සඳට බැළුම් හෙලූ අය

Nov 28, 2017

කවුරුන්ද ඔබ මගේ !







හිමිදිරියෙ පෙති අරින සුදු රෝස මල් මතට
පතිත වන මුඳු සීත තුෂර බිඳුවක් ලෙසට
හිටි ගමන් හදවතට ගොඩවදින
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?

රාත්‍රිය පුරාවට ඇද හැලෙන
සඳ එළිය වාගේම පිවිතුරුම සිතුවිල්ලක්ව
රැය පුරා මාව නොනිදා තබන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද...?

ගෙවෙන එක තත්පරයකටවත් තවම
ඔබෙන් මිදෙනට බැරිව හිතට එන
හුස්ම පොද වාගෙම ළඟ රැදෙන
මට කියන්න
ඔබ මගේ කවුරුන්ද..?

25 comments:

  1. කියන්න ඔබ මගේ කවුරුන්ද?

    සත්තලංගෙන් අහන්න

    ලස්සනයි සඳු

    ReplyDelete
    Replies
    1. මෙව්ව අහන්න ගිහින් තමා අමාරුවේ වැටුනේ මෙහෙම හි හී

      Delete
  2. Replies
    1. ස්තූතීයි .. දැන් වැටවල් ගහන්න දෙන්නෙක්ම ඉන්නවා

      Delete
  3. පණ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගැන වෙන්න ඇති ඔය කියන්නේ..

    ReplyDelete
  4. හරි තරුණයි මේ කවි සිතුවිල්ල
    ලස්සනයි සඳු..

    ReplyDelete
    Replies
    1. ඔයාව දැක්ක කල් ... ස්තූතියි එරන්දි

      Delete
    2. ඔව් සඳු ගොඩක් දවසකින් :)

      Delete
  5. ඔන්න මම නම් නෙවෙයි. සත්තයි

    ReplyDelete
  6. අර තල්මසෙක් අතේ තියාන ගේ පුරාම දුවන කෙනා නේ....!

    ReplyDelete
    Replies
    1. හි... හී එයත් එක්කෙනෙක් තමා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...