සඳට බැළුම් හෙලූ අය

Jun 15, 2016

නුරා පෙම් හීනයක් !







මුඳු සුළඟ වැදී නිල් සළුව ලිහී
සඳ කිනිති වැටී හංස තුඩු ඇහැ අරී
මල් කැකුළ මගේ සියොළඟම වෙලි
පෙති දෙපෙති විදා බඹසරම බිදී

පිපි තඹර විලේ නිල් දියම සැලී
රස හැගුම් මුදා රණ තිසරු එතී
වීණාව බඳේ මුතු හවඩි ලිහී
විසිරෙනා අරුම මුඳු තාල බිදී

මකරන්ද කෙමී මල් පහසෙ වෙලී
රොන් සුවඳ ඉරූ බඹරුන්ට කිතී
බඳ යහන පුරා මුලු රැයම රතී
මල් සුවඳ වින්ද මඳනළට හතී

8 comments:

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...