සඳට බැළුම් හෙලූ අය

Oct 4, 2016

කොළපාට ඇස් !



ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අයත් ඉෂාගෙයි කසබාගෙයි මේ ප්‍රේම අන්දරය කියවලා බලන්න....
කොළ පාට ඇස්... බුක් ෆෙයා එකෙන් ගෙනාපු පොත් වලින් ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ මේ පොත.අවුරුදු 21 ක කෙල්ලෙකුයි 65 ක තරුණ ( මහලු ) කොල්ලෙකුයි අතර මුලින් ලිංගික ආකර්ශණයකින් ආරම්භ වෙලා පස්සෙ ලේ නහර වලට පවා දැනෙන හැගෙන ආත්ම ගත බැඳිමක් දක්වා දික්ගැස්සෙන අසම්මත ප්‍රේමයක් ගැන සන්නස්ගල සර්ගෙ මායකාරි සිංහල වචන වලින් අපිව කොනිත්තන හිරිවට්ටන කතාවක්.
               
                         හැබැයි කතාවෙ මැද හරියට එනකොට කියවන්න හරි වෙහෙසකාරි බවක් දැනුන.වචන මොන තරම් මනරම් උනත් මටනම්.ඒ කතාවේ මුල් බාගයේම දෙබස් අඩු නිසා කියලයි මට හිතෙන්නෙ.ඉෂාගේ ඇස් වලින් සහ කසබාගේ හිතින් ඔවුනොවුන් දකින විදිය හා ලෝකය දකින විදිය ස්වයං පාපොච්චාරණයක් එහෙමත් නැතන් දිග හෑල්ලක් වගේ කියාගෙන කියාගෙන යන නිසා කතාව එක හුස්මට කියවන්න හිතෙන ගතිය මඳක් පස්සට යනව.ඒත් අත අරින්න එපා... හොදම හරිය පස්සට...ඉෂා එයාගේ නූපන් දරුවට කියන කතාව මම කියෙව්වෙ ඇස් වල කඳුළුත් එක්ක.
                    
                    මේ කතාවෙ මට එකඟ වෙන්නම බැරි ටික තමයි ඉෂා කොළඹ ඉදන් මාතරට යද්දි එයාගෙ මොබයිල් එක නැති උනාට පස්සෙ සති ගානක් යනකන් තමන්ගෙ මහලු පෙම්වතාට කතා කර ගන්න බැරි වෙන එක.ඉෂා වගේ සම්මතෙන් පිට පැන්න රැඩිකල් තරුණියකට ( ටැටූ ගහපු , සිගරට් බොන,නහයට කරාබු දාන, 65 පෙම්වතාගෙන් දරුවෙක් ඉල්ලන)ගෙදර තියෙන ලෑන්ඩ් ලයින් එකෙන් කගෙත් ඇස් වහල කෝල් එකක් ගන්න තරම්වත් ආත්ම ශක්තියක් නෑ. හත්වලාමේ මම ඉෂානම් අර කසාඳ බඳින්න අහගෙන ගෙදරට එන මිනිහගෙ මොබයිල් එක හරි මායමක් දාල අරන් කසබාට කතා කරනව.
හැබැයි මතක තියා ගන්න මේක තවත් එක අසම්මත ප්‍රේම කතාවක් විතරක් නෙවෙයි.ඒ කතාවට යටින් බොහොම ගැඹුරු සමාජීය දේශපාලනික කතාවකුත් දිවෙනව.ඒ විතරක් නෙවෙයි සන්නස්ගල සර්ගෙ මේ මායාකාරි වචන වලට නොදෙවෙනිව අනිත් කතුවරියගෙනුත් සහය ලැබිල තියෙනව.මටනම් හිතෙන්නෙම මේක ලිව්වෙ දෙදෙනෙක් නෙවෙයි එක්කෙනෙක් කියලමයි.
ඉතින් මම කිව්වනෙ හොදම හරිය තියෙන්නෙ අන්තිමට. ඒක කියවලම බලන්න කියල මම ආරාධනා කරනව සන්නස්ගල සර්ගෙ අකුරු වලට ලෙංගතු හැමෝටම.


14 comments:

  1. පොත් ඔත්තුවට තැන්කිවු වේවා. බලමු හොයාගන්න.

    ReplyDelete
  2. බලන්න ඕනෙ පොත හොයා ගන්න පුළුවන්ද කියලා...

    ReplyDelete
  3. මේක කියෙව්වම නාකි අපිටත් තාම චාන්ස් එකක් ඇති කියල තමයි හිතුණෙ. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හී හී අන්න දැක්කද මෙයාට හිතිල තියෙන දේ

      Delete
  4. ආදරයට ඔය කිසිම සාධකයක් අදාල වන්නේම නැත. හැබැයි එසේ ආදරය කරන්නට ගටක් ඕනාය.බලන් යද්දී ආදරය තියෙන්නේ අසම්මතය තුල විතරමය.සම්මතය තුල ඇති ලබ්බක් මට නම් පෙනෙන්නේම නැතිය.කැප කිරීම්....අවදානම් ගැනීම් ඔක්කොම ඇත්තේ අසම්මතයේය. කොච්චියා එදත් අදත් හෙටත් අසම්මතය තුල සිටින්නේය. අසම්මතය සම්මත වෙනවාට කොච්චියා අකමැතිය. එහෙම උනොත් ෆැන්ටසියට කෙලවෙනවාය. අනික් උන්ගේ ෆැන්ටසිය මට රියැලිටියක්ය.උන්ගේ රියැලිටිය මගේ ෆැන්ටසියය.

    ReplyDelete
    Replies
    1. 100 % එකඟය. මෙහේ ආවාට ස්තූතිය

      Delete
  5. මම ලියපු මේ ගීතය මේවගේ දේකට ගැලපෙනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇහුවා ඇහුවා... ලස්සනයි ඒ ගීතය විතරක් නෙවෙයි ඔයා ලියපු තව ගීතත් ඇහුවා ඒ ලින්ක් එකෙන්ම මම දැන්නෙ දන්නේ ඔයා ගීත ගොඩක් කරල තියෙනවා කියල

      Delete
  6. //හැබැයි කතාවෙ මැද හරියට එනකොට කියවන්න හරි වෙහෙසකාරි බවක් දැනුන.//

    මේක මටත් සමහර පොත් වල දැනෙන දෙයක්.. ඒත් අතාරින්නේ කොහොමද..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර පොත්නම් එක හුස්මට කියවන්න පුලුවන්, මේ පොතනම් එහේම් හුස්මට කියවන බෑ ඒත් අත අරින්න හිතෙන්නෙ නෑ,

      Delete
  7. පොත තවම කියවන්න හම්බුනේ නැහැ. ඒත් කියවන්න ආස හිතෙනවා සටහන එක්ක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... කියවලා බලන්නකෝ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

සංචරණි ඔයා....

  සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන ආදරෙත්...