සඳට බැළුම් හෙලූ අය
Oct 17, 2016
හඳ පළුව තනි තරුව !
මේ කතාව නිශ්ශංක විජේමාන්නයන්ගේ මා විසින් කල දෙවෙනි කියවීමයි, ගිය වසරේ තාරා මගේ දෙව්දුව කියවා ලද සතුට කැමැත්ත නිසාම මේ පොත අර ගත්තා.බොහොම ලස්සන පිටකවරයක් , අපූරු හුරුබුහුටි පොතක්.පිටින් දකින ඒ ලස්සන හුරුබුහුටි කම කතාව තුලත් බොහොම අපූරුවට ගලා ගෙන යනව.එක හුස්මට කියවන්න පුලුවන් ගතිය තියෙනව. ඒත් කලබලෙන් කියෙව්වොත් පොඩ්ඩක් පැටලැවෙන්නත් පුලුවන්.ඒ නිසා බොහොම සීරුවට කියවන්න ඕනෙ.කතාවෙ මුල පටන් ගන්නෙ ඉවර වෙන්න ඕන තැනින්.ඒ නිසාම මම අන්තිම කියවලා ඉවර වෙලා ආපහු මුල පරිච්ජේදය කියෙව්වා.එතකොට තමයි කතාව සම්පූර්ණයි කියල මට දැනුනෙ.
1818 වර්ෂයේ සිදුවීමක්, 1974 වර්ෂයේ සිදුවීමක් ඒ සේරම වර්තමානය හා බද්ධ වෙච්ච කතන්දරයක් හරිම අපූරුවට ගලාගෙන යනව.මේ සේරම අස්සෙ යටි පෙළින් ජාතිය , ආගම , දේශපාලනය වගේ සමාජීය ප්‍රශ්නත් කතාවෙනව.කොහොම උනත් අවසානයේ රසවත් හරවත් කතාවක් කියෙව්ව කියන සැනසීම හිතට දැනෙන කතාවක්.
මොහොමඩ් අනිල් සත්‍යානන්දන් මේ තමා අපේ කතාවේ නායකය.සිංහලත් නොවන දමිළත් නොවන මුස්ලිමුත් නොවන මොහු කවුද.? ඒක හොයා ගන්න කතාව කියවන්නම වෙනව ඉතින්.
'' හඳ පළුව තනිතරුව මගේ කැලිග්‍රැෆියයි.මා පෙන්වන්නේ අකුරු හා වදන් පමණි. සිතුවම ඔබේ හදේ ඇඳේනම් මගේ චාරුලේඛනමය උත්සහය ගැන මට සතුටු විය හැක.''
පොත ගැන කතුවරයා අපිට කියන්නේ අන්න එහෙමයි.
නිශ්ශංක විජේමාන්න
විදර්ශන ප්‍රකාශන
මිල - 400
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
අතට ගත්තත් කියවගන්න වෙලාවක් හොයාගන්න බැරුවයි ඉන්නෙ.
ReplyDeleteඉක්මනින්ම කියවන්න ඕන
කියවන්න වටින පොතක්... ඒ නිසා කියවලා බලන්න
Deleteශානි මේ පොත ගැන වැදගත්ම දේ දාල තියෙන්නේ අන්තිමට. ඒ තමයි " මිළ"
ReplyDeleteජයවේවා!!!
එහෙම තමා හොදම දේ අන්තිමට , හි හී
Deleteබලමු පොත හොයාගන්න.
ReplyDeleteහොයන් කියවන්ඩෝ
Deleteකළු කිරිල්ලීට පස්සෙ නිශ්ශංකගෙ පොතක් කියවන්ට බැරිවුනා....:(
ReplyDeleteමටනම් එයාගේ පොත් රහයි, මම සේරම හොයන් කියවන්න හිතා ගත්තා
Deleteකියවන්ට බැරිවුනා කිව්වෙ පොතක් හම්බවුනේ නෑ කියන එක..පොත් නීරසයි කියන එක නෙවෙයි...:)
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau