සඳට බැළුම් හෙලූ අය

Oct 26, 2016

අද හොදම දවස ඔබ එනවානම් !





වැහි බීරම ගළන
මේ සොඳුරු රාත්‍රිය බදාගෙන
මුඳු සුළඟ වියරුවෙන්
හාදු දෙන වෙලාවක
අකුණු සර මුවා කර
ඔබ එන්න.....

අපෙ ඇස් අපි දකින
පළමු තප්පරේදිම
ඔබ ගෙනා හාදු කන්දම
ඉතින් දෙන්න...

උසම උස මධු බඳුන
උතුරන්න පුරවාපු
ආදරේ රතු වයින්
බෙදාගෙන බිඳෙන් බිඳ
තොල ගාන්නට එන්න...

ආදරෙන් මත් වෙලා
ඔබේ ඇස් පියවෙද්දි
නුඹෙ හඬින් මං
අහන්නම ආස වික්ටර්ගෙ
සසර සැරිසරණ තෙක්
ඔබ මගේ... ඔබ මගේ
මුමුණන්න....

ඉතින් ඔබ එනවනම්
අද තමයි ඒ දවස
තවත් කල් නෑර
ඔබ එන්න...

18 comments:

  1. දින ගණන් මග බලා තවත් බෑ ඉවසන්න
    අඳුරු අහසක් වෙලා සීතලේ දැවටෙන්න
    මුදු දෙතොල් මත්වෙලා රෑ සුවය විඳ ගන්න
    මගේ නෙත දුවනවා නුඹේ රුව දැකගන්න

    සඳේ එළියෙන් මග අසාගෙන
    නුඹ මගේ යෑයි ගී කියාගෙන
    හොඳම දවස අද බව සිතාගෙන
    හනික එමි මම නුඹ සොයාගෙන......

    ජයවේවා!!!





    ReplyDelete
    Replies
    1. /////හනික එමි මම නුඹ සොයාගෙන......///////

      යන්නේ බස් එකේ නම් මතක ඇතිව ටිකට් ගනින් කොල්ලෝ....

      Delete
    2. නෑ බං අරූ.. මට සීසන් එක තියෙනෝ... .

      Delete
    3. ම්ම්ම් අපූරු පිලිතුරු කවක්.... සුන්දරයි...

      Delete
  2. තවමත් මඟ බලාගෙන හිදිමි..

    ReplyDelete
  3. සියොලඟම සීතලෙන් හිරිවැටුන වෙලාවක
    උණුසුම්ව පණ ගැහෙන ආදරය පුරවගන
    "සසර සැරි සරන තෙක්" මගේවුන ඔබ ලඟට
    සත්තමයි මම එනවා හීන ගොන්නක් රැගෙන

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන පද...ස්තූති ඔයාට

      Delete
  4. //සසර සැරිසරණ තෙක්
    ඔබ මගේ... ඔබ මගේ //

    මේ පාර බැඳ ගත්ත මදිවට අනික් ඔක්කොම ආත්ම වලටත් කියල අත්සන් කරන නෑනෙ. වෙන ආත්මවලවත් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් බීෆ් එකක් කන්න වෙන වෙන අයව බඳින්නත් චාන්ස් එක දෙමු. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හප්පා... එහෙම කොහොමද මගේ සත්තලන්ටනම් මම තව ආත්ම හතකට ගැලවෙන්න දෙන්නෙ නෑ

      Delete
    2. හපොයි අසරණ සත්තලන්. ආත්ම හතක්ම...?

      Delete
  5. වැසි වසී සුළං හමයි
    ඔබ තෙමෙයි කියා මට බයයි...!

    ReplyDelete
  6. ඔයා හරිම සෙන්ටිමෙන්ටල් නේද

    ReplyDelete
    Replies
    1. ආදරේදී ඉතින් කවුරුත් සෙන්ටිමෙන්ටල්නෙ අප්පා

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...