සඳට බැළුම් හෙලූ අය

Jun 3, 2017

සත්තමයි එය එසේ විය යුතුමය !





ගෑවි ගෑවී උරෙ'නුර
තුරුළු වී ගෙන
එක කුඩේ යට
වැහි වළාවට
මුවා වෙන සඳ
ඔබේ දඟැ'ගිලි
මගේ ගෙළ මත
හුරතල් විය යුතුමය....

හීන් පිණි මල්
වැස්ස සිප ගෙන
හමන මුඳු මඳ නල
විසුරුවද්දි අක්ඹබරු
කෙස් රොද මෑත්කර
නලල් තල මත
හාදු පිංචක්
තැවරිය යුතුමය....

දෙනෝදාහක්
යනෙන මඟ වුව
මුවා වී පොඩි මල්
කුඩේ යට
පාත්වී තෙත
කම්මුලක් මත
තැබිය යුතුමය
හාදු සළකුණ....

15 comments:

  1. නිතර ඳඟැඟිලි රදවමින් නුඹෙ ගෙලම උණුහුම් කරන්නම්
    හතර අත යන හීතලේ ඔය නළල් තලයම සිඹින්නම්
    වතුර බිඳුවක් රැඳුණු තොල් මත හාදු සළකුණ තබන්නම්
    ගෙදර ගිය පසු සත්තලන්ගේ හීන අහුරම කියන්නම්.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. //තැබිය යුතුමය
    හාදු සළකුණ....//
    නියමයි හොඳේ... ^_^

    ReplyDelete
  3. "sl diaries" බැලුවොත් තව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් හාදු ගැන

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්පා ඔයා කිව්ව නිසාම සර්ච් කරලා බැලුවා...මට පිස්සු වගේ හය්යූ...

      Delete
  4. මට මතක් උනේ අපේ උන්දැගේ පලවෙනි හාදුව.. හීනයක් වගේ තාමත්.. :)

    ReplyDelete
    Replies
    1. මොන තරම් මිහිරිද ඒ මතකය නේද කමී

      Delete
  5. හාදු ගැන ලස්සනට ලියලා නොවැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් එසේය එසේය

      Delete
  6. ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
    තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
    සඳ හාදු දිදී වලා පෙළට සේද යහන සේ
    හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී

    බිෂ්කෑව්......
    හාදු හාදු හාදු හිහි
    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් හාදු ගැන ගීත ගොඩක්නේ... ස්තූතී මතක් කලාට

      Delete
  7. මං ආසම කවි පෙළක් මේ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...