සඳට බැළුම් හෙලූ අය

Jan 17, 2017

රස්තියාදු පෙම්බරා !





ඉතින් අදත් තියෙන්නේ බ්ලොග් එකක  ලියපු කවියකට මම ලිව්ව පිලිතුරු කවියක් වගේ එකක්.මේකනම් බොහොම පරණයි අවුරුදු හතරකට විතර කලින් සඳරු ලියන  හිස් අහස බ්ලොග් එකේ ලියපු සාටර් පෙම්වතාගේ කවිය කියන  කවියට මම ලිව්ව කමෙන්ට් කවිය තමයි මේ.
ඒ කමෙන්ට් කවියට වැඩිය  පස්සේ මම ටිකක් අඩු වැඩි දාලා වෙනස් කරපු කවිය තමයි මේ තියෙන්නේ.මේකට බුකියේ  ලයික් කමෙන්ට්ස් එහෙමත් ගොඩක් ලැබුනා. රිවිර පත්තරේ ෆේස්බුක් කවි පිටුවෙ එහෙමත් ගිහින් තිබුනා.හැබැයි ඉතින් මේ කවිය කියවන්න කලින් ඔය උඩ සාටර් පෙම්වතා කියවලම ආවනම් තමා හොද.







කොණ්ඩය වවා ජෙල් ගා පස්සට පීරා
බාච්චු කලිසමක් යන්තම් ඉනේ රුවා
කොලු රැළ එක්ක කාලය කන හන්දි පුරා
කොහොමද කියන් නුඹ මගෙ හද ගත්තෙ හොරා  

සඳලුතලෙන් බැස මම පහලට එන්නම්
බොන්නට අඩු වැඩිය ළඟටම සපයන්නම්
ගංජා ඔතන්නත් පොඩි සහයක් දෙන්නම්
රස්ති ගහන නුඹෙ තාලෙට  ගැලපෙන්නම්

මට බැරි උනත් මම බත් උයලා දෙන්නම්
ගුටි කා එද්දි තෙල් බේතුත් ගල්වන්නම්
කබරය දාද්දී ඒවත් පිසදන්නම්
චාටර් වෙද්දි මං නුඹ බේරාගන්නම්

කලු තොල් වලට බෑ මට උම්මා දෙන්න
බිව්වම ගදයි ගදනම් බෑ ඉවසන්න
මගේ ආදරෙන් ඇයි බැරි මිනිහෙක් වෙන්න
මම කැපවෙද්දි නුඹටත් වෙයි කැපවෙන්න

රස්සාවක් නැතුව ගෙදරට බරක් වෙලා
නුඹ ඒ උනත් මගෙ අහසට සඳක් වෙලා
නොදැමුණු නුඹේ සිතුවිළි ළඟ මවක් වෙලා
ඔය හිත හදන්නම් මං පෙම්බරිය වෙලා

38 comments:

  1. ඒ බ්ලොග් එකටත් ගියා. ශානිගේ කවිකම් කොහොමත් අපූරුයි නොවැ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සඳවතී කරන වැඩ...ගිහින් බලන්න මගේ බ්ලොග් එක...!

    ReplyDelete
    Replies
    1. මං බැලුවා බ්ලොග් දෙකම එකක්ද කියලත් ??

      Delete
    2. මාත් බැලුවා බොලේ.. චෙෆා අපිට ගහන්න ෆේක් බ්ලොග් එකක් අමුණලද කියලා.. හැක් හැක්

      Delete
    3. හා හා චෙෆ්තුමා මගේ හෙඩිම උස්සලා නොවැ.සෑමා , දේශකයා එහෙම ඉස්සර මගේ බ්ලොගේට යනවා එනවා. දැන් ඉතින් අපිව අදුරන්නෙ නෑනේ ඉහි ඉහි.

      Delete
  3. ශානි ... මම කාලෙකින් කියවපු විශිෂ්ට කවියක්. රොමෑන්ස් අතික්‍රමණය කරපු අවස්ථාවක්. ඔන්න ඔය වගේ ලව් තමයි සිරා ලව්. ඕක ඇතුලේ හැංගිච්ච ලස්ට් නැතුව නෙවෙයි..ඔය කෙල්ල ආසා වෙන්නෙ රස්තා ස්ටයිල් එකට..ඊට පස්සෙ ඌව කැපකිරීම් කරවලා පවුලක් කන්න පුලුවන් ලෙවල් එකට ගේනවා...හැබැයි ආකර්ෂණය ඉවරයි..ඔය හික්මුණු බිරිඳ හොරෙන් ආයෙත් තව රස්තා පොරකට අඩු ගානෙ හිතෙන් හරි ලස්ට් වෙනවා..
    ගෑනුන්ට වරදින තැන තමයි ඕක.
    තමුන් ආස මිනිහව සමාජ සම්මත කර ගෙන තමුන් ආස වෙච්ච ඒ මිනිහව නැති කර ගන්න එක..

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ මේ රස්ති වර්ගත් දෙකක් තියෙනවා කියලයි පලවෙනි වර්ගයට සමාජේ යම් තැනක් තියෙනවා එයාලා යමක් කරනවා එයාලට එයාලගෙම ලයිෆ් ස්ටයිල් එයාලගෙම ඇඩිටියුට් තියෙනවා.හැබැයි පිටින් පේන්නේ මේ කවියේ කියනවා වගේම නිකන්ම නිකන් නිකමෙක් වගේ.අනිත් වර්ගයත් පිටින් මේ විදියම තමා ඇතුලත් හිස් කොටින්ම ගෙදරට සමාජයට බරක් වෙච්ච කෙනෙක්.මේ කවියේ ඉන්නේ එහෙම කෙනෙක්
      මම හිතන්නේ මේ කෙල්ල මේ රස්තව යම් තැනකට ගේන්න හදන කෙනෙක්.හැබැයි බලෙන් නෙවෙයි එයාගේ කැමැත්තට ඉඩ දීල කෙල්ලත් ඒකටම සහභාගි වෙලා යම්කිසි දෙයක් තේරුම් ගන්න ඉඩ දීල කොල්ලටම ගොඩ යන්න හිතෙන තැනට පත් කරන කෙනෙක්.හැබැයි ඉතින් ඒක වරදකුත් නෑ නේද ?මොකද ආදරේ කරන කාලේ රස්තියාදු කාර නිකමෙක් කියලා සමාජය පිලිගන්න කෙනෙක් මොන තරම් රොමෑන්ටික් පොරක් වගේ මොන තරම් වීරයෙක් වගේ පෙනුනත් පවුලක් පන්සලක් වෙද්දි ආදරේ විතරක් තුන්වේලටම කාලා ජීවත් වෙන්න බෑ. මම කියන්නේ ඔය පලවෙනි කොට්ටාසය වෙනස් කරන්න සමාජ සම්මත කරන්න යන එක බයානකයි.එයාලට ආදරේ කරන්න ඕනේ ඒ රස්තට ආස අයමයි.ඔය දෙවෙනි කොට්ටාසය පොඩ්ඩක් සමාජ ගත කොරලා ගත්තට වරදක් නෑ ජීවිතේ දුර ගමනක් එකට යන්න උවමනාව තියෙනවනම්

      Delete
    2. ජීවිතේ දුර ගමන් කියලා දේවල් නැහැ
      ..ඒවා ෆැන්ටසි

      Delete
    3. //ජීවිතේ දුර ගමන් කියලා දේවල් නැහැ
      ..ඒවා ෆැන්ටසි//

      අන්න ඉගනගන්න පරම සත්‍යය....

      හීන ගොඩක්, සැලසුම් ගොඩක් තියාගන ගියාට අන්තිමට හැරිලා බලද්දී මේකත් එදා වේල ටුවර්ස්ම විතරයි. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකේ ධනාත්මක චින්තනය මෙච්චර මාර්කට්.....

      Delete
    4. ඔය ඩබල එකතුවෙලා මගේ ෆැන්ටසියට ගල් ගහන්ඩ එපෝ...

      Delete
    5. රියැලිටිය පවා සාපේක්ෂ ෆැන්ටසියක් වෙද්දි ගල් ගහන්න ඔයාට අමුතු ෆැන්ටසියක් වත් හිටගෙන ඉන්න මට රියැලිටියක් වත් නැහැ

      Delete
    6. ආ... පෝ... කොච්චි මේ දවස්වල හරි සැරයි වගේ අප්පා... ඒකද මේ දවස්වල බ්ලොග් එකත් මකුළු දැල් බැඳිලා ?

      Delete
    7. /////ජීවිතේ දුර ගමන් කියලා දේවල් නැහැ
      ..ඒවා ෆැන්ටසි/////////

      පට්ට ටෝක් එකක්නේ...ඊට හපන් පොකුරු.

      Delete
    8. සැර නෙවෙයි ශානි..ඇත්ත ඒකයි. බ්ලොග් පෝස්ට් එකක් ලියලා දැන් කීප දවසක් වෙනවා.ඒක හෙටවත් දාන්න ඕන

      Delete
  4. කොච්චි මිරිස් කියලා තියෙන්නෙ පරම සත්‍යක්. ඒත් ඕකට හරි හෝ වැරදි හෝ කියන්න බෑ...
    සල්ලි ද? කොල්ල ද? වටින්නේ....ඇත්තම කිව්වොත් දෙකම...ඒත් චුට්ටක් විතර වැඩිපුර සල්ලි... :-) හා නැද්ද ශානි?

    ReplyDelete
    Replies
    1. මටනම් ආදරේ ... ආදරේ තියෙන තැන තමා අනිත් හැමදේටම ඕන දෙවල් තියෙන්නේ ඇහුම්කන්දීම, කැපකිරීම, අනෙකා වෙනුවෙන් අනෙකාගේ ඉවසීම,මෙකී නොකී ඔය සේරම දෙවල් එකතු උනාම සල්ලිනම් ඉතින් හොයා ගන්න බැරියැ.

      Delete
  5. ඈ බන් කොල්ලාට කැපවෙන්න කියන්නෙ ඌට ගංජ ගහන එක නවත්තල රස්ති ගහන එක නවත්තල චාටර් වෙන එක නවත්තල උගේ කොණ්ඩෙ කපන්න කියලද.. සාටර් පෙම්වතියක්නෙ.. :) ඒ වුනාට මන් නම් කියන්නෙ ඔය පෙම්වතී අර ලෝකෙට සාටර් විදියට පේන්න හිටපු පෙම්වතා ඇතුළෙ හිටපු සුපිරි පෙම්වතෙක් දැක්ක කියලයි. ඒ ඔය කවි ටික මන් දකින්න කැමති විදිය.

    ලස්සනට ලියල තියෙනව. අන්තිම පේළි දෙක සුපිරියි.

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ මගේ බ්ලොග් ඉතිහාසෙටම මෙන්න ඇනෝ කෙනෙක් ඇවිල්ලා.ඒකනේ ඒකනේ අන්න ඔයාට තේරුනා.මේ කෙල්ල කොතනකදිවත් මේ රස්තට බල කරන්නේ නෑ තෝ අරක කරන්න එපා මේක කරන්න එපා නැත්තන් මන් දාලා යනවා කියලා.හැබැයි ඉතින් හැට හතර මායමෙන් එකක් දානවා කොල්ලව ගොඩ දාගන්න.

      Delete
  6. මේ ලෝකේ සම්ම්මතයට එහායින් යන්න අමාරුයි. වටේ ඉන්න අනිත් මිනිස්සු නිසා. ඒත් තමන්කරන දෙයින් වටේ ඉන්න අයට වෙන බලපෑමක් නැත්තම් මමනම් වැටපනින්න දෙපාරක් හිතන්නේ නෑ.

    කවිය ලස්සනයි.අමුතුයි.අලුත්....
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අසම්මතය කියන එක බොහෝ වෙලාවට අනිත් අයට කටු අනින එකක්නේ

      Delete
  7. මරු.. ඊයේ කියෙව්වේ. මේ චෙෆාකිය නිසා තමා මට කමෙන්ට් එක්ක දාන්න උනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ස්තුතී දේශකයෝ අවුරුදු හතරකට පස්සේ ආයෙත් මෙහෙට ආපු එකට

      Delete
  8. සඳවති.....ඔය මගේ ඇතුලේ හිටිය රස්තියාදුකාර පෙම්බරාද කියලා මට හිතෙනවා. ඌ මීට හපන්. ඔබ මාව කියවනවා නම් ඉදිරියේ ඌ එලියට ඒමට නියමිතයි. ඌට යමෙක් ඔය විදිහටම ආදරේ කෙරූ නිසා, ඌ තාම ඉන්නවා.

    නියම සිතුවිල්ලක් සඳ....

    ReplyDelete
    Replies
    1. වා..ව්.... මේ ඉන්නේ සාක්කිකාරයෝ... මෙන්න ඔය දෙන්නටම මගෙන් මල් මිටක්

      Delete
    2. ඔය ඉන්නේ සුන්දර රස්තියාදුකාරයෙක්....අර මන් පහල කිව්වේ...

      Delete
    3. හ්ම්ම් හ්ම්ම්ම් ඔව් ඔව්

      Delete
  9. ලැජ්ජා විය යුතු දෙපොළක්.. ජිවිත වලට අරමුණක් නැති කමින් කී දෙනෙක් මේ වගේ කරනවා ඇතිද තවමත් ? සොඳුරුගේ පද ටික නියමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මේ පැත්තට ආවට.අරමුණක් නෑ කියලා අතඇරලා දානවට වඩා ඒ ජීවිතේට අරමුණක් දෙන එක නේද වැදගත්.

      Delete
    2. මා හිතන්නේ මුලින් තමන්ගේ ජීවිතයට අරමුණක්, ස්ථාවරයක් හදාගැනීම වැදගත් සහ බුද්ධිමත් නිවැරදි තීරණයක් බවයි.. එහෙම නැතුව මේ කරන දේ සොඳුරු ප්‍රේමයක් නොව සොඳුරු මෝහයක්.. එහෙම කරන්න ගිහින් සොඳුරු හිතන්නේ කී දාහක් ගැහැනු ළමයි අමාරුවේ වැටි ඇති ද ? වැටෙයි ද ?

      තමන්ගේ ජීවිතය අනුන්ගෙන් යැපෙන්නේ නැතුව හදාගත්තාට පසුව උදව් ඕන ඔනෙම කෙනෙකුට උදව් කිරිම වැදගත් වගෙම එය උතුම් මිනිස් ගුණයක් සොඳුරු..

      Delete
  10. හරිම සොඳුරු නිර්මාණයක්....

    ReplyDelete
  11. මේක මාර ටොපික් එකක්නේ...අර උඩම තියන කොච්චිගේ කමෙන්ටුව එක්ක මම එකඟයි...කෙල්ලෝ තරුණ වයසේදී කැමති රස්තියාදුකාර කොල්ලන්ට...එතන තියෙන්නේ ආශක්ත හැඟීමක්...හුදෙක් ප්‍රේමය නෙවේ...ඒකව මිනිහෙක් කරලා, උගේ රස්තියාදුව ඉවර උනාට පස්සේ අර ක්‍රෂ් එක ඉවරයි...හැබැයි ඔය අතරමැද කට්ටියක් ඉන්නවා, රස්තියාදුකම වගේ පෙනුනට හරිම රොමැන්ටික් ටැලන්ටඩ් කොල්ලෝ...එහෙම අයට ආදරේ කරන කෙල්ලෝ නම් ලස්සනට ජිවිතේ ගත කරනවා මම දැකලා තියනවා...

    ඔතැන තියෙන්නේ කාලකන්නි රස්තියාදුවයි, සුන්දර රස්තියාදුවයි අතර වෙනසක්...

    ඔය විහින් නැහෙන්න යන එව්වෝ යහමගට ගන්න කෙල්ලොන්නට වෙන්නේ අන්තිමට දිවි නහගන්න...

    බොහොම ලස්සන කවියක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී පොකුරු මේ අදහස් දැක්වීමට, මමත් කියන්නේ ඕකම තමා රස්ති වර්ග දෙවර්ගයක් ඉන්නවා. ඔයා නියම වචන දීලා තියෙනවා , කාලකන්නි සහ සුන්දර...

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. මෙහෙව් ගෑනු ඉන්නවනම් පංකාදු පහයි නේ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...