සඳට බැළුම් හෙලූ අය

Apr 13, 2017

ආදරයත් ඒ තරමට දෝරය ගැළුවා !






මන්දාරම් අඳුර මැදින්
වැටෙන අනෝරා වැස්සේ
දැවටි දැවටි ළඟින් ළඟින්
අපි පා නගුවා........

මල් ඉහුරුණු කුඩ හෙවනේ
ඔය තරු ඇස් ළඟින් ළඟින්
මගෙ මුහුණට එබෙනා විට
උණුහුම දැනුනා...

කාත් කවුරුවත් නො එනා
රොබරෝසිය මල් පාරේ
ඔය හුස්මක් ළඟින් ළඟින්
නළලත වැදුණා....

හන්තානට වහින  වැස්ස
අනේ එපා නවතින්නට
ආදරයත් ඒ තරමට
දෝරය ගැළුවා....

18 comments:

  1. අනේ සොඳුරු හරිම සුන්දරයි

    ReplyDelete
  2. ම්ම්.... ලස්සන නිර්මාණයක් සඳූ..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී.. කවියෙන් පිලිතුරක් නැති එකනම් ලොකු අඩුපාඩුවක් හැබැයි

      Delete
    2. පාර දිගේ පිපුණු මලක් නෑ මට පෙණුනේ
      දෝර ගලන නුඹෙ ආදරෙ පමණයි දැණුනේ
      මාර ගසක හෙවනක පෙම් උණුහුම රැඳුණේ
      කාර බඳින්නයි අපගේ නෙත් සිත් රැඳුණේ.....

      වැඩ ටිකක් වැඩි නිසයි කවියක් දාන්න බැරි වුණේ සඳූ.
      සඳූගේ අන්තිම කවියේ "වැස්ස" වෙන්න ඕනේ නේද?

      ජයවේවා!!!

      Delete
  3. ///හන්තානට වහින වස්ස
    අනේ එපා නවතින්නට
    ආදරයත් ඒ තරමට
    දෝරය ගැළුවා....///
    අපූරුයි සඳා... ලස්සනයි..
    ඔයාට සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතී නිර්මාණි... ඔයාටත් සුබ නව වසරක්ම වේවා

      Delete
  4. ලස්සන නිර්මාණයක් .සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. මන්දාරම් අඳුර මැදින් සින්දුව මතක් වුනා.

      Delete
    2. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා බක්කරේ... ස්තූතී මෙහෙ ආවට

      Delete
  5. වැස්සක් වැහලා පෑව්වා විතරයි..සුභ අලුත් අවුරුද්දක් සොදුරු

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේව්ව මේ වැස්සට ලියවෙන කවි.... ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා රස්ති

      Delete
  6. 'මන්දාරම් අඳුර මැදින්' ගීතයයි මුලින්ම හිතට අවේ. ලස්සන කවියක් සොඳුරු...
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී පිලෝ ම්ම්ම් ඒකත් බොහොම ආදරණීය ගීතයක් තමයි

      Delete
  7. හැබැයි හන්තාන නගින වෙලාවට නං වැස්ස වහින්නවත් එපා කියලා තමා හිතන්නෙ. කූඩැල්ලො විමානෙ.
    කවි පබැඳුම නං ඉතාම අගෙයි

    ReplyDelete
    Replies
    1. හි හී එහෙමද... කොහෙද මම හන්තාන නැගලා නෑනේ තාම... ස්තූතූ ඉවාන් මේ පැත්තට ආවට

      Delete
  8. නියමයි සොදුරු ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක්වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා.. ස්තූතී ඇගයුමට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...