සඳට බැළුම් හෙලූ අය
Dec 22, 2016
මා දවා ලූ ඒ ඇස් !
ඉතින් අද මේ ලියවෙන්නේ වෙන කෙනෙකුගේ අත්දැකීමක් මගේ කරගෙන ලියපු පද පෙළක්.කාගෙද කින්ද මන්ද කියලා මම නොකිව්වත් මේකේ නිධාන කතාව දන්නෝ දැනගනීවි මේ කාගේ අත්දැකීමක්ද කියල.ඒත් ඉතින් නොදන්න අයගේ දැනගැනීම පිණිස කියන්නම්කෝ.මෙන්න මෙයාගේ මේ කතන්දරේ කියවලා තමා මගේ හිතට මේ සිතුවිල්ල ආවේ. ඔව් ඔව් මේ අර ගින්දර වගේ දයියා බ්ලොග් එක ලියන කොච්චි මිරිස්ගේ අස්ගිරියේ වැස්ස ගැන කතාව තමා.
මම කියවන නවකතාවක්, බලන ෆිල්ම් එකක්,කවියක් , කතාවක් ඩෝං ගාලා මගේ හිතට වැදුනොත් ඒ ගැන මගේ අතින් මොනාම හරි ලියවෙන එක මගේ පුරුද්දක්. ඉතින් මේකත් ඒ වගේ මගේ හිතට වැදුන කතාවක් විශේෂයෙන්ම මේක නුවර සම්භන්ධ සිදුවීමක් නිසා මගේ හිතට බොහොම දැනුනා. ඒ මම නුවරට ගොඩක් ආදරේ නිසා.ඉතින් ඒ නිසාම මෙන්න මේ විදියට මගේ අතින් නිරායාසයෙන්ම ලියවුනා.
මුඳු සුළඟ පවා වියරුව හමන රෑක
හඬනවා මහා සද්දෙට නුවර අහස
හීතලට ඇවිලිච්ච ඇස් දෙකක පහස
අහනවා තුරුලු වෙන්නද සොඳුරු රෑක
හන්තාන වගේ මහ දුකක් උහුලාන
නුවර පාරක් ගානෙ දුකම වපුරාන
කිරි මුහුදෙ රැළි මතට අතහැරපු හීන
ගැන වගක් නැතුව මල් හීය මට පාන
බුර බුරා නැගෙන සිතුවිළි සිතුම් රෑන
මහවැලිය වාං දමනව වගෙයි රැඟුම් පාන
ඇස් වලින් ඇස් අල්ලගෙන හීය මාන
මේ වැස්සෙ තෙතබරිත වෙන්නටම අහන
ඇඟිලි තුඩු මානයේ පිපි කොබෝලීල
මලකි පෙති විදා රොන් සුවඳ මට ගේන
මල් කෙමියෙ සරන්නට නොයා සිතුසේම
සිල් නොබිඳ සුව වින්දෙ දුරින් හිද පේන
අදත් මහ වැසි වැටෙන මේ වගේ රෑක
සිතින් මං මවාගෙන අස්ගිරියෙ අහස
දෙසැම්බර් සීතලට ගිනි ගත්ත දෑස
කෝ කොහිද හොයනවා තනිවෙච්ච රෑක
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
අපූරු, දැනෙන කවි ටිකක්නෙ මේ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී ක්‍රෙඩිට් එකෙන් භාගයක් කොච්චිටත් දෙමු නේද මොකද එයාගෙ කතාවේ ලස්සන නිසයි මගේ කවිය ලස්සන උනෙත්.
Deleteනැතුව නැතුව. කොච්චිගේ ලිපිය මමත් කියෙව්වා. ඒ රහ බලද්දි මේ වගේම කවි සිතුවිල්ලක් මටත් දැණුනා. ඒත් ශානි ඒ කතාව අපූරුවට කවි කරලා. ඒ හින්දා දෙන්නටම ස්තූතිය.
Deleteජයවේවා!!!
නුවර ගැන හිතෙනකොටත් හිරිගඩු පිපිනෙවා සොඳුරු...ඔයා මාරයි...!
ReplyDeleteස්තූතී චෙෆ් තුමෝ
DeleteWow...amazing.
ReplyDeleteමේක කියවන්න මම ඊයේ ඉඳන් බලන් උන්නෙ. මගේ සිතිවිලි ටික ගානට මිම්මට කිරලා ලියලා තියෙනවා. ආයෙ වචන දෙකක් නෑ පට්ටයි. සීන් එක මගෙ නිසාත් මගේ කෝණෙන් ලියවුණ නිසාත් මට මේක තවත් රහයි. ස්තූතියි සඳවතී..
හප්පා... කතාවේ අයිතිකරුට පට්ටනම් අන්න මට සතුටුයි.මේ සිදුවීම හිතට වැදුනට පස්සේ මමත් කල්පනා කලා මේක ඔයාගේ කෝණෙන් ලියනවද ඇගේ කෝණෙන් ලියනවද කියලා.ඒත් ඇගේ ඇස් වල තිබුනේ ප්‍රේමාරාධනාවක් නොවන නිසාත් ඇය ඒ ආරාධනාව කරල තියෙන්නෙ ඔයාට විතරක් නොවන නිසාත් ඈ ගැන සියුම් නොරිස්සුමක් හිතට දැනුනා.ඒ නිසා ඒ පැත්ත ගැන නොලියන්න හිතුවා.
Deleteමගේ කෝණෙන් ලිව්ව එක හොඳයි. එයාගෙ කෝණෙන් ලියනවා නම් ලියන්න තියෙන්නෙ එවේලෙ මගේ ප්‍රතිචාරය එයා බලාපොරොත්තු වුණු එක නොවුණාම ඒ මොහොතේ එයා තුල ඇතිවූ මානසික මෙන්ම ශාරීරික පීඩාව ගැන
Deleteඇගේ ආරාධනය එදා මට විතරයි... මගේ මිත්‍රයා ඒ වැස්සට තෙමුනේ මාස කීපෙකට පස්සෙ මට මතක හැටියට
Deleteඔව් කොහොම උනත් එයාගෙ ඇස් වල ප්‍රේමණීය බැල්මක් තිබුනනම් තමා මම මනාප.එහෙම උනානම් මට පැණි බේරෙන රස වෑහෙන කවියක් ලියන්න තිබුනා එයාගේ පැත්තෙන්
Deleteඒ විදියේ එකක් මම ලියාවි ජනවාරියේ
Deleteහා... ලියන්නකෝ එහෙනම් බලන්න
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහමා එන මඳ සුලඟ
ReplyDeleteහිරිගඩු පුපුදයි ගත මත
එලා ඇති මිහිදුම් සලුව
නිවාලයි දෑසේ විඩාව
නුවර අහස යට වූ ඒ සිසිල
සිහිකරයි
කොලඹ අහස යට
විඩාව විඳින විට
ඔයාගෙ පද පෙළ අපුඍුයි ශානි... නුවර සිසිල වගේම සෞම්‍යයි....
ගොඩක් ස්තූති නිර්මාණී මේ කවියේ නිධාන කතාවත් කියවලාම බලන්න
Deleteආරාධනා සැඟවුන මුදු සඳපාන
ReplyDeleteදැක තෙත් වැදී හීගඬු මතුවුන හීන
දරදඬු පිරිමි හිත මත හිමිහිට රූ අඳින
වැසුවා දෙනෙත නොපෙනෙන ලෙස දඟ නයන
කවිය එළයැ ' හොඳේ....
ස්තූතී කටුසු...මේ කවත් අපූරු නොවැ
Deleteකවි ටික නොම්බර එකයි ඈ. කවි ලියන්න බැරි මට ඔයා ගේ කවි ගැන මාර ජෙලක් ඇතිවෙනවා.
ReplyDeleteස්තූති ඔබේ ආගමනයට මේ පැත්තට. අපෝ එහෙම ඊරිසියා කොරන්න තරම් හැකියාවක් නෑ මට යන්තම් ගැටගහ ගන්නවා මොනා හරි
Delete+++++++++
ReplyDeleteම්ම්ම්ම්ම්ම්
Deleteහැම කෙල්ලලෙක්ටම - කොල්ලෙක්ටම නුවර ගැන කතාවක් තියෙනවා වගෙයි.. ඒකත් පුදුම වැඩක්.කතන්දරයක් ලියන්න තරම් දේවල් මතක් වුණා මේ කවි පෙළත් එක්ක.
ReplyDeleteඔයාටත් වැස්ස වගේ නමක් ද තියෙන්නෙ
Deleteඔව් වැහි දැරිවියේ නුවර ගැන ලිව්ව කවි මහ ගොඩක් තියෙනෝ.
Deleteසිල් නොබිඳ සුව වින්දෙ දුරින් හිද පේන
ReplyDelete////////
කොච්චියට පිස්සුනේ. ලස්සන කවි ටික.
මමනම් කැමති එයා සිල් නොබිඳ ගත් නිසයි
Deleteඔය වගේ වෙලාවක සිල් බිඳ නොගෙන ඉන්න එකේ අපහසුව ඔයාගෙ ගෑනු හිතට වඩා ගනකමට ඔය කමෙන්ට් කරන පිරිමි හිත් දන්නවා..ඇත්තටම කාලයක් ගියාම හිතෙනවා කොහොමද එහෙම උන්නෙ කියලා
Deleteම්ම්ම් ඒකත් එහෙමද ?
Deleteෆැන්ටසිය තමයි සිල් නොබිද ගැනීම...
ReplyDeleteකොච්චියා හැමදාම ෆැන්ටසිය පවත්වාගන්න කැමතියි
Deleteඅන්න ඒකනේ , ස්තූතී රස්තියාදුකාරයා මේ පැත්තෙත් රස්තියාදුවේ ආවට.
Delete