සඳට බැළුම් හෙලූ අය

Dec 5, 2017

ඔබ නිදුකින් උන්නාවේ !





ඔබේ මතකයන් වලදැමූ
පස් කන්ද මත
තාමත් ඉදහිට පිපෙනවා
සුදු රෝස...

සීයා ආච්චී ලොකු තාත්තා
විතරක් නෙවෙයි
චූටි බාප්පත් එක්කම
එකම ස්මාරකයක ඉන්න
ඔයාට අපිට තරම් තනි නැතුව ඇති

මහ හුඟක් වේලාසනම යන්න ගිය
ඔයා ගැන තරහටමයි වෙලාවකට
අහක බලාගෙන යන්නෙ
ඔයා නැවතිච්ච තැන  පහු කරනකොට

' තාත්ත ආච්චිට විතරක් ඇයි සීයෙක්
කෝ අම්ම ආච්චිට  සීයෙක් '
ඔයාගේ එකම මුනුබුරා අහනකොට නිතර
ඔයාගෙ නෝනට දුක හිතෙන බව
හදිස්සියෙ ගිය ඔයාටවත් නොතේරෙනකොට
මේ පොඩි එකාට තේරේවිද ?

ඔබ නැතුව ඔබ එක්ක මහ දුරක් ආවාට
මේ අමාරුම දවස් මම පහුකරන
ඔබව නිතරම හිතට එන
කමක් නෑ ඔබ නිදුකින්නම්
අදත් මට පුලුවන් මේ කඳුළු
රහසේම හංගන්න...

18 comments:

  1. වේදනාව කියන්නේ වෙන්වීම නම් අපි හැමෝම අසරණයි නේද ?

    ReplyDelete
  2. /// මේ අමාරුම දවස් මම පහුකරන
    ඔබව නිතරම හිතට එන////
    බොරුනේ...හැමදාම මෙහෙම නේද...?
    ලබන ආත්මේ හමුවේවි දරුවෝ...නිදුකින් නං එච්චරයි....!!
    ඉස්තරන්ට ලෝකේ හැටි කියල දෙන්න මේක නිමිත්තක් කරගන්න...එහෙමයි දේවල්වෙන්න ඕන...!

    ReplyDelete
    Replies
    1. මේ ආත්මෙ නොලැබුන දෙවල් ලබන ආත්මෙ වැඩක් නෑ අනේ...

      Delete
  3. දුකක් දැනෙන හොඳ නිර්මාණයක් සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක්ද මේක ?? අනේ මන්දා දුමී

      Delete
  4. Replies
    1. ජයග්‍රාහී තුන් වෙනි වැට.

      Delete
  5. ඔයා කියන විදියට නැන්දලා ලොකු අප්පච්චිලා ආච්චිලා සීයලා ඔක්කොම එක්ක ඔය කියන තැන ඉන්න අපේ අප්පච්චිටත් නැතුව ඇති පාළුවක් අපිට තරම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් .... එයාලත් සතුටින් ඇති.... එහෙම වෙන්න ඕනෙ ඉතින්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...