සඳට බැළුම් හෙලූ අය

Dec 10, 2016

ආදරෙයි දෙවොන්දරා









සීතල හිම කැට විසිරුණු
තුරුහිස් අඟ මල් නොපිපුණු
සොහොන් ගැබක හිත හිරවුණු
දෙවොන්දරා සං
මළවුන්ගේ අවුරුද්දට කලින්ම මම එන්නම්
ආතුර වුනු ඔය හිත මත සෙනෙහස තවරන්නම්....

සකුරා මල් පෙති ඉහිරුණු
මල් පාරේ අපි ඇවිදපු
නුඹේ සෙනෙහෙන් මා සැනසුණු
ඊටත් වැඩියෙන් හඬවපු
ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්
තනිවුනු ඔය හිත ළඟ තනියට හිඳින්න එන්නම්....

සුබෙකි මලක පිණි තැවරුණු
කබුකි හලක අපි නැලවුණු
සකේ බිංඳුවක් මුහුවුණු
කොපුළක් උණුහුමට ගැහුණු
ඒ මතකයෙ සුවඳ අරන් මං හනිකට එන්නම්
වැළලුණු අපෙ ආදරේට ආයෙත් පණ දෙන්නම්...



(දෙවෙන්දොරා   සහ නොරිකෝ ගැන මගේ අතින් ගොඩක් කවි පද ලියවිලා තියෙනවා.මේත් එහෙම ලියවුන තවත් පද පෙලක්.මේකනම් ගීතයක් කිරීමේ හීනෙකින් ලියපු එකක්.බලමු ඒක කවදා හරි සැබෑවක් වේවිද කියලා.)

16 comments:

  1. ලස්සනයි ශානි. ඇත්තටම ලස්සන ගී පද රචනාවක්. ඉතින් මම සුභ පතනවා මේක ගීයක් කරගන්න.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ශානී..හිම වැටුනාම හරිම සුන්දරයිනේ ඊට පස්සෙන් ගාටන ඉරඑළියත් එක්ක..මූසල නෑ මටනං...
    සකුරා මත්පෙති..හෑ...මල් පෙතිද..???

    ReplyDelete
    Replies
    1. ඩෙයියනේ මල් පෙති අනේ පොඩි මුද්‍රණ දෝසයක්... ඉස්තූති ඒක පෙන්නලා දුන්නට හොදේ. දැන් නිවැරදි කලා

      Delete
    2. මූසල කියන වචනෙත් සුදුසු නෑ වගේද මම එතනින් අදහස් කරන්න උත්සහ කලේ සුසානයක තියෙන මූසල පාලු ගතිය.ඒත් දැන් හිතෙනවා කවියකට කෙසේ වෙතත් ගීතයකට ඒ වචනෙ සුදුසු නෑ කියලා

      Delete
    3. ඔය තේරෙන්නේ ලෙසට....!
      මූසල වෙනුවට වචනයක් හොයාගන්නම,වෙයි..කීරිගැහෙන පාලුව වගේ යෙදුමක සීතල හිම කැට විසිරුනු යන පදපෙලේ කන්ටිනුවේශන් එකකුත් එක්ක ව්‍යාංගය තියෙනවා..ඊටත් වඩා හොඳ පද තියේවි ශානි ගාව...!

      Delete
    4. මටත් වචන ටිකක් මතක්වුණා. ඒත් චෙෆාකි කිව්වා වගේ ශානි ළග මේකට ගැලපෙන වචනයක් ඇති කියලා මාත් හිතනවා.

      ජයවේවා!!!

      Delete
    5. ස්තූති ඔයාලා දෙනන්ටම මම ඒ පදේ වෙනස් කලා බලන්නකෝ හොදයිද කියලා

      Delete
    6. හොඳයි අගෙයි හැබැයි තව චූට්ටාක් එඩිට් වෙන්න ඕනි වගේ...
      දෙවොන්දරා සං....
      ඒ පදයේ කන්ටිනුවේෂන් එක ගැන හිතෙනකොට...
      එන්නම්, තවරන්නම්, දෙන්නම් නැතුව...
      එන්නං. තවරන්නං, දෙන්නං ...වගේනං ලයාන්විතයි....
      අනික...ඊටත් වැඩියෙන්...කියන පදය ගීතමය මදිවගේ....!

      බැනුං අහන්න වේවි ශුවර් එකට මේ මම කියන ඒවට.....!

      Delete
    7. අනේ එහෙමනම් හිතන්න එපා... කොච්චර දෙයක්ද මෙහෙම අඩු පාඩු පෙන්නලා දෙන එක මම මේ හැම දෙම නිහතමානීව පිලිගන්නවා.ස්තුතී ඔබතුමාට බොහොම

      Delete
  3. මේක ගීතයක්ම තමයි. දීපිකා ප්‍රියදර්ශනී ගේ කටහඬින් මට මේක ඇහෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඔයාට ම්ම්ම් බලමුකෝ සිහිනය හැබෑ කරගන්න

      Delete
  4. හරිම ලස්සනයි ගීතය මට මේක කියවනකොට තනුවකුත් හිතට ආවා. ඔයා ගේ සිහිනය සැබෑවෙන්න මමත් හදවතින්ම සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කටකාරියේ මේ දිරිමත් කිරීමට

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...