ඇහැරිච්ච ලාරෝස පෙති මත
සියුම් චුම්බන තබන මඳනළ
හඬා වැටුනා පෙමින් ආතුර
පියාඹා ඇවිත් නෙක බිඟු කැල
උරා බොනකොට මලේ මුවරද
මලේ අයිතිය ඹමර කුළයට
ලියා ඇති මුත් මලක ඉරණම
කාටත්ම කලින් පෙම් පිණි ඉස
පෙම් කරන්නට බැරිද සුළඟට
රැගුවාට බිඟුන් මල වට කර
උන් දන්නෙ නෑ මලක මුල් පෙම
අනඟ රැගුමට පැමිණි ඹමරුට
නොවෙයි සියොළඟ ඉම්ඹ සුළඟට
මුල්ම පෙම දැන දැනත් සුළඟ හැමදාමත් තැවේ
ReplyDeleteදුකම පෙති මත හිරකරන් මලක් තවමත් පසුතැවේ
ප්‍රථම පෙම නොමදැනන් බිඟුන් තුටුවෙයි ලොවේ
එකම හේතුව මත වෙනස් විඳින විඳවන මේ භවේ....
ලස්සන නිර්මාණයක් සඳූ.
මගේ කවිය ගැළපෙන්නෙ නැද්ද මන්දා.
ජයවේවා!!!
ඔයාගේ කවි නොගැලපෙනවනම් ඉතින් ලෝක පුදුමයක් තමා මේ තියෙන්නෙ නියමෙට. ස්තූතී දුමී
Deletehttp://chef-archiect.blogspot.com/2017/06/blog-post.html
ReplyDeleteසුලඟ දුන් වද
Deleteඉවසමි
බිඟු අනග රැගුම්
විඳමි
ඉම්බාට සියොලඟ
සුලඟ
බිඟු දනී
මලෙක මහිම
මේ තියෙන්නෙ ආකී නියමෙට.
Deleteමලක සියුමැලි
ReplyDeleteකොපුල් සිඹිමින්
සෙනෙහෙ තවරා
ලවන් සරමින්
සරන සුළග ට
සෙනෙහෙ පුදදී
මලක්
බිඟුහා
හිනැහුනා...
ශානී.... මේ කවිය අපිටත් කවි ලියන්න හිතෙන තරම් ලස්සන කවියක්....
ඒකනේ ඒකනේ කොහොම හරි මේ නිශ්ෂබ්ද ඈයෝ අවදි වෙනවනම් එච්චරයි
Deleteහොද සංකල්පනාවක් සොදුරු.
ReplyDeleteඒත් මෙහෙමත් කතාවක් තියෙනවා මලකට මතක නිතර දැවටෙන සුළග නොව රොන් බී අහකට යන බඹරුමය කියලා...
ඔව් ඉතින් ඒ සම්මතෙන් පිට පැනලා හිතලා තමා මෙහෙම ලිව්වේ
Deleteඕවාට කවි වලින් රිප්ලයි කරන්න අපට බැහැ නේ... ඒ කොහොම වෙතත් ඔයාගේ අවුට් ඔෆ් ද බොක්ස් රොමෑන්ස් වලට හැමදාමත් වගේ මගේ කැමැත්ත මේකටත්..
ReplyDeleteහා හා.. උත්සහ කලොත් බැරි වෙන එකකුත් නෑ කොච්චියො...ස්තූතී ඉතින් මේ ඇගයීමට
Deleteඕවාට කවි වලින් රිප්ලයි කරන්න අපට බැහැ නේ... ඒ කොහොම වෙතත් ඔයාගේ අවුට් ඔෆ් ද බොක්ස් රොමෑන්ස් වලට හැමදාමත් වගේ මගේ කැමැත්ත මේකටත්..
ReplyDeleteස්තූතියි කොච්චි අදනෙ මේ කමෙන්ට් දැක්කේ.
Delete