සඳට බැළුම් හෙලූ අය

Jul 2, 2017

මේ ප්‍රථම වසන්තයයි 3




මේ ප්‍රථම වසන්තයයි  1

මේ ප්‍රථම වසන්තයයි  2


ඇත්තමයි දඩෝං ගාලා ඔයා ඒ අහපු ප්‍රශ්නෙට මට උතුර දකුණත් මාරු උනා.දැන් ඉතින් මම කොහොමද මේකට උත්තර දෙන්නේ...? මගේ මූණ දිහාම කෙලින් බලන් ඉන්න ඔයාගේ ඇස් මඟ ඇරලා මගේ ඇස්වලට දුවන්න තැනකුත් නෑ.

මොකද මේ බය වෙලා වගේ ඇස් දෙකත් උඩ තියන්... ළමයෝ මම ඇහුවේ සාගර කියල කෙනෙක් ඉන්නවද නැද්ද කියල විතරයි... ඔව් නම් ඔව් නැත්තන් නෑ.. හරි සරළයිනෙ...

ඔයා හිනාවෙලා එහෙම කිව්වට ඔයාගෙ  මූණෙ තිබුනෙ   උඹේ ඔය අලිම අලි බොරුව මම  දන්නවා කියන බැල්මක්.එහෙම හිතෙන කොටනම් මට දැනුනෙ කියන්න බැරි තරම් ලැජ්ජාවක්.ඕනෙනම් ඉන්නවා ඇයි මොකද අහලා ලොකු පාර්ට් එකෙන් කතා කරන්නත් පුලුවන් ඒත් එතනින් එහාට අහන දේවල් වලට බොරු මවන්න ගියාම අමාරුවේ වැටෙන්නෙ ආයෙමත් මමමයි.අන්න ඒ නිසාම මම මෙතනින් එහාට ඒ බොරුවට තවත් පන දෙන්නෙ නෑ කියල හිතා ගත්ත.මම ඒ ඇස් මඟ හැරල හිමිහිට නෑ කියල  බිම බලා ගත්ත. ඇත්තමයි ලැජ්ජාව තරමටම මහා අසරණ කමක් මගේ හිතට දැනුන.ඒ අසරණකම ඇස් වලින් බිමට කඩං වැටෙයි කියල මම බය උනා.ඔයා මහා බරට ඒත් සැහැල්ලු හුස්මක් පිට කරන සද්දෙ මට හොදටම ඇහුන.

හප්පා... පේනවද මේකි මට කියපු බොරුවේ තරම... හ්ම් හ්ම්.. දැන් ඉතින් ඔලුව උස්සනවා දඬුවම් දෙන්න තියෙනවා...

මොනම අවස්ථාවකදීවත් මම ළඟදි වෙනස් නොකරන ඔයාගේ සැහැල්ලු හිනා කතා ඒ විදියමයි.මේ අසීරු අවස්ථාවේ මටත්  එහෙම වෙන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද.

මේ දන්නවද මැඩම්... ඔයාට boy friend  කෙනෙක් නෑ කියල මම දැන ගෙන ගොඩාක් කල්..

ඔයා එහෙම කිව්වම මගේ ඇස් දෙකත් උඩ ගියා.

ගොඩක් කල්... ?

හ්ම්ම්... ඔව් අපි මුණනොගැහි  චැට් වලින් විතරක්ම කතා කරපු කාලෙනම්  ඔයාට කොල්ලෙක් ඉන්නවා කිව්වම මම ඒක විශ්වාස කලා.ඒත් ඔයාව මුලින්ම හමුවෙච්ච දවසෙම මම දැනගත්තා කොල්ලෙක්නම් නෑ  කියල...

ඒ කොහොමද ..?

දැන් ඉතින් මමත් හිටපු තත්වය සේරම අමතක කරල ඔයාගෙ ප්‍රෙහේලිකා කතන්දර වල සුල මුල හොයන්න හදන්නෙ.

මෙහෙමනේ... දැන් ඔයා මාව බලන්න සුමානෙට දවස් දෙකක් තුනක්වත් මෙහෙට ආවනේ.. ඇවිත් පැයක් දෙකක් ඉන්නවත්නෙ  ඒ එකම දවසකවත් ඒ වෙලාවට ඔයා ඔය කිව්ව සාගර කතා කලේ නෑනේ...ඔයා එයාට කතා කලෙත් නෑනේ..ඒ විතරක් නෙවෙයි මම රෑ කීයට ඔයාට කෝල් ගත්තත් ඒ කිසිම වෙලාවක ඔයාගේ ෆෝන්  එක waiting නෑ. ඔයා වගේ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් රෑ නමය වෙනකොට ඔයාට දොයිය බබා කියන්න දෙයි කියලද  ඔයා හිතන් ඉන්නෙ...? අනේ මෝඩි ඔයා මොකක් හරි හේතුවකට මට චැට් එකේදි කොල්ලෙක් ඉන්නවා කියල  බොරු කිව්වට ඒ බොරුව maintain කරන  විදිය දැනන්  හිටියෙ නෑ...

ඔයා කියන ඒව මම අහන් හිටියෙ ලැජ්ජාවට කොහේ හරි හැංගෙන්න තැනක් තියෙනවද කියල හිත හිත.ඒත් ඔයා කියන්නෙ ඇත්ත තමයි ඔයාගෙ  වෙන්න ඉන්න එයාගෙන් මම ඉන්න පැයට දෙකටත් ඔයාට කෝල් එනව දෙතුන් පාරක්.ඔයාට එහෙම කෝල් එද්දි ඔයාට පේන්න මටත් සාගරගෙන් කෝල් එකක් එන විදියට කතා කරන්න උවමනාව තිබුනත් ඔයා ඉස්සර ඒ වගේ රඟපැමක් කරන්න තරම් මම පැහිල හිටියෙ නෑ.සාගර ගැන එක එක කතන්දර මම ඔයාට ගොත ගොත කිව්වෙ ෆෝන් එකෙන් විතරමයි.සාගර හෙට මාව meet වෙන්න එනවා.. අපි zoo යනවා .. අපි beach ගියා ... ඔය වගේ කතා මම ගොත ගොත කියද්දි ඔයත් ඒවට එක එක විහිලු කර කර අහන් හිටියෙ මම මේ කරන්නෙ බොරුවක් බව දැන දැන කියල දැන ගනිද්දි ඇත්තමයි මට පොලොව පලාගෙන යන්න හිතුන.

ඔය හොරේ අල්ල ගත්ත හැටි කියන්න තව ඕන තරම් දෙවල් තියෙනව බබා..ඒත් ඉතින් ඒ සේරම වැඩක් නෑ .. අනික අපිට ඕවා කතා කර කර ඉන්න දැන් වෙලාවකුත් නෑනේ..ඔයාට පරක්කු වෙනවනෙ...

ඔයා එහෙම කිව්වට පස්සෙත් මම හිටියෙ මම මොනවද කියන්නෙ කියල හිතා ගන්න බැරුව.අන්තිමට ආයෙත් කතා කලේ ඔයාමයි.

දන්නවද මේ  ගැන කවදම හරි ඔයාම කියනකන් ඔයාගෙන් අහන්නෙ නෑ කියල තමයි මම හිතන් හිටියෙ.. ඒත් එදා වෙච්ච පොඩි පොඩි දෙවල් ගැන ඔයා මේ තරම්  බය උනාම මේ තරම් පසුතැවෙනකොට මගේ යාලු කමත් එපා කියල ඉන්න තරමටම හිතුවක්කාර උනාම ඇත්තටම මටත් බය හිතුනා නිකමට හරි සාගර කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවදෝ.... ඉන්නවනම් එයා ළඟ ඔයා ඇත්තටම අපහසුතාවයට පත් වුනාවද්දෝ කියල....ඒ ගැන මට ශුවර් කර ගන්න ඕන නිසයි මම අද ඉස්සෙල්ලම ඒ ගැන ඔයාගෙන් අහල හිටියෙ....
ඔයා කියාගෙන කියාගෙන ගියේ හුස්මවත් ගන්නෙ නැතුවද මන්දා.. මම ඔහේ අහන් ඉන්නවා.

අම්මෝ... ඇති යාන්තං....දැන් එහෙම එකෙක් හිටයනම් මම උගෙනුත් සමාව ගන්න එපැයි... උගේ සුදු බෝල ගෙඩිය දඩෝරියං ගලා පොලේ ගැහුව එකට..

අත දෙකයි කකුල් දෙකයි දෙපැත්තට විහිදගෙන බොහොම සැහැල්ලුවෙන් ඔයා එහෙම කිව්වමනම් මට  බකස් ගාලා හිනා ගියා.මම හයියෙන් හිනා වෙනකොට ඔයා සද්දයක්වත් නැතුව මගේ දිහාම බලන් ඉන්නව මම දැක්කෙත් චුට්ටක් වෙලා ගියාට පස්සෙ.ඒ වෙලාවෙ ඔයාගෙ මූණෙ තිබුන ඒ ආදරණීය බැල්ම මට කවදාවත් අමතක වෙන එකක් නෑ.

හැමදාමත් ඔහොම හිනා වෙලා ඉන්න බබා... ඔය හිනාව.......

කියාගෙන ආපු මොකක් හරි දෙයක් ඔයා අතරමඟ නැවැත්තුව.ඊ ළඟට  කතාව පටන් ගත්තෙ ආයෙ වෙන තැනකින්.

හරි දැන් ඊ ළඟට...

ආයෙමත් ඔයා පුටුව පැදගෙන මගේ ඇස් ඉස්සරහටම ඇවිත් නැවතුනා.

එදා මගේ අතින් වෙච්චි දේට මට ගොඩක්.. ගොඩක්  සමාව දෙන්න  බබා... මම හීනෙකින්වත් හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා.හැබැයි මම මේ සමාව ඉල්ලන්නෙ ඔයාව  වට්ටපු එකට ඒකෙන් ඔයාට වෙච්ච තුවලා වලට, වේදනාවට  විතරයි. ඊට පස්සෙ උන කිසිම දේකටනම් මම සමාව ගන්නෙ නෑ... ඇයි දෙයියනේ මගේ වරදින් බිම වැටුන කෙනෙක්ව නැගිට්ටන එක ,ළඟට ගන්න එක, කඳුළු පිහිදාන එක වරදක් නෙවෙයිනෙ...ඔයා නෙවෙයි ඒ වෙලාවෙ කවුරු මෙතන හිටියත් මගේ අතින් ඒ ටික වෙනවා...අනික ඒ කිසිම දෙයක් සිද්ධ උනේ වැරදි අදහසකින් නෙවෙයි හිතල මතලා කරපු දේවලුත් නෙවෙයි...

කාට උනත්....?

ඔන්න එතකොටනම් මගේ කටට කොහේ තියෙන පනක් ඇවිල්ලද මන්දා ඉබේටම වචන එලියට පැන්නා

කාට උනත් කිව්වෙ  බං.. අර පාරෙ යන ගෑණුන්ගෙ බෑග් වලින් අතින් පයින් අදින්නෙ නෑනෙ මම ගිහින් විහිලුවට කියලා.එහෙම දෙයක් වෙන්නෙ මට ළඟ මම ආදරේ කරන කෙනෙකුටනෙ... අන්න එහෙම කෙනෙකුට ඔය කිව්ව දෙවල් මගේ අතින් වෙන්න පුලුවන් කියන එක...


ඔව් ඒක එහෙම වෙන්න ඇති.ඒත්  ඔයා එහෙම කිව්වම  මගේ හිත හීනි පිහි තුඩකින් හාරනව වගේ වේදනාවක් මට දැනුන.ඒක ආදරේ වෙන්න ඇති කියල, ඒක ඊරිසියාව වෙන්න ඇති කියල මම එදා වගේම අදත් විස්වාස කරනව.

ඉතින්... නපුරු කෙල්ලේ... දැන් ඔය ඇති නේද මට දඬුවම් දුන්නා... අපි මේ අවනඩුව මෙතනින්ම ක්ලෝස් කරල දාමු නේ...?

ඔයා එහෙම අහනකොට මමත් බොහෝ දුරට කලින් හිටපු තත්වෙට ඇවිත් තිබුනේ.හොරාට හිතේ හැංගිච්ච දෙවල් ඇරෙනකොට අනිත් සේරම බර බිමින් තිබ්බ වගේ සැහැල්ලුවක් මගේ හිතටත් දැනුනා.

එහෙම බෑ...

මම එහෙම කිව්වෙ මූණට බොරු තරහක් මවාගෙන

එහෙනම්...?

මට cornetto අයිස් ක්‍රීම් දෙකක් ඕනෙ.


දෙන්නම් පැටියො දෙන්නම්...දෙකක් නෙවෙයි අයිස් ක්‍රීම් කරත්තයක්ම අරන් දෙන්නම් ඔන්න ඔහොම ඉන්නවනම් ඉස්සර වගේම... හැබැයි අද නෙවෙයි ... හෙටත් මාව බලන්න ආවොත් තමයි අරන් දෙන්නෙ... දැන් කොහොමත් වෙලා නෑනෙ  බබා... දැන් ඉක්මනට ලෑස්තිවෙන්න  මම බස් එකට ගිහින් දාන්නම්.. දැන් කරුවලත් වැටිලා...

ඔයාගෙ මේ ආදරේ පිරිච්ච ආමන්ත්‍රණ ඇත්තටම මට දැන් දැන් දරා ගන්න බැරි තරම්.හැබැයි අපේ යාලුකම පටන් ගත්ත දවසෙ ඉදලම ඔයා මට කතා කලේ ඔය විදියට කවදාවත්  මගේ නම කියලා මට කතා කරල නෑ.කටට එන හිතෙන හිතෙන නම් .. සමහර ඒවා මම ජීවිතේට අහලත් නැති නම්...මුල්ම කාලෙදිනම්  ඔයා බබා , සුදූ  අරක මේක කියල මට කතා කරනකොට මට දැනුනෙ තරහක් මේ කොහෙවත් ඉන්න එකෙක් මට මොකටද එහෙම කියන්නෙ කියල හිතල. ඒත් ඉතින් මම එපා කිව්වයි කියල ඔයා එහෙම කතා කරන එක නැවැත්තුවෙත් නෑ. පස්සෙ පස්සෙ මට ඒක ගානක් උනෙත් නෑ. ඒත් දැන්.... එහෙම කතා කරද්දි පපුවට මොකදෝ වෙන්න පටන් අරන්.

ඔයා මාව කොහුවල හන්දියෙන් බස් එකකට නග්ගනකොට හැන්දෑවෙ හයත් පහුවෙලා.ඒ වෙලාවට කොහුවලින් 120 බස් එකකට නගින්න මාර යුද්ධයක් කරන්න ඕනෙ.පොරකාලා පොරකාල බස් එකකට නැගල කිටි කිටියෙ හිර වෙලා යන එක ජීවිතේ මට එපාම කරපු දෙයක් ඒත් ඉතින් අද එහෙම කරන්නම වෙනවා.

ආ... පේනවනෙ මැඩම් අද ෆුට්බෝඩ් තමා යන්න වෙන්නෙ... ඕක තමා කියන්නෙ බයික් එකක යන්න පුරුදු වෙන්න කියලා.. එහෙම උනානම් මම ගිහින් දානවනේ...

ඔයා එහෙම කිව්වෙ වෙනද වගේ විහිලුවටත් නෙවෙයි හරියට නිකන් මට බනිනවා වගේ තරහින්.අනේ එයානම් කියයි තව බයික් වලත් පලයන්කෝ තුරුල් වෙලා එයාටනම් මොකද මටනෙ විඳවන්න වෙන්නෙ..මම ඉතින් එව්ව කිව්වෙ නෑ හිතින් හිතුවා විතරයි.


අන්තිමට ඔයා මාව නැග්ගුවෙ ඉන්ටර්සිටියකට කොහුවලින් කීප දෙනෙක්ම බැස්ස නිසා ඒකෙ පහසුවට හිටගෙන යන්න හරි ඉඩ තිබුනා.

පරිස්සමින් ... බුදුසරණයි බබා... වාඩි වෙන්න හම්බුනොත් මට කෝල් එකක් ගන්න හොදේ...

ඔයා එහෙම කියල මට සමුදුන්න. මම සීට් එකකට වාරු වෙලා ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්ත.

මම එහෙම ඇස් පියාගෙන මතක් කලේ. අපේ යාලු කම ආරම්භ උන හැටි. ඔව් ඊළඟට මම ඔයාලට ඒ කතාවත් කියනවමයි.මේ කතාවට ඒ ටික නැති උනොත් අඩුවක්. ඉතින් බලන් ඉන්නකෝ මම ඒ ටිකත් ඔයාලට කියන තුරු.

40 comments:

  1. Replies
    1. හෑ... කියවලද ලස්සනයි කිව්වෙ මට දාල ඇහි පිය ගහන්නත් හම්බුනේ නෑනේ ?

      Delete
  2. ලස්සනයි සඳූ. මට දුක මේ වගේ ආදරණීය කතා ලියන සඳූ මැල්ලුමක් නොහදපු එකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙයි රොමාගෙයි කතා කියවනකම් මට ඒ ගැන ආයෙ මතක් උනේ නෑ අප්පා. එතකොට ඉතින් අන්තිම දවස් වගේනේ. ඒ නිසා වැඩේ අත ඇරලා දැම්මා

      Delete
  3. හරිම නරකයි . කුතුහලය අවුස්සලා නතර කලානෙ. ඊලඟ කොටස නම් ඉක්මනටම ඕනෙ . 120 බස් එක, කොහුවල හන්දිය මටත් හුරුපුරුදු තැන්. ඒනිසා මේ කතාව තදිින්ම දැනෙනවා. ජයවේවා සොඳුරු මිතුරිය ...

    ReplyDelete
    Replies
    1. කතා ලියද්දි ඔය ඉක්මන කියන එක තමා මට නැත්තෙම අප්පා.. හි හී... කොහුවල පිලියන්දල හුරුපුරුදු තැන්නම් මේකෙ අනිත් කොටස දෙනකම් ඔයා මගේ නවකතාව කියවන්න ඉඩ තියෙන වෙලාවට ( දෙනුවන් අනුහස ) ඒකත් මේ නගර වලම ඉදගෙන ලියපු එකක්.

      Delete
  4. ///දන්නවද මේ  ගැන කවදම හරි ඔයාම කියනකන් ඔයාගෙන් අහන්නෙ නෑ කියල තමයි මම හිතන් හිටියෙ..///

    සියුමැලියි...සොඳුරුයි....!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මම කියනකම්ම අහන්න එපා ඔයත් ආකි හොදේ...

      Delete
  5. ඉයාව්....

    බලවත් විරෝධය!!! ඉයාව්... ඉයාව්... ඉයාව්.....

    ReplyDelete
  6. මියාව්... මියාව්... මොකද දෙයියනේ මේ විරෝධය ?

    ReplyDelete
    Replies
    1. විරෝධය වෙන මොකද්ද ඉතින් සතියක් තිස්සේ ඔෆිස් එකට වෙලා ඉඳලත් මේකේ දෙකෙන් එකක් බෙරන්නේ නැතුව ආයෙත් පටන්ගත්ත තැනටම ඇවිත් අතෑරපු හින්දනේ!

      ඉයාව්... ඉයාව්!

      Delete
    2. එහෙම බේරගන්න තිබුනනම් මොනා කරන්න බැරිද අප්පා දුක තමා

      Delete
    3. ඒවාට සම්පුර්ණ වැරැද්ද ඔයාගේ! මොකටද ඒ ළමයව එහෙම ඔෆිස් එකේ සතියක් හිරකරලා තිබ්බේ? කවුද දැන් මේවට වගකියන්නේ??

      Delete
  7. ඉක්මනට අනිත් කොටසත් ලියන්න. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් දෙන්නම්කෝ හොදේ

      Delete
  8. සොඳුරු ප්‍රේමනීය කතාවක්, රහට ලියනවා නගේ

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතී අක්කා හදවතින්ම ඔයා දෙන මේ ඇගයීමට

      Delete
  9. මං කතාකර කර ඉදලා අතුරුදහන් උනේ මේක දැකලා ශානී.... හිතුනොත් ඔයා ඔක්කොම ලිව්වට පස්සෙ මං කියවනවා... මෙහෙම බලන් ඉන්න බෑ.
    ලිඛිතාගේ කතාත් මං කියෙව්වෙ එහෙම :)

    ReplyDelete
    Replies
    1. හී හී එහෙමත් හොදා තමයි.. අනේ මම බාන්න්ම්කෝ මේක ඉක්මනට ලියලා ඉවර කරන්න. මේක මේ මෙහෙම දිගට ගෙනියන්න හිතාගෙන ලිව්වා නෙවෙයි අනේ. ඒත් ඉතින් අන්තිමට එහෙම උනා

      Delete
    2. Buddhika: හය්යු... ඒ මොකද? ඒ කියන්නේ කොටස් විදියට කියෝගෙන යන්න තරම් දෙයක් නැද්ද?

      Delete
    3. @ලිඛිතා.. අනේ එහෙම නෙවෙයි... මුලුකතාවම එක හුස්මට කියවන්න හිතෙන නිසා නේ

      Delete
  10. ලස්සනයි සඳ සාගර ගැන කියලා තියෙන බොරු ගොඩ හප්පේ

    ReplyDelete
    Replies
    1. සඳ නෙවෙයි අනේ මේ කතාවෙ ඉන්න එකීනෙ

      Delete
    2. එතිට තමයි අනේ මාත් කිව්වේ මේ

      Delete
  11. ලස්සනයි හොඳේ... ඒත් මගෙත් බලවත් විරෝදය... තව ටිකක් ලියලා ඉවර කරන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ ඊ ළඟ එක දෙන්නම් දිගට

      Delete
  12. කතාව ලස්සනට ගලාගෙන යනවා.දිගටම ලියන්න .

    ReplyDelete
  13. ඔය ඩබල 120 බස් එහෙක ඉන්දැද්දි මගේ ඇගේ හැපෙන්නත් ඇති සමහර විට...

    ReplyDelete
    Replies
    1. හැබෑට.. අප්පා එහෙනම් ඉදිරියේදි පරිස්සම් වෙන්න ඕන හි හී

      Delete
  14. හොද වැඩේ කොල්ලන්ට බොරු කියනවට , හේ හේ හේ ...
    සත්තලන් මුල ඉදලම දැනගෙනනේ ඉදල තියෙනේ හේ හේ හේ .

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...