සඳට බැළුම් හෙලූ අය

Feb 21, 2018

මන්දෝදරී නුඹ තාම මගේ !



සමනොළ ගිරි හිස වැඳ පියඹන සමනළයින් ආලකමන්දාවට වැඩලා
මන්දෝදරී නුඹේ මන්මත් සිනා හඬින් නිල් වැව් තලාව පිරිලා...

රිටිගල කන්ද උඩින් මධු සඳ මෝරනකොට දැනෙනව සුවඳ මදාරා
දීපංකරේ ගිහින් මට දුක් ගෙනාවාට තාමත් නුඹයි මගේ රන්කඳ  රාවණ්නා...

ලෝකය කියන මුසා නෑසු කන්ව ඉදින් නුඹටයි මගෙ පෙම නිම්මා
ඇල්ලුවෙ නෑ අතකින් බැල්මක් හෝ නෙතඟින් කැන්දන් ආවට සීතා...

අහිතක් තුන් හිතකත් නෑ කුමරුනි තාමත් සත්තයි පෙම්කල හින්දා
සිවගිර මුඳුනෙන් බැස මේ දැන් එනවානම් සිරියහනට සඳ වැඩලා...




26 comments:

  1. හුඟක් ලස්සනයි අක්කේ

    ReplyDelete
  2. රාවනාට දැන් වයසයි,අංකල් කෙනෙක්, ඒ මනුස්සය බැඳපු ඇන්ටිත් දැන් නාකියිලු,අල්ලපු වත්තෙ සීත අක්ක කිවුවෙ.
    ලස්සන පැදි පෙලක්

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට සීතාට වයස නැතෙයි....

      Delete
  3. හරිම ලස්සනයි සොඳුරු... හොඳ අධ්‍යනයකින් කෙරුණු ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මම ඉතින් බොහොම මනාප කතාවක්නේ ඒ නිසා ඒ ගැන හොයනවා ... කියවනවා... මට මතකයි ඔයාගේ බ්ලොග් එකෙත් මේ ගැන තිබුනා වගේ සටහනක්.

      Delete
  4. Replies
    1. තව ටිකක් රහ වැඩි උනානම් කියලත් හිතෙනවා

      Delete
  5. වැටක් ගැසීමට පැමිනියෙමි++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හා... හොදයි ගසා යන්නකෝ... බැමි පවුරු මට දැන් පුරුදුයි

      Delete
  6. ලස්සනයි ඒ කව් පෙළ.....

    ReplyDelete
  7. හරිම ආදරණීයයි කවි ටික සදු!!! ඒ වගේම දාලා තියෙන පින්තුරයත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමි හැමදාම ඇවිත් කියවලා අගේ කරලා යනවට... පින්තූරනම් ඉතින් ගූගුල් දෙයියාගෙන් හොරකන් කරන ඒවා තමා

      Delete
  8. රසවත් නිර්මාණයක් නගා...

    ReplyDelete
  9. මන්දෝදරි වෙන කෙනෙක්ගෙ වෙන්න බැරිද

    ReplyDelete
    Replies

    1. බෑ මම දන්න විදියට රාවනාගේමයි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...