සඳට බැළුම් හෙලූ අය

Dec 7, 2017

සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද !




මම සඳක්
ඉතින් ඒ සඳ අයිති
ඔබ වගේ අහසකට විසල්...

දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක්
කෝ ඉතින් තියෙනවද
මට පුංචි ඉඩක්....

ඔව් මේක පෙමක්
නමක් නැති
නිමක් නැති පෙමක්...

26 comments:

  1. //දුව ඇවිත් ප'පුතුරේ
    ගුලි වෙන්න ටිකක්...//

    දුවගෙන ආවට කම් නැත
    ලඟට එනකොට බ්‍රේක් ගහනු..
    නැත්තං පපුවෙ හැපිලා මලකෙලියක් වේවි...!
    :) :)

    මේ කවිය හැඩයි...!

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මතක් කලේ ඒක.. ඒත් ඉතින් ආදරේට බ්‍රේක් නෑ රිවස් නෑ කියනවනේ

      Delete
  2. නමක් නැති නිමක් නැති සදවතියක්ගෙ ආදරයක්.ලස්සනයි

    ReplyDelete
  3. ඔව් මේක පෙමක්
    නමක් නැති
    නිමක් නැති පෙමක්

    හා හා හා හා හා

    ReplyDelete
  4. ලස්සනම ලස්සනයි . හැමදාමත් වගේ ඔයාගේ පද පේලි මොනවා හරි කියනවා වගේ .. දැනෙනවා . බලන් ඉන්නවා මම අලුත් එකක් දානකම් .

    "දුව ඇවිත් ප'පුතුරේ
    ගුලි වෙන්න ටිකක් "

    ඇයි ? ,,,,, මේ දුවගෙන එන්නේ ... ඔයාට ඉස්සර වෙන කෙනෙක් ඇවිත් ප'පුතුරේ ගුලි වෙන්න හදයි කියලද ?

    ඊට වඩා රොමැන්ටික් නේද මෙහෙම කිව්වොත් ?

    "නොහිතු විටක ඇවිත් ප'පුතුරේ
    ගුලි වෙන්න ටිකක් "

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණ මේ වචන වලට...ලියන ඒවා කියවන්න අය ඉන්න එක ලියන කෙනෙකුට සතුටක්...

      "දුව ඇවිත් ප'පුතුරේ
      ගුලි වෙන්න ටිකක් "

      එතනදි මම අදහස් කලේ මේ මතුපිටින් කියවද්දි ගොඩක් අයට දැනෙන අදහසම නෙවෙයි.හිතන්නකෝ මෙහෙම දුවෙක් දඟකාරකමක් කරල ඇවිත් හුරතලේට තාත්තෙක්ගෙ පපුවට තුරුළු වෙනවා වගේ දෙයක්.

      Delete
    2. ස්තුතී සදවතියේ ...... ඇත්තටම ඔව් ... එක තරම් සතුටක් ලියන කෙනාට නැහැ තවත් .

      ඔව්ඔව් ඒවිදියට හිතලා මේක කියෙව්වොත් මැවෙන චිත්‍රය වෙනස් ම එකක් . ඒක තවත් ලස්සනයි .

      අන්තිමට කියල තියෙන විදියට "නිමක් නැති පෙමක්" නම් , ඒක අනුරාගයට එහා ගිය ලස්සන චිත්‍රයක් වෙන්න ම ඕනේ .

      මම සුබ පතනවා ! ලස්සනට ලියන්න ලැබෙන්න කියල.

      Delete
  5. මගේ සොඳුරු අහස් තලයෙ දිලෙනා පුන් සඳක්
    නගේ නුඹම පමණයි තව නෑ කෙනෙකුට ඉඩක්
    ඳගේ දමන ඔය හුරතල් වටීවි මහමෙරක්
    අගේ අගේ විඳගන්නෙමි නුඹෙ නොවෙනස් පෙමක්....

    ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න පරණ දුමී ඇවිල්ලා... ස්තූතියි දුමී

      Delete
  6. සඳූට වෙනස දැණුනා එහෙනම්. ඇත්තටම කවි ලියන වෙඩේට හරියටම ආයෙත් වරක් යොමුවුනේ මීට සතියකට දෙකකට කලින්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වෙනස දැනුනා... දිගටම ලියන්න සුබ පැතුම්

      Delete
  7. ගෙන හැර දැමිය යුතු බව යුතුමය
    මග හැර නොදම බැලිය යුතුමය
    සද මෙන් කවියෙ රස ලැබිය යුතුමය
    දිනයක් දමා මෙහි පැමිණිය යුතුමය

    ජෑ මා කාලී ආයෙත් ආවෝ

    - ජෑ මා කාලී ජිනේ ජිනේ -

    ReplyDelete
    Replies
    1. හප්පා...කොහෙද ගිහින් හිටියේ... පැමිණීම සතුටක්

      Delete
  8. මටත් තිබුනා ඒ කාලේ
    නමක් නැති නිමක් නැති පෙමක්...
    නිමක් නැති හින්දාම
    විඳගෙන අපමණ දුකක්...
    තැනුවා කැදැල්ලක්
    දාගෙන නමක්...

    ReplyDelete
    Replies
    1. අපූරුයි.... දැන් නමක් තියෙනවානේ එතකොට

      Delete
  9. හම්බෙ.. ලස්සනයි. රෝමැන්ටික්...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...