සඳට බැළුම් හෙලූ අය
Nov 4, 2017
ඉතින් අපි අපේමයි !
කාත් කවුරුවත් නැති පෙම් හීන කොදෙව්වක
දැන් ඉතින් හදාගමු අපෙ හීන මන්දිරය
සිව්වසක් බැදි සෙනෙහෙ එකට එක්වන මොහොත
අවසරයි සිප ගන්න මගෙ වෙච්ච ඔය දෙතොල
මුවින් තව වදනකුත් එපා තව මුමුණන්න
ඇස් වලින් විතරක්ම ආදරේ පවසන්න
සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
ඔය සුසුම් උණුහුමට ගුළිවෙන්න ඉඩ දෙන්න
මගෙ හුස්ම ඔබ අරන් ඔය හුස්ම මට දෙන්න
පෙම්බරම හාදුවක් නළල මත තෙරපන්න
සොඳුරු සුභ දසුනක්ව හෙට හිරුට හිනැහෙන්න
මගේ හෙට දවස ඔබ ඉතින් අරගෙන එන්න
කඳුළු වැහි වැටෙද්දී හිනා අහුරක් වෙන්න
ජීවිතය දැවෙද්දී පිණි වැස්ස වස්සන්න
සැඩ ඉරෙන් පිච්චෙද්දි හිසට සෙවනක් වෙන්න
සදා නොසිදෙන සෙනෙන් මගෙ දිවිය පුරවන්න
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

මෙව වහින දවස් හින්ද හිතෙන දෙවල් ද???
ReplyDeleteනෑ අනේ මේ අවුරුදු හයකට කලින් හිතිච්ච සහ ලිව්ව එකක්
Deleteඔන්න මං ආයිමත් ආවා, මට හිතුන කලින් ලීව එකක් කියල
ReplyDeleteඅම්මෝ අක්කි ගොඩක් දවසකින්
Deleteහිතිච්ච දේ වයසට ගියත්... හිත වයසට යන්නෙ නැති නිසාද අවුරුදු 6 කට පස්සෙ දැම්මෙ...
ReplyDeleteඔව් නෙ ආදරේ ඉතින් වයසට යන්නෙ නෑ නොවැ.
Deleteඅවුරුදු හයකට කලින් , අවුරු 4යි කියලා කියපු නිසා... දැන් ඉතින් මට හිතෙන්නේ දහවෙනි අනිවසරි එකට දැම්මද කියල.
ReplyDeleteකවි නම් යසයි. කතාව දැම්මා නම් යෙහෙකි
වහල්වල් දෙකක් යට හතරක්
Deleteඑකම වහලක් යට හයක්
හෑ.. ඔව්නෙ ඔව්නෙ එතකොට දහයක්..
ගොඩක් ලස්සනයි!
ReplyDeleteස්තූතී කලණ
Deleteඅන්න පොඩි එකා අඬනවා
ReplyDeleteමම කවි ලියද්දි අඩන බබා නලවන්න කට්ටිය ඉන්නො
Deleteලස්සනයි,
ReplyDeleteබත් එක ලිපේ නේද?
බත් වගේද අනේ කවි
Deleteලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී
Deleteඑල....
ReplyDeleteහා
Delete