සඳට බැළුම් හෙලූ අය

Aug 17, 2017

ඉඩ දෙන්න මට ඉතින් සමුගන්න !




ඉතින් තව අපි අපේමැයි කියා නොසිතන්න
ආදරෙයි හා පැටික්කිට මගේ නොකියන්න
ඔය වචන වලින් හිත කුඩු වෙන්න
වෙඩි තියන්නට ආයෙ නොම එන්න

හිත මත්තෙ හීනියට ඇවිදින්න
පපුව මැද්දට වෙලා හිනැහෙන්න
ඇහි දාර අඟිස්සෙන් ගිලිහෙන්න
වදින්නම් ආයෙනම් නොම එන්න

බිඳුණු පසු හීන යලි අහුලන්න
නාය ගිය තැන් ආයෙ හාරන්න
මගෙ අහසෙ සඳ වෙලා පායන්න
වදින්නම් ආයෙනම් නොම එන්න...

( මේ කවිය මම ලිව්වේ පොකුරු වැහි අක්කා ෆ්බී එකට දාපු  කවියකට කමෙන්ට් කවියක් ලෙසයි.)

18 comments:

  1. වඳින්න එපා.. ආයේ නෑවිත් ඉන්නම්.. :))))

    ReplyDelete
    Replies
    1. අඩේ බ්ලොග් එකට නාවොත් අඩු කඩනෝ

      Delete
    2. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මගෙන්

      Delete
    3. හුරේ.. සාහායට ඩැනී කෙනෙකුත් ඉන්නවා ... මරු ලිඛිතෝ

      Delete
    4. ඊළඟට අඬු කඩන්නේ ඔබතුමිගේ! අර යසට ලියාගෙන ආපු කතාව නොදා වෙන වෙන එව්වා ලියල අපිව මෙව්වා කරනවට

      Delete
  2. වඳින්න එපා.. මාත් ආයේ නෑවිත් ඉන්නම්.. :) මූදෙ ඉන්නෙ එක මාළුවයෑ?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ ... හැබැයි බ්ලොග් එකට නාවොත් උඩ කමෙන්ට් එකම ඔබ තුමාටත් අදාලයි

      Delete
  3. හඬන්නට එපා තව දුකක් නොදෙනට බලන්නම්
    හිතන්නට එපා තව නොපෙනෙනා තැන හිඳින්නම්
    රැඳෙන්නට එපා නම් මතක පිහදා දමන්නම්
    වඳින්නට එපා මම ආයෙ නෑවිත් හිඳින්නම්......

    ජයවේවා!!!

    ReplyDelete
  4. එක නම් හිතටම වැදුනා වගේ ;( සමහර මතක වගේ

    ReplyDelete
  5. බිඳුණු හීන යලි අහුලන්න
    පපුව මැද්දට වෙලා හිනැහෙන්න
    මගෙ අහසෙ සඳ වෙලා පායන්න
    වදින්නම් ආයෙත් ඔබ එන්න

    ReplyDelete
  6. ලස්සනයි සඳු හරිම
    කලින් කියෙව්වා මතකයි එදා වගේම වින්දා අදත්.

    ReplyDelete
  7. ඔබට ඕනෙ අදුරමනම් හදට ඉලක්කය අරන් වෙඩි තියන්න

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...