සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Feb 10, 2018
ඔබට ... මම... ආදරේ... නිසාම....!
අද වගේ දවසක්
හිතින් අමතක වේවිනම්
කිසිවක්ම සිදු නොවූ අයුරින්
මේ වගේ සිටින්නට හැකිනම්
ඇත්තටම ඔබ දිනුම් පැරදුනේ මා නම්....
මේ මහා නපුරු දවස්
ඉක්මනට ගෙවේයැයි සිතමින්
විඳවමින් විඳිමින් ගත කරන
මම දැන් මියෙන්නට ආසන්න
කාන්තාර කුසුමක්...
මහා දුරක ඉදන් හරි පරිස්සමින්
රැගෙන ආ සුවඳ ගිලිහෙන්න නොදී
අමුණගෙන තුඩින්
තාම පෙර පුරුද්දට මඟ බලන
බල බලා හති වැටුන
කහ කිරිල්ලිය මම්..
ඔබේ දුක් සුසුම් ළඟ
ඔබ ළඟම රැදෙන්නට පැතුව මා
නොපවසා කිසිවක්ම
මේ තරම් දුරකටම විසිකලේ ඇයි කියා
කිසිදාක නොඅසමිය ඔබෙන් යලි...
ආදරය කියන්නේ බලා සිටීමනම්
මියෙන තුරු මඟ බලන්නට
ඉතින් මා සූදානම්...
ආදරය කියන්නේ පපුවට දැනෙන
මේ ගින්දරනම්
ඒ ගින්දරෙන් දැවී හළු වෙන්නට
ඉතින් මා සූදානම්...
ඉතින් ,
මේ රිදුම් පිරිමදින්නට
ඔබේ එක දයාබර වදනක්
පමණක්ම ඇති නමුත්
ඔබට මා අමතකව ඇත්නම්
සිහිනයෙන් සිහිනයට
මැරි මැරී උපදින්න
මට වාරුවක් වේවී
මේ කඳුළු කවිකම් ....
Subscribe to:
Post Comments (Atom)
සිතුම් රළ පෙළ දිළී හදවතෙ කියන දුක තව අහන්නම්
ReplyDeleteසුසුම් වල ඒ දුකම තවරා තවත් ඉවසා රැඳෙන්නම්
උතුම් නොවුණත් නුඹට මගෙ පෙම තවත් ඔය ගැන හිතන්නම්
පෙරුම් පුරමින් නැවත සසරක ළඟ හිඳින්නට පතන්නම්.....
ලස්සනයි සඳූ....
ජයවේවා!!!
මේක බලද්දී නන්දා මලනියන්ගේ "ලොවම එපා වී" ගීතය මතක් වුනා.
Deleteහැමදාමත් වගේ ලස්සන පිලිතුරු කවි.... ස්තූතියි දුමී ඔයාට....ලොවම එපාවී... ම්ම්ම් ඒකත් අහන්න හොද ගීතයක් තමා
Delete"එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා"" අමාරුවෙන් හරි හිත හදාගන්න සදු!!!
ReplyDeleteකරන්න ඕනෙ කියල හිතුවත් කරන්න බැරිමත් ඒක තමා....
Deleteආදරය පිරුණු ළදක්
ReplyDeleteනෑ අනේ මම නපුරුයි කියල තමා සමහරු කියන්නේ
Deleteනගා, මීට වඩා රහට ඔයාට ලියන්න පුලුවනි, ඒ වගේ නිර්මාණයක් බොහොම දවසකින් ඔයාගෙ බ්ලොග් එකේ දැක්කෙ නෑ, බුකිය නම් වැඩිය යැවෙන්නෙ නෑ දැන්...
ReplyDeleteවෙන්න ඇති අක්කා...ඉන්න මූඩ් එක අනුව තමා ලියවෙන ඒවත්....බලමු ඉස්සරහට එහෙම ඒවා ලියවේවිද කියල.
Deleteසෝ බර කවියක්
ReplyDelete
Deleteසෝ බර නිසාම මහා බර කවියක්
දුක මූඩ්
ReplyDeleteහ්ම්ම්ම්...දුකම පමණි
Deleteවිරහ වේදනාව.....බොන්නකො සමහන් එකක්...නැත්තන් බියර් එකක්........තඩියාස් ඇඩ්වයිස්
ReplyDeleteහෑ... අන්න හොදයි නමත් වෙනස් වෙලා වැටත් වෙනස් වෙලා
Delete