සඳට බැළුම් හෙලූ අය

Jan 11, 2017

( නො ) ලැබීම !




                                                              (පින්තූරේ මගේ කැමරා ඇසිනි. )

කඩුපුලකට උනත්
ඇති පුංචි හීනයක්
හිනැහෙන්න
උදා දිනිතිය එක්ක
ගෑවෙන්න
මුඳු සමනළ තටුවක
නතුවෙන්න
දඟ ඹබර පහසක

19 comments:

  1. රැයේ සරන
    මගවැරදුන බඹර පහස
    රැයේ රැජිනිය
    කලමැදිරි තටුවක පහස
    දරා
    සිහින දකින
    කඩුපුල...
    පිපියන් හැකිනම් උදයක.....
    (සමනලයෙක් එහෙම හිතුවලු)
    :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් ඒකනේ ඒකනේ

      Delete
    2. ඔව්නෙ මලට අරම හිතෙනවනම් සමනළයට මෙහෙම හිතෙන්න බැරිද

      Delete
  2. සමනලයෙක්ට වුණත්
    හිතෙනව ඇති
    ලස්සන කඩුපුලේ
    පහස විඳින්නට
    ඒත්.....
    සොබා දහම
    කුරිරුද මේ ලෙස.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කුරිරුයි කියන්නෙ අන්තිම කුරිරුයිනෙ

      Delete
  3. අපූරු පින්තුරෙ. කාඩ් එකකට උනත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මටනං පිංතූරේටත් වඩා සිතුවිල්ල අපූරුයි...කාඩ්වල තියෙන සිතුවිලි මෙච්චර අපූරු නෑ හැලපේ...!

      Delete
    2. ස්තූතී හැලප තුමෝ මෙ අපේ ගෙදර පිපුන මලක් මේක පට්ට සීතලේ කට්ට කාගෙන පිපෙනකන් මුර කරන් ඉදලා කට්ට කරුවලේ පාන්දර ගත්තේ

      Delete
    3. ස්තූතී චෙෆ්තුමාටත් මේ ඇගයීමට

      Delete
  4. සඳවතිය එහෙනම් නිහැඬියාව බින්දා..
    හැලපෙ කිව්වා වගේම ලස්සනට capture කරපු පින්තූරයක් ...
    ඒ වගේම සුලබ නොවූ සිතිවිල්ලක්

    ReplyDelete
    Replies
    1. මේ අපේ ගෙදර පිපුන මලක් මේක පට්ට සීතලේ කට්ට කාගෙන පිපෙනකන් මුර කරන් ඉදලා කට්ට කරුවලේ පාන්දර ගත්තේ. පිතූරනම් ගොඩක් ගත්තා ඒත් මමත් ආස උනේම මේකට.

      Delete
  5. ලස්සන පිතූරයක් එක්ක අපූරු පද වැල් ටිකක්...

    ReplyDelete
  6. ව්‍යාංග අරුතක් තියෙන හොද රසවත් කවියක්.

    ශානිගෙ කැමරා ඇසත් නරකම නෑ(ඒත් අර ලණු කෑල්ලක් පේනවනෙ උඩින්)

    ReplyDelete
    Replies
    1. ඔව් එතන රෙදි වැලක් තියෙනවා අනේ කට්ට කරුවලේ ඒක එච්චර පෙනුනේ නෑ. මම ඉතින් එඩිට් කරන්න ගියෙත් නෑ එහෙමම දැම්මා

      Delete
  7. රසවත් පදපෙලක් ශානි...පින්තුරේ අපූරුයි...ලණු කෑල්ල අයින් කරන්න පුළුවන් ඉමේජ් එක ක්‍රොප් කළා නම් මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී පොකුරු... ඔව් එහෙම කරන්නත් තිබුනා තමා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...