පිණි වැටෙන සීතලේ උණුසුමට ඉඩදෙන්න
නෝක්කඩු සඳවතී කෝ ඉතින් ළංවෙන්න
මුලු රෑම ප'පුතුරේ
නිදිවරන්නට එන්න
සුන්දරම ගින්දරින් මාව අවුලව ගන්න
නුරා පෙම් යහනාවෙ පිච්ච මල් අතුරන්න
මගෙ හුස්ම අරන් ඔය හුස්ම ඩිංගක් දෙන්න
සොඳුරු අනුරාගයේ සප්තස්වර හඩවන්න
පොපියනා හංස තුඩු දැන් අවදිකරලන්න
දුහුල් සළුතිර ඉරා ප'පුතුරට
ගුළිවෙන්න
ඔය කෝළකම් එපා මගේ හුස්මට එන්න
නුරා මදිරා පොවා මාව මත්කරලන්න
රසවිලේ
කිමිදෙන්න පෙති දෙපෙති ඇහැරන්න
පිපුණු කටරොළු මලේ පැහැය තව විදගන්න
පිපුණු කටරොළු මලේ පැහැය තව විදගන්න
උමතු වූ ඇස් දෙකට තව ඕනේ දුර යන්න
පිණි හාදු වැස්සකින් මලේ පෙති නහවන්න
සුයාමය තෙක්ම මගෙ නෙතේ පැටලී ඉන්න
තබා තුඩ තුඩ සෙමින් මලේ රොන්සුණු ගන්න
කිතිකැවෙන හිරිවැටෙන හැඟුම් පිටකරලන්න
බදා දෙවුරින් මගේ මුඳු බඳට තෙරපන්න
මල් සුවඳ
හමාවී ඉතින් දැන් සැනසෙන්න
අපූරුයි කාව්‍යා.
ReplyDeleteනැහැවි සඳ සීතලේ නුරා පෙම් පුබුදන්න
දියවි යන පෙම් සිහින සයනයේ දවටන්න
මලවි හී සර දැනී හෙටක නුඹ සනසන්න
පියවි අනුරාගයෙක් ඒවි පෙම දල්වන්න........
ජයවේවා!!!
ම්ම්ම් අපූරුයිනෙ මේ පදත්... ස්තූති ඔයාට
Deleteඅඩවන්වූ දෑස් යුග තරව යලි සිපගන්න,
ReplyDeleteරත් දෙතොල් මත සෙමෙන් ඇඟිලි තුඩු තෙරපන්න,
නුරා රොන් සුණු දැවටි මඳ සුලඟ විඳගන්න,
පවුරු බිඳ ගලාඑන සෙනෙහසෙන් සැනසෙන්න.
ස්තූති ඔයාට ත්....
Deleteකතා කරන අකුරු...අකුරු තුල කිමිදුනු සිතිවිලි.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්...
Deleteමෙතන රොමෑන්ස් අතික්‍රමණය කරපු වෙන යමක් නැද්ද
Deleteමේක මේ ෆේස් බුක් පිටුවක ශෘංගාරාත්මක නිර්මාණ තරගෙකට ලිව්ව එකක්.මෙතන ඉතින් වැඩිපුර තියෙන්නේ ශෘංගාරය තමා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete