සඳට බැළුම් හෙලූ අය
Nov 11, 2017
මලක මකරන්ද තවරන්න මැදියම !
රූමස්සලට උඩින් පිපුනාම අඩ සඳ
ඉල් මහට වැටෙන වැහි සිඹී සිඳු බඳ
ප්‍රේමයේ සියුම් තත් පිරිමදිනකොට හද
මට කියා දෙන්න ආදරේ නිබ්බුත පද
කොටු බැම්ම මත හැපෙන සෙනෙහසේ රල
වහං කර ගන්නවා කිරි කවඩි පෙල
නිල්වැල්ල සිප හමන හීන් මදනල
පිනි මිදුන හීනයක සතපවයි හදමල
සඳ එළිය මුවා කර රෑයේ තුන් යම
මුතු වෙරළ මත රඟන සඳකිදුරු පෙම
ළිහිණියක තුඩින් පාරවා හද ඉම
මලක මකරන්ද තවරන්න මැදියම
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

මේක හරිම වෙනස් භාවයන් මතුවෙන කවියක් ශානි, හිමිකමකසියිම් සතුටත් අහිමි බවක රිදුමත් හිතට දැනෙන හරි අපුරූ නිර්මාණයක්..
ReplyDelete*හිමිකමක සියුම්
Deleteඅම්මෝ ගොඩක් කලෙකින් එරන්දි මෙහෙ ඇවිත්... ස්තූති
Delete+++++++++++++++
ReplyDeleteසුපුරුදු වැට ... මරු
Deleteසඳවතී සිහින නගරයෙන් දකුණට සැපත් වෙලා නේද....?
ReplyDeleteරූමස්සල..ගාල්ලේ.......නිල්වැල්ල...දික්වැල්ලේ...!
මරු...!
හිත නුවර උනාට සැබෑවටම මගේ මුල් දකුණේ නොවැ. තාත්තා අහංගම... සත්තලන් බෙලිඅත්ත.. ඒ උනාට දකුණට පෙම් නොකරමි. මේක මේ ලිව්වෙ මගේ යාලුවෙක් ඇයි නුවර විතරක් ලියපංකො දකුණ ගැනත් කියල මට අභියෝග කල නිසාවෙනි.
Deleteසඳවතී ...ගාල්ලෙ රොමෑන්ස් ගැන මමත් ලියන්න ඕන.
Deleteමට දැන් රොමෑන්ස් ලියන්න බැහැ වගේ ඒ උනාට
බෑ ...කියල නොහිත ලියන්න අප්පා...
Deleteලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතී දුමී...කවියක්... කවියක්
Delete+
ReplyDeleteස්තූතී
Deleteනුවරයි ගාල්ලයි මගේ ෆැන්ටසි . ගාලු කොටු බැම්ම දිගේ රූමස්සල පේන මානේ ඉඳලත් හීනගත වෙන්න පුලුවන් හන්තාන මුදුනේ ඉඳන් වගේම
ReplyDeleteනුවර හීන ගැනනම් අපි ටිකා...ක් දන්නවනේ කොච්චිගේ...
Deleteමේක ගොඩක් ලස්සනයි !
ReplyDeleteපෝය දවසට ගාලු කොටුවේ ඉදං ඈත මුහුද බලන්න එක අමුතුම මෙව්වා එකක් .
එක කියන්න නෑ වචන වලින් .
ම්ම්ම් ඔව් එක වෙනස්ම අද්දැකීමක් වේවි...
Deleteඔකෙ පෙම් කරන එකටත් පවිත්‍රා ගේම දුන්නනෙ. නොදකින්.....
ReplyDeleteමොකේ ප්‍රේම කොරන්නද රස්ති ?
Deleteගාලු කොටුවේ
Delete