සඳට බැළුම් හෙලූ අය

Jan 30, 2018

විරාග රාගය !




ප්‍රේමයේ  අකල් හී සරය වැදී
අකලටම හිඳුන හිත්  දෑල නදී
නුඹෙ ලතෙන් සෙනෙන් කිරි වැදී
රහසේම අලුත් මල්  පිපෙනා හැටී

දාසියක් වගේ මගෙ ළඟම වැටී
ආලයේ තැලුම් පිරිමදින හැටී
නුඹෙ විසේකාර රණහංස තුඩූ
පයගිල්ල පවා ආදරෙන් ඉඹී

ඔය බඳේ පිපිණු මුඳු ගොමර පෙතී
ඇස් නිදා ඉද්දි මනැසේම  වදී
නිය තුඩින් ඇහරවා හැඟුම් කිතී
මල් සුවඳ තබා නුඹ යාවි ඇදී

මුණි දැහැන බිඳින අප්සරා සකී
නුඹ මගේ උනොත් ලෝකයම බනී
අපි පතා ආව හැටි මෙයයි බතී
මතු ආත්මයක මට වෙයන් පතී



විරාග රාගය කියන්නෙ මේ දවස්වල අලුතින් ඇහෙන ගීතයක්.අපූරු පද පෙලක්. හොද කටහඬවල් දෙකක අපූරු සුසංයෝගයක්.ඒ උනාට විරාග රාගය කිව්වම මට මතක් වෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහයන්ව,අරවින්දව , සරෝජනීව, බතීව.එයාල මතක් උනාම ඉතින් කවිත් ලියවෙනවා නිරායාසයෙන්ම. ඉතින් මේ දැන් මේක ලිව්වේ.අඩුපාඩු හදලා පස්සෙ පෝස්ට් කරනවා කියලත් හිතුවා.පස්සෙ හිතුවා ඕනෙ නෑ මේක ආයෙම කප කප කොට කොට හදන්න මූඩ් එකකුත් නෑ.අඩුපාඩුවක් තිබුනොත් බලන අය කියන්නකො හදාගන්න.ආ.. අමතක උනානේ  විරාග රාගය ගැන විචාරයකුත් ගීතයත් අහන්න බලන්න පුලුවන්  මාතලන්ගේ බ්ලොග් එකට ගියානම්.එහෙත් ගිහින් බලලාම එන්න.

27 comments:

  1. මාතලන් ගේ විචාරය කියෙව්වෙමි .

    මොකද මූඩ් අවුට් ගියේ ,, ?

    ReplyDelete
    Replies
    1. මගේ කවිය ගැන මුකුත් කියලා නැත්තේ ඒක රහ නැති නිසාද ? මේ දවස් මට හොදම නෑ අහන තරමක් බැනුම් රිදෙන තරමක් හිත් රිදීම් ඒ නිසා ඉතින් මූඩ් අවුට්

      Delete
    2. කවිය ලස්සණයි වෙනදා වගේම . ඔයා කොහොමත් ලියන්නේ හිතන්න දෙයක් ඉතිරි කරලා නැත්තම් අතීතය මතක් කරවන විදියටනේ . මේ ස්ට්ය්ල් එකට මම අසයි .

      කවිය ගැන ඉස්සෙල්ල ලියන්න ඕනෑකමට වඩා මම දැක්කේ මූඩ් අවුට් උන කාරණාව . ඒකයි මුලින්ම ඒක ගැන විපරම් කරේ ..

      "අහන තරමක් බැනුම් රිදෙන තරමක් හිත් රිදීම්" ඇතිවෙන එක ඔයාට විතරක් පොදු දෙයක් නෙවෙයි . මෙහෙම නොවන අය , ඒ කලෙත් ඉදලා නෑ , අදත් නෑ , හෙටත් ඉන්න එකක් නෑ . ඒක නිසා හිනා වෙලා ඉන්න එක තමයි හොදම විදිය .

      දුක ගොඩක් හිතෙද්දි , ආස කරන පොතක් කියවන්න .

      Delete
    3. ස්තූතියි කලණ නිර්මාණය රසවින්දාට...
      දුකක් දැනුනම කියවන්නනම් මට බෑ .... ලියන්න තමා පුලුවන්...අනික මම දුක හිතේ තියන් විඳව විඳව ඉන්න කැමතිත් නෑ මට ඕනෙ ඒ දුක දුන්න කෙනා එක්ක කතා කරලම ඒක විසඳ ගන්න.එහෙම බැරි අවස්ථාවල මහ පරාජිත හැමදේම එපා වෙන හැඟීමක් තමා හිතට දැනෙන්නේ.

      Delete
  2. සඳවතීගේ සුපුරුදු ශෘංගාරය වෑහෙන කවියක් ටික කලෙකින්...අටුවෙන් අරන් පල කරනවාට වැඩියෙන් එවලෙම ලියවෙච්චා රසයි...!
    මොකෝ බැනුම් හා හිත් රිදීම්..මොනා හරි ඕනි නැති වැඩක් කරන්නැති...!
    ඔව්ව ගනන් ගන්න එපා සඳවතී...කාලය විසඳාවී ඔය අවුල්...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මමත් කැමති ලියන ඒවට නෙවෙයි මෙහෙම ලියවෙන ඒවට ලියවෙන ඒවා ගොඩක් වෙලාවට වෙනස් කරන්න ඕනෙ නෑ.
      හ්ම්ම් ඔව්නේ මම කරන්නෙම ඕනෙ නැති වැඩනේ... ඒකනේ මේ අවුල

      Delete
  3. මේක කියෝලා ඊයේ රෑ දාන්න කොමෙන්ට් එකක් නැතුව ඉද්දි අද මේක දැක්ක.. ලිඛිතා ලියලා තිබ්බේ..

    මා කැමති දේවල්
    ඔබ කැමති පිළිවෙලට
    ඇගේ ගෙදර !

    ReplyDelete
    Replies
    1. මන්දා කමී මේ පේලි තුන මේ කවියත් එක්ක ගැලපෙනවද කියලා... ඒක වෙන කතාවක්... මේක වෙන කතාවක් වගේ නේද?

      Delete
  4. ලැබිලා තියන දේ ගැන සතුටු වෙමු සදු. නොලැබිච්ච දේ ගැන හිත හිතා දුක් වෙන්න එපා. මම නම් ලැබිලා තියන දෙයින් සතුටු වෙන්න හිත හදාගෙන ඉන්නේ.

    ReplyDelete
  5. සඳූගෙ මේ වගේ නිර්මාණයක් කළිනුත් තිබ්බා නේද? ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී මීට අවුරුද්දකට විතර කලින් ලිව්වා බතීගෙන් අරවින්දට කියලා එකක්. මේක ඉතින් ඒකට අරවින්ද දෙන පිලිතුර වගේ එකක් තමා.

      http://kavisandalla.blogspot.com/2017/03/blog-post.html

      Delete
  6. සදූ ලියමන හරිම අගෙයි කවියකින් උත්තර බදින්නම් ටික වෙලාවක් දෙන්නකො හරිය

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට විතර පස්සේ මෙහෙ ආව එකම මදැ පිලිතුරු කවි ලිවීම කොහොම වෙතත්.

      Delete
  7. මොන තරම් මනරම් කවි පෙලක්ද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප මාමේ රසවින්දාට

      Delete
  8. මටනම් ඒ සිංදුව ලොකුවට දැනෙන් නෑ බන්. ඒ උනාට ඒක හොදයි. මන් කැමැතියි අමල් සිකරට් එකක් බොන සීන් එකට. ලංකාවෙ ගායකයෙක් සිකරට් එකක් බොන කෑල්ලක් තියෙන්නෙ ඔකෙම විතරක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඉතින් රසවින්ඳනය එක එක්කෙනාට වෙනස්නේ....ගීතය ගැන පැත්තකින් තියලා කවිය ගැන කියන්නකෝ එහෙනම්

      Delete
  9. මාරයි...මම කියවන්න හදන හැම සැරේම මොකක් හරි නිසා පරක්කු උනා...දැන් නේ දැක්කේ...ශෘංගාරය ආයෙත් ඉතින්...

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා ඔයාට මේක මිස් වෙලා ද කමෙන්ට් එකක් නැත්තේ කියලා.

      Delete
    2. මේක මිස් උනා නම් පට්ට අපරාධයක්

      Delete
  10. මේකට විචාරයක් ලිව්වා නම් හොඳ නැද්ද..

    ReplyDelete
  11. විරාග රාගය තුළ අපි හැමෝම අතරමං වෙන වෙලාවන් ගොඩක් වැඩියි සඳවතී

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.....ඒක කාටත් පොදු දෙයක්.....

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...