සඳට බැළුම් හෙලූ අය

Apr 4, 2017

ඉස්සරත් මෙහෙමම හිතුනා දැන් කියලත් වෙනසක්යැ ඉතින්






හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුලි වෙන්න....

තවත් හයියෙන් ඔහොම
පිණි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවනැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න...

ළඟ ළඟම ඔය හුස්ම
මට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....

24 comments:

  1. නාකි විසේ හැක්. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හැක් මූණ බලාගෙන කියන කැත

      Delete
  2. හරිම ආදරණීයයි සඳූ.....ජීවිතේ සුන්දරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් නැතුව නැතුව අක්කෝ

      Delete
  3. මේ හවස වහින වැස්සට නොතෙමි ඉන්නෙක තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. වැස්සෙ තෙමෙන එකත් හරි සුන්දර වැඩක්

      Delete
  4. හොඳයි හොඳයි...එසේම වෙන්න ^_^

    ReplyDelete
  5. හරිම ලස්සනයි හොඳේ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ හොදේ ආයෙත් බ්ලොග් එක අප්ඩේට් වෙලා තියෙනවා දැක්කා තාම යන්න උනේ නෑ ඒ පැත්තේ ජනේලෙන් බලන්න

      Delete
  6. තවත් වැහි හීතලේ උණුහුමක් විඳගන්න
    හිතත් මගෙ මත්වෙලා ඔය රුවම ළඟ ඉන්න
    රැයත් දැන් ගොළුවෙලා දෙබස් නෑ මුමුනන්න
    මටත් හිත නෑ නගේ රෝස තොල් හැරයන්න......

    ලස්සන කවි ටිකක් සඳූ....

    ජයවේවා!!!

    ReplyDelete
  7. Replies
    1. මෙන්න මෙයත් මෙහෙ ස්තූතී වගේම සතුටුයි පැමිණීමට

      Delete
  8. පොද වැස්සක් වැටෙන වෙලාවට කුඩේ යටින් තනියම යන අපිටත් ඕව හිතෙනවා.ඒ වැස්සේ අරුමය වෙන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙනම් ඉතින් කුඩේ යටින් යන විටදී එපා තනිය දැනෙන්න

      Delete
  9. ලස්සනයි
    ජය වේවා ..!!!

    ReplyDelete
  10. සමා වෙන්න ඕන පමා උනාට එන්න මේ පැත්තෙ. දාපු දාම කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි උනා.
    අපිට කිව්වට ඔයත් ටිකක් ස්ලෝ වෙලා නැද්ද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් මේ ටිකේ හරිම බිසී අනේ මමත්.හැබැයි ඔයාටනම් සමාවක් දෙන්නම නරකයි 4 weeks කියන්නෙ සෙල්ලන්ද ... බ්ලොග් ලියන අය විතරක් නෙවෙයි කියවන අයත් හැලිලා වගෙයි මේ දවස්වල මට පේන විදියට.

      Delete
  11. කෝ බොලව් මන් දාපු කමෙන්ට්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...