සඳට බැළුම් හෙලූ අය
Oct 25, 2017
ජීවිතෙම දැන් ඔබ මගේ !
හිත ගාව මල් හීන
මල් වාගේ පිපුනාම
ඔබ එන්න මල් මාවතේ...
අර ඈත සඳ ගාව
තරුවක් වගේ ඉන්න
වරුවක්ම මගෙ ජීවිතේ...
එලිවෙච්ච ඒ හීන
පන වාගෙ රැක ගන්න
මුඳු හාදු තවරා මුවේ...
මට ආයෙ හිනැහෙන්න
හීනය ළඟින් ඉන්න
ජීවිතෙම දැන් ඔබ මගේ....
නෙතඟින් බලා කීව
සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ...
හිම හීත බිඳු වාගේ
හීතලට ඇවිලෙන්න
උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හිම හීත බිඳු වාගේ
ReplyDeleteහීතලට ඇවිලෙන්න
උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....
හෙලා දකිමි මෙව්වා, කමෙන්ට් නෙවෙයිනෙ මගේම වචන කොපි කරලා පේස්ට් කොලාම ඒව්වා කමෙන්ට් වෙනවද ආ...?
DeleteCopy cat...:)
Deleteපාත නිම්නෙක පිපුණු සුන්දර මලේසිහින ගෙන හදවතින්
ReplyDeleteඈත නිළඹර තරුව නැතිමුත් ගෙනෙමි එහි සුව මගෙ නෙතින්
සීත නලියන විටදි උණුහුම සුසුමකට දෙමි මුව මතින්
දෑත ගෙලවට දමා තුරුලට ගනිමි සොඳුරිය දැන් ඉතින්.....
ජයවේවා!!!
මේ කවි කමෙන්ට් නැතුව බ්ලොග් ලෝකෙම පාලු වෙලා තිබුනේ... සතුටුයි දුමී ආයෙත් ආව එකට
Deleteඉතාම ලස්සන පබැදුමක් අද තියන ඇතැම් නරි නාටක ගීතවලට වඩා ගීතවත් බවක් තියනවා. හොඳ සංගීතඥයකුට මේ ගීතය ලබා දෙන්න කියා ඉල්ලනවා විශේෂයෙන් දයාන් විතාරණ වගේ කෙනෙකුට
ReplyDeleteවිචාරක දියණිය
ස්තූතී ඔබේ මේ ඇගයීමට... බොහොම සරල සුලබ වචන ඒත් මමත් මේ මගේ පද වලට බොහොම ප්‍රියයි.. බලමු ගීතයක් වෙන හීනෙ හැබෑවක් වේවිද කියලා
Deleteපාට පාට
ReplyDeleteලස්ස්නන හීන
නෙතු අද්දර වියැකී ගිය
ඉක්මන
මට බයයි
ඒ හීන
අයෙමත්
බොදව යයි කියා
ම්ම්ම් අපුරුයි... ස්තූතී
Deleteමට කලින් කවුද ඇවිත් මගේ නමින් කොමෙන්ටෙකක් දාල ගිහින් නේ..
ReplyDeleteසිංදුවකට අගෙයි තමයි..
කෝ කොහෙද මම දැක්කෙ නෑනේ ...
Deleteආ තේරුනේ දැන්නෙ හි හී එයා කලණ ඔයා සිරි නේ
Delete//උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....//
ReplyDeleteඔක්කොම පිටවෙලා ගියා නෙ.......
සුසුම් කියන ඒවා ඉතින් එහෙම ඉවර වෙනවද ... අනේ මන්දා..
Deleteගීතයක් වගේ....
ReplyDeleteම්ම්ම්ම් ඔව් අරූ
Deleteඑල
ReplyDelete