සඳට බැළුම් හෙලූ අය

Nov 4, 2017

ඉතින් අපි අපේමයි !






කාත් කවුරුවත් නැති පෙම් හීන කොදෙව්වක
දැන් ඉතින් හදාගමු අපෙ හීන මන්දිරය
සිව්වසක් බැදි සෙනෙහෙ එකට එක්වන මොහොත
අවසරයි සිප ගන්න මගෙ වෙච්ච ඔය දෙතොල

මුවින් තව වදනකුත් එපා තව මුමුණන්න
ඇස් වලින් විතරක්ම ආදරේ පවසන්න
සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
ඔය සුසුම් උණුහුමට ගුළිවෙන්න ඉඩ දෙන්න

මගෙ හුස්ම ඔබ අරන් ඔය හුස්ම මට දෙන්න
පෙම්බරම හාදුවක් නළල මත තෙරපන්න
සොඳුරු සුභ දසුනක්ව හෙට හිරුට හිනැහෙන්න
මගේ හෙට දවස ඔබ ඉතින් අරගෙන එන්න

කඳුළු වැහි වැටෙද්දී හිනා අහුරක් වෙන්න
ජීවිතය දැවෙද්දී පිණි වැස්ස වස්සන්න
සැඩ ඉරෙන් පිච්චෙද්දි හිසට සෙවනක් වෙන්න
සදා නොසිදෙන සෙනෙන් මගෙ දිවිය පුරවන්න

18 comments:

  1. මෙව වහින දවස් හින්ද හිතෙන දෙවල් ද???

    ReplyDelete
    Replies
    1. නෑ අනේ මේ අවුරුදු හයකට කලින් හිතිච්ච සහ ලිව්ව එකක්

      Delete
  2. ඔන්න මං ආයිමත් ආවා, මට හිතුන කලින් ලීව එකක් කියල

    ReplyDelete
    Replies
    1. අම්මෝ අක්කි ගොඩක් දවසකින්

      Delete
  3. හිතිච්ච දේ වයසට ගියත්... හිත වයසට යන්නෙ නැති නිසාද අවුරුදු 6 කට පස්සෙ දැම්මෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් නෙ ආදරේ ඉතින් වයසට යන්නෙ නෑ නොවැ.

      Delete
  4. අවුරුදු හයකට කලින් , අවුරු 4යි කියලා කියපු නිසා... දැන් ඉතින් මට හිතෙන්නේ දහවෙනි අනිවසරි එකට දැම්මද කියල.

    කවි නම් යසයි. කතාව දැම්මා නම් යෙහෙකි

    ReplyDelete
    Replies
    1. වහල්වල් දෙකක් යට හතරක්
      එකම වහලක් යට හයක්
      හෑ.. ඔව්නෙ ඔව්නෙ එතකොට දහයක්..

      Delete
  5. ගොඩක් ලස්සනයි!

    ReplyDelete
  6. අන්න පොඩි එකා අඬනවා

    ReplyDelete
    Replies
    1. මම කවි ලියද්දි අඩන බබා නලවන්න කට්ටිය ඉන්නො

      Delete
  7. ලස්සනයි,
    බත් එක ලිපේ නේද?

    ReplyDelete
  8. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...