සඳට බැළුම් හෙලූ අය

Oct 25, 2017

ජීවිතෙම දැන් ඔබ මගේ !




හිත ගාව මල් හීන

මල් වාගේ පිපුනාම
ඔබ එන්න මල් මාවතේ...
අර ඈත සඳ ගාව
තරුවක් වගේ ඉන්න
වරුවක්ම මගෙ ජීවිතේ...

එලිවෙච්ච ඒ හීන
පන වාගෙ රැක ගන්න
මුඳු හාදු තවරා මුවේ...
මට ආයෙ හිනැහෙන්න
හීනය ළඟින් ඉන්න
ජීවිතෙම දැන් ඔබ මගේ....

නෙතඟින් බලා කීව
සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ...
හිම හීත බිඳු වාගේ
හීතලට ඇවිලෙන්න
උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....

17 comments:

  1. හිම හීත බිඳු වාගේ
    හීතලට ඇවිලෙන්න
    උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....

    ReplyDelete
    Replies
    1. හෙලා දකිමි මෙව්වා, කමෙන්ට් නෙවෙයිනෙ මගේම වචන කොපි කරලා පේස්ට් කොලාම ඒව්වා කමෙන්ට් වෙනවද ආ...?

      Delete
  2. පාත නිම්නෙක පිපුණු සුන්දර මලේසිහින ගෙන හදවතින්
    ඈත නිළඹර තරුව නැතිමුත් ගෙනෙමි එහි සුව මගෙ නෙතින්
    සීත නලියන විටදි උණුහුම සුසුමකට දෙමි මුව මතින්
    දෑත ගෙලවට දමා තුරුලට ගනිමි සොඳුරිය දැන් ඉතින්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ කවි කමෙන්ට් නැතුව බ්ලොග් ලෝකෙම පාලු වෙලා තිබුනේ... සතුටුයි දුමී ආයෙත් ආව එකට

      Delete
  3. ඉතාම ලස්සන පබැදුමක් අද තියන ඇතැම් නරි නාටක ගීතවලට වඩා ගීතවත් බවක් තියනවා. හොඳ සංගීතඥයකුට මේ ගීතය ලබා දෙන්න කියා ඉල්ලනවා විශේෂයෙන් දයාන් විතාරණ වගේ කෙනෙකුට
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ මේ ඇගයීමට... බොහොම සරල සුලබ වචන ඒත් මමත් මේ මගේ පද වලට බොහොම ප්‍රියයි.. බලමු ගීතයක් වෙන හීනෙ හැබෑවක් වේවිද කියලා

      Delete
  4. පාට පාට
    ලස්ස්නන හීන
    නෙතු අද්දර වියැකී ගිය
    ඉක්මන

    මට බයයි
    ඒ හීන
    අයෙමත්
    බොදව යයි කියා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් අපුරුයි... ස්තූතී

      Delete
  5. මට කලින් කවුද ඇවිත් මගේ නමින් කොමෙන්ටෙකක් දාල ගිහින් නේ..

    සිංදුවකට අගෙයි තමයි..

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙද මම දැක්කෙ නෑනේ ...

      Delete
    2. ආ තේරුනේ දැන්නෙ හි හී එයා කලණ ඔයා සිරි නේ

      Delete
  6. //උණුසුම් සුසුම් කෝ ප්‍රියේ....//
    ඔක්කොම පිටවෙලා ගියා නෙ.......

    ReplyDelete
    Replies
    1. සුසුම් කියන ඒවා ඉතින් එහෙම ඉවර වෙනවද ... අනේ මන්දා..

      Delete
  7. ගීතයක් වගේ....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...