සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Aug 17, 2017
ඉඩ දෙන්න මට ඉතින් සමුගන්න !
ඉතින් තව අපි අපේමැයි කියා නොසිතන්න
ආදරෙයි හා පැටික්කිට මගේ නොකියන්න
ඔය වචන වලින් හිත කුඩු වෙන්න
වෙඩි තියන්නට ආයෙ නොම එන්න
හිත මත්තෙ හීනියට ඇවිදින්න
පපුව මැද්දට වෙලා හිනැහෙන්න
ඇහි දාර අඟිස්සෙන් ගිලිහෙන්න
වදින්නම් ආයෙනම් නොම එන්න
බිඳුණු පසු හීන යලි අහුලන්න
නාය ගිය තැන් ආයෙ හාරන්න
මගෙ අහසෙ සඳ වෙලා පායන්න
වදින්නම් ආයෙනම් නොම එන්න...
( මේ කවිය මම ලිව්වේ පොකුරු වැහි අක්කා ෆ්බී එකට දාපු කවියකට කමෙන්ට් කවියක් ලෙසයි.)
Subscribe to:
Post Comments (Atom)
වඳින්න එපා.. ආයේ නෑවිත් ඉන්නම්.. :))))
ReplyDeleteඅඩේ බ්ලොග් එකට නාවොත් අඩු කඩනෝ
Deleteඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මගෙන්
Deleteහුරේ.. සාහායට ඩැනී කෙනෙකුත් ඉන්නවා ... මරු ලිඛිතෝ
Deleteඊළඟට අඬු කඩන්නේ ඔබතුමිගේ! අර යසට ලියාගෙන ආපු කතාව නොදා වෙන වෙන එව්වා ලියල අපිව මෙව්වා කරනවට
Deleteවඳින්න එපා.. මාත් ආයේ නෑවිත් ඉන්නම්.. :) මූදෙ ඉන්නෙ එක මාළුවයෑ?
ReplyDeleteඅනේද කියන්නෙ ... හැබැයි බ්ලොග් එකට නාවොත් උඩ කමෙන්ට් එකම ඔබ තුමාටත් අදාලයි
Deleteහඬන්නට එපා තව දුකක් නොදෙනට බලන්නම්
ReplyDeleteහිතන්නට එපා තව නොපෙනෙනා තැන හිඳින්නම්
රැඳෙන්නට එපා නම් මතක පිහදා දමන්නම්
වඳින්නට එපා මම ආයෙ නෑවිත් හිඳින්නම්......
ජයවේවා!!!
හි හී හා හා
Deleteඑක නම් හිතටම වැදුනා වගේ ;( සමහර මතක වගේ
ReplyDeleteම්ම්ම්ම් එහෙමද
Deleteහ්ම්ම්ම්
Deleteබිඳුණු හීන යලි අහුලන්න
ReplyDeleteපපුව මැද්දට වෙලා හිනැහෙන්න
මගෙ අහසෙ සඳ වෙලා පායන්න
වදින්නම් ආයෙත් ඔබ එන්න
ඔව් එහෙමත් නරක නෑ වගේ
Deleteලස්සනයි සඳු හරිම
ReplyDeleteකලින් කියෙව්වා මතකයි එදා වගේම වින්දා අදත්.
ස්තූතී යාත්‍රා
Deleteඔබට ඕනෙ අදුරමනම් හදට ඉලක්කය අරන් වෙඩි තියන්න
ReplyDeleteහා
ReplyDelete