සඳට බැළුම් හෙලූ අය
Feb 13, 2018
මධුර යාමේ.... !
ස්වේත සඳ නීලම්ඹරෙන් බැස
මල් කුමුද්දක් ළඟ සලු උනා
පිනි වෑස්සෙන රෑ ළපළු තුරු හිස
මනමාල මල් කැටයම් කලා
නිල් තරු කැටක් හරි ආදරෙන්
බිම් මලක ගෙල මුල සැතපිලා
රෑ බදුල්ලෙක් ලා රෝස පෙත්තක
මකරන්ද දෙතොලින් හිස්කලා
රෑ සුරඟනක් පය ගිගිරි සලමින්
හදවතේ තෙත අඩි තියා
දිවයද්දි ගිලිහී සළඹ මුතු ඇට
නොනිදනා රැයකට ඉඟිකලා
දෙ'කඳු මැද උණුසුම්ම නිම්නයෙ
සෙමෙන් වැතිරී හිස හොවා
මත් දෙතොල් සලිතව පිපාසෙන්
සුන්දරම ගින්දර ඇරඹුනා
මහෝඝය සේ සැනින් ලුහුබැඳ
රසෝඝය සියොළඟ වෙලා
ළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
එක හුස්මකට විකසිත උනා
සලා මුවරඳ රේණු තුඩ තුඩ
රස විලේ ස්වර'ගුළු ඇහැරුනා
පයතුඩින් අවදිව හැඟුම් විහඟුන්
හිස් මුඳුනතත් සිඹ ඉගිලුනා
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හම්මෝ.. හොඳටෝම ඇඩම්ස් ඔන්ලි සීන් එකක්.. :)))
ReplyDeleteහෑ... එහෙමද ඒක තමා කට්ට්ය එහෙනම් බලලා සද්ද නොකර යන්නේ කමෙන්ට් එකක්වත් නොදා... හි හී
Deleteළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
ReplyDeleteඑක හුස්මකට විකසිත උනා
මට මේකට හෙන කැත අදහසක් එන්නේ.....හැක් හැක් හැක්
This comment has been removed by the author.
Deleteකවියෙ හැටිද අපේ කැත හිතද දන්නෑ
Deleteතඩියා - තමන් කැමති විදියකට මවාගන්න විඳින්න බැරිකමක් නෑනේ ඉතින්.හැබයි ඉතින් බොහොම ප්‍රේමණීය අදහස් මිසක් කැත අදහස් එන්නේ කෝමෙයි කියල මම මේ කල්පනා කලේ
Deleteබක්කරේ. - හිතනෙ ඉතින් සේරටම මුල
Deleteසඳවතී කවි ලියාගෙන ලියාගෙන ගිහින් .කතා එකක්වත් නෑ
ReplyDeleteකතා ලියන්නත් බලමුකෝ ආයෙත් ඉස්සරහට.
Deleteමට නම් මේක හරි වල් ය. ඒ නිසාම රස ය.
ReplyDeleteවල් කියන එක හරිම තේරුම පැහැදිලි කරන්නකෝ...නරකයි කියන එකද...
Deleteවින්දෙමි ! දැනුණි ! ම්ම් ..... තව කියවන්න ඕනේ නැතිය .
ReplyDelete- - - - - - - - - - - - - - - - - - - - - - - - -
(පොස්ටුව දැමූ වෙලාවේම කියෙව්වෙමි . එදා මුකුත් නොකියා ගියෙමි. හිත කියූ නිසා ආටියා සටහනක් තබා යන්නෙමි මෙසේ ........)
වින්ඳානම් දැනුනාම් එයයි ලියපු මට සතුට....
Deleteමට නම් මේක හරි වල් ය. ඒ නිසාම රස ය. + 1..!
ReplyDeleteඑහෙමද අයියො... එහෙනම් ඔයාවත් ඒ වචනේ හරියට පැහැදිලි කරල දෙන්නකො
Deleteකවියෙන් කියන්න පුළුවන් දේවල් . හරි පුදුමයි නේද සදු!!!
ReplyDeleteම්ම්ම් ඔව් ඉරෝමි.... ඒක ඇත්තටම පුදුමයි තමයි... ස්තූතියි
Delete