම සිත් වලට කවිසිතුවිලි වස්සන්නත් පුළුවන්...

    ReplyDelete
  5. වැස්ස කියන්නෙ පෙම්වතුන් කැමතිම කාලයක්... වෙනදට වඩා ලංවෙලා, තුරුල් වෙලා පාරෙ ගියත් කවුරුවත් නරක දෙයක් හිතන්නෙ නෑ... මටත් එහෙම අතීතයක් තියෙනවා එයාවත් ලංකර ගෙන මහ වැස්සෙ චූටි මල්කුඩයක් යට ඇවිද ගිය...අදනම් ඒ අතීතය මතකයක්ම පමණයි...මට පස්සෙ තවත් කෙනෙක් මල්කුඩේ යටින් ඇවිදින්න එයාගෙන් අවසර ගත්තා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔහොම තමා ජීවිතේ

      Delete
  6. මේ මේ පොටෝ පොඩ්ඩක් ලොකු කරන්නකො අෆ්ෆ....මට ටීනේජ් ඇදිරියද කොහෙද හරියට පේන්නෙ නෑනේ....

    ReplyDelete
  7. අපෝ වැස්ස තමා මට එපා වෙන්නේ.කොහෙවත් යන්නත් නෑනේ.එපා වෙනවා ගෙවල් වලට වෙලා තනියම් ඉන්න ගියාම

    ReplyDelete
    Replies
    1. තනිකමත් සොඳුරුයි වැස්ස වෙලාවට

      Delete
  8. අනේ මන් දැනුයි දැක්කේ නගෝ

    ReplyDelete
  9. තරුවා කිව්ව වගේ මටත් ටිකක් පේනවා මදි මදි වගේ කවී..වැස්ස නිසාද දන්නෙත් නෑ..:D

    ReplyDelete
    Replies
    1. පින්තූරේ ක්ලික් කොලාම ලොකුවට ඕපන් වෙන්නේ නැද්ද සිත් රූ

      Delete
  10. හයියෝ මං බලාගෙන හිටියේ කතාව දාවි කියලා...!...

    මේ වැස්සේ මට හිතෙන ඒවා ඇහුවොත් හෙහ් හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  11. මේ මේ.... අපිට එපා මේ පරණ ඒවා. (ඒත් ලස්සනයි අප්පා)

    අපිට ඕන කතාව. විශ්ව ට මොකද වුණේ??? විශ්වට මොකද වුණේ??

    ReplyDelete
    Replies
    1. හි හී අනේ මංදා උන්දැට මොනවා උනාද කීලා

      Delete
  12. යකෝ තී මේවා දාන දාන තැන කමේන්ට් කරලා මට එපා වේලා තියෙන්නේ...

    මේ වැස්සේ මටනම් හිතෙන්නේ.. කතාව දාන්නේ නැතිව කල් අරින තිට, තිගේ කම්පිතර් එකටයි හබියගේ කම්පිතර් එකට හෙන දෙක තුනක්ම ගහපිය.....

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි මට හෙන ගැහුවම කවුද බොල කතාව ලියන්නේ?

      Delete
  13. වැහි කාලෙට කවි ගොඩා...යි.......

    ReplyDelete
  14. kathawa noda mokadda me kolanne kawiyo...kammalikama paththakin thiyala kathawe ithuru kotasa daannako affa.

    ReplyDelete
  15. මන්දාරම් අඳුර මඳින් සිතල වැහි වැටෙන වෙලේ......
    ඔබ හා ඇවිදන් යන්නට...... මම සිටියානම්....
    ඉතින් කවි ගැන තව කවර කතාද..?
    මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියද..... ඉඳ හිට අදත් සිහි වෙනවා.... හිරි පොද දැකලා...
    හතර වටින් කළු කර ගෙන වහින වෙලාවේ.... මට මුවා වෙන්න ගසකුත් නැති සැන්දෑ වෙලාවේ......

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ සේරම වැස්ස වෙලාවෙ ලියපු ප්‍රේමණීය ගීත නේ

      Delete
  16. අපිටත් හරියට වැස්ස.. ඊයේ මම කවියක් කිවුවා.. ලිවුවේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. කවිය කිව්වේ කාටද කියලා ඉතින් හිතා ගන්න පුලුවන්

      Delete
  17. ලස්සනයි අක්කෝ..

    මේ ඔයා බ්ලොගය වෙනස් කලාද අප්පා?මොකද්ද අමුතු ලස්සනක් දැක්කා..
    කළුවරේ බලපු නිසාද මන්ද..වෙනස්වට පෙනුනේ,,
    කොහොම උනත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. බ්ලොගය වෙනස් කොරලා ටික දවසක් වෙනවනේ නගෝ

      Delete
  18. කම්මැලිච්චි, නිදිකුම්බරි ... හොර වැඩ නොකර දාපියකො කතාව(සැර වැඩිද මන්දා)
    මේවා දැකලා කමන්ට් දාලා දැන් කටපාඩම් වේගෙනත් එනවා කවියො..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...