සඳට බැළුම් හෙලූ අය
Oct 14, 2016
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් !
( පින්තූරේ අන්තර්ජාලෙන්)
තාමත් ඉදහිට දවසක
පහු කරනකොට නුගේගොඩ
හැරි හැරී බලනවා බෝ ගහ යට
වැරදිලා හරි ඉන්නවද නුඹ
රොටරියට යන පාර මුල
උණු උණුවෙ වැටුන කඳුළක තෙත
නැවතිලා හිතින් අත ගා මිස
පහුකරන් යන්න තාමත් බැරි පව
ෆැබ් එකේ කෙළවරෙම මේසෙක
ගෑවි ගෑවී ළඟින් ඉදගෙන
එදා උණු උණුවෙ බිව් කෝපි උගුරට
අදයි පිච්චුනෙ පපුවෙ පැත්තම
සරසවියෙ පොත් අතර දුවනකොට
හිත මෙලෝ සිහියක් නැතුව
වැදිල නුඹෙ හුස්මක් පිටුපසින් ගෙල මුලට
අදත් ගැස්සිලා අත අතහැරුන සුනේත්‍රගෙ 'හෘද සූත්‍රය '
ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණි හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
////ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
ReplyDeleteපාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණි හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්/////////////
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්/...ඇත්තමයි....
මම ඉපදුන භූමිය. මහා මතක වරුසාවක් ...දෝරෙ ගලමින් මතකයට එනවා. නුගේගොඩ කියන්නේ මගේ ජීවිතය.
ම්ම්ම් ඔව් නුගේගොඩ කියන්න සදාදරණීය මතකයක් ගොඩක් අයට,ඒ සොඳුරු අතීතය අමතක කරන්නනම් බැරිවේව්වි කවදාවත්ම.
Deleteනුගේගොඩ ඔයාගෙ ජීවිතේනම් මේ බ්ලොග් එකේ තියෙන දෙනුවන් අනුහස නවකතාවත් කියවලා බලන්න කියල ආරාධනා කරනව.මේ පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින්
Deletehttps://kavisandalla.blogspot.com/2012/05/blog-post_23.html
නැගේ හඬ ළංළංව සරසවිය මතකයක්ද
ReplyDeleteදඟේ දෙන ළදළු බෝ ජීවිතේ නැවතුමක්ද
තිගේ නෙත සෙව්ව රුව රොටරියේ ප්‍රේමයක්ද
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්ද.......
ජයවේවා!!!
හ්ම්ම් ඔව් ඔව් ආදරේ නගරයක් තමා...
Deleteතට්ටු බිල්ඩිමකට,
ReplyDeleteසුපර් මාර්කට් එකම පමණක්,
තිබුනු එක් දුරාතීතයක,
එතන ඉඳන් හයි ලෙවල් පාරටම,
ඇවිද ගිය හැටි මතකයි අප දෙදෙන,
කොහුවල පාර ඇරඹෙනා තැන,
බෝගහ නම් එදත් තිබුනද කොහෙද,
මැච්බොක්ස් නමින් වූ සපත්තු කඩේ පිලයට,
උන්නු හැටි මතකයි වැස්සක් පායනතුරුම,
ම්ම්ම් ඒකත් සොඳුරු අතීත මතකයක්ද කොහෙද නේද ?
Deleteඒරොප්පෙන් ගෙනත් හයිකරපු ෆ්ලයිඕවර් එක
ReplyDeleteවිසඳුවාට මල කරච්චල ට්‍රැෆික් එක
නුගේගොඩ හංදියේ තිබුන කැරැක්ටර් එක
නෑ නේද දැන් .
හරියටම අපි දෙන්නා අද වගේ...!
ඔව් හැබැයි මේ පාලම නිසා හතරමං හන්දිය දුරස් වෙලා වගේ, ස්තූති චෙෆ් මහත්තයො මෙහෙ ආවට .
Deleteලස්සන වචන ටික
ReplyDeleteහැඟීම් ටික
ස්තූති බොහොමත්ම
Deleteහිරුත් හිම පියල්ලක පොතේ දයාබර නුගේගොඩ කවිය මතක් වුණා..
ReplyDeleteමාත් නුගේගොඩට ආදරෙයි.මොකද සරසවිය තියෙනවනෙ..
ඔව් ඔව් සරසවිය කියන්නෙත් මතක අහුරක්ම තමා
Delete
ReplyDeleteදයාබර නුගේගොඩ
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
කවි බූන්දි දයාබර නුගේගොඩ
Mahinda Prasad Masimbula | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
බූන්දි, අඟහරුවාදා, ජනවාරි 10, 2012 16:13:43
අවුස්සන හදවතේ ඉඩ කඩ
මනුස්සෙකි නුඹ නම් නුගේගොඩ
මතක අබරණ පළන්දා ගෙල
පාගොඩට සිය නිකට දිගු කළ
දනී සියලුම කරුණු සුල මුල
අසල එක කුස උපන් කොහුවල
සිහින සැමරුම් නහර වැල් අග
මතක මල් තාමත් පිපී ඇත
උඩඟුවෙන් හිස පලන්දා ගත්
රිබන් පටියකි අළුත් පාලම
බෝම්බෙන් කම්මුල් කැඩී ගිය
හිටගත් නෝ ලිමිට් හල
වහා කඩිසර වෙළඳ පිරිවර
ප්ලාස්ටික් සැත්කමකි සිදු කළ
මිහිරි දෑ පටලවා අත් වල
පොඩි කඳුළු බිඳු දෙකක් එ දවස
නුඹේ කම්මුල් මත ගලා ගිය
සිහිල අමතක වීද සකි සඳ?
ජීවිතේ එක පුදුම දවසක
විරහවේ නියඟින් තුවාලව
බිම වැටී දිය වී මැකී ගිය
දෑස් රිදවූ රුධිර බිංදුව
වැටුණු පෙදෙසට ගිහින් ඉඳහිට
සෙනඟ අතරේ බලමි වටපිට.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මමත් මේක කියවලා තියෙනවා බොහොම අපූරු කවියක් මහින්ද අයියගෙ
Deleteදයාබර නුගේගොඩ.
ReplyDeleteදයාබර නුගේගොඩ
අදත් ඒ වගේමයි
දහසක් මතක සිත දරා
නිහඩවම නිසලවම....
සිහිලැල් බෝධි පාමුල
ඉපදුනු සොඳුරු සෙනෙහස
කවියක්ව රැකගත්
නොමල හදවත නුඹ නුගේගොඩ....
ආදර දබර විඳගෙන
උණුසුම් සුසුම් මැනගෙන
එදත් මේ වගේමම
බලාහිටියා නුඹ නුගේගොඩ..
සීන පොදි විසි කොට
නික්ම ගියපසු මා සඳ
දෙනෙතින් ගැලූ දුක් කඳ
දරා ගත්තෙත් නුඹ නුගේගොඩ...
මෙතරම් කලක පසුවත්
දැනේ සුපුරුදු උණුසුම
මියගිය මතක පණ දෙන
හදේ කොටසකි නුඹ නුගේගොඩ
ඩබ්.කේ
2015/07/10
http://wkwijeratna.blogspot.co.uk/2015/07/blog-post_10.html
මේකනම් කලින් කියවලා නෑ බුදු අම්මෝ බලන් යනකොට නුගේගොඩට කවි ගොඩායිනෙ
Delete- A/L යනු, නුගේගොඩ -
ReplyDeleteකිරා මැන බලන විට මතකයේ තරාදිය
සිරාවට වැඩි බරක් ඒ ලෙවල් සමාධිය
කොකු එක්ක බොකු ඇවිත් දහදියම හලා ගිය
නුගේගොඩ හැමෝටම ලබාදුනි උපාධිය
ගිරා සන්දේශයෙන් ළඳ සොඳ අදර කපාගෙන
විසාඛා මියුසියස් තුනු දේවියන් මවාගෙන
නිලේකා හෝල්ට්ටෙක රත්තරන් කියාගෙන
විවේකය දුම් දමයි පෙනහැල්ල කඩාගෙන
සප්‍රමාණයි මචං උඹත් අල මාත් අල
අප්‍රමාණයි මචං ගෙදර දුක් සිහින බර
නිෂ්ප්‍රමාණයි මචං සිස්ටමේ අවුල් ගොඩ
මිත්‍රකමටයි මචං ගින්දරත් දයාබර
රොටරියේ සික්කා - ඒ කාලෙ ජෙප්පා - රැවුල් තඩි පප්පා
කියෙව්වේ ලංකා - අසූ නම සංකා - මහත් දුක් හප්පා
ජෝන් ලොක් ලොක්කා - පොලිටිකල් එක්කා - මතක පොත් රැක්කා
ජැක් රූසො දැක්කා - සම්මුතිය හප්පා - බස්සෙකෙන් බැස්සා
පාට පාටින් ටියුට් හිස මතින් දරාගෙන
රෑට රෑටත් හොරෙන් මැසේජම බලාගෙන
හිනා මූණක් හිතේ ගැඹුරින්ම ගලා එන
කාට කාටත් තිබේ කතාවක් සදාතන
නොරිකොලා ඇවිද යන ගිනි ගහන පාර දිග
කැඳත් නැති ගේෂාවො නෝ-ලිමිට් එහා පස
හිස් අතින් වුණත් සරසවිය වෙත පලා ගිය
දුක්බරම ඇස් තිබුණා මතකයිද ඉරී ගිය
සසර මැනගන්න හැකි පරිසරය දකිද්දී
සතර පෙර නිමිති මොනවාද බං හිතෙනවා
සුපර් මාකට්ටෙකෙන් විසිවෙච්ච අල ළූණු
වගේ මේ ජීවිතත් චප්ප වී තැලෙනවා
මුල් සතියෙ සීල්ලෙක ගහගන්න පුළුවනී
උදාවනු එපා ඊළඟ සතිය සකියනී
හොඳම දේ නුඹලාට විතරමයි දරුවනී
කියූ කට විමසුමේ පිටපතක පසුවෙතී
නැසෙන්නට නොවේ කඳුළක් සමඟ සයන්ස් කළ
යුක්ලීඩ්ලා සිටිත් කැම්පස් නොගිය මැතට සැර
නොපමාව ආර්ට් කර ජීවිතය කරා ගිය
ලෝස් නැති සුමිතුරන් තවත් ඇත කොමස් තුළ
යටගිය දවස තමයි බං දවස හැම සවස
අලගිය තැන් ද ක්වින්ලන් මෙට්‍රෝ ද ඊරෝස් පවස
ස්ටේෂමේ - මාවතේ තැනින් තැන - කොහුවලින් බෙදී ගිය පහස
ඒ ලෙවල් යනු " නුගේගොඩ " නොවෙද කියාපන් ප්‍රසිද්ධියෙ ඒ රහස.
කසුන් මහේන්ද්‍ර හීනටිගල.
මේකත් හරිම අපූරුයි
Deleteනුගේගොඩ මගේ ජීවිතයට එච්චර ළඟ නැති උනාට ෆීලින්ග් එක දැනෙනවා. නුගේගොඩ ටියුෂන් නොගිය එකෙක් නෙ මම.
ReplyDeleteම්ම්ම් එහෙමද... මේක එහෙනම් ඔය හිතට සමීප නගරෙක නම් ගම් වලට මාරු කරගන්නකෝ
Deleteනුගේගොඩ මටත් බොහොම සමීපයි.
ReplyDeleteම්ම්ම් එහෙමද....
Deleteනුගේගොඩ.. නුගේ ලඟ මතක ගොඩයි..එහෙමද දන්නේ නැ නම හැදුනේ... නේද සඳවතී...
ReplyDeleteමෙච්චර් ආදරේ කරන නුගේගොඩ නම හැදුන හැටිනම් මේ වෙනකන් හොයලා බලන්න බැරි උනා ඒකත් හොයලා බලන්න ඕනේ.
Deleteනුගේගොඩ ඇත්තටම මතක් වුණා . 138 හෝමාගම බස් එකත් එක්කම.
ReplyDeleteබොහොම ස්තූතී ඒ මතක මොන තරම් සුන්දරද
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau