සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Apr 12, 2018
ගම්මැද්දේ අවුරුද්දේ !
මල්වර වෙච්ච කෙවිලිගෙ මනහර සද්දේ
තුන්තිස් පැයේ රැව් දෙනවා ගම් මැද්දේ
එරබඳු ඉද්ද පිපිලා සුවඳට බැද්දේ
ඵලබර වෙච්ච අතු ඉති සුළඟට පැද්දේ
ගැබ්බර වෙච්ච ගං කොමළිගෙ මිහිරාව
කෙකටිය පිපිල සුදු පාටින් වරුණාව
සඳ දිය වැටිල බෝ මළුවට කරුණාව
සංකර නොවුණු ගම් මැද්දක සිරියාව
පෙම්බර වෙච්ච වසන්ත සැනකෙළි සද්දේ
මා දං හිඹුටු ඉදිලා බඬවැටි මැද්දේ
බක්මහ කුමරි හිනැහෙන අසිරිය බැද්දේ
බලමින් ඉදුණු පුහුලන් කෝලෙන් පැද්දේ
කිරිබර වෙච්ච ගොයමේ හරි පිරියාව
පින්නේ පිනි වැදී දිලිසෙන සිරියාව
කන්දට උඩින් පායන රැස් දාරාව
මේ හැම සොබාදම් අම්මගෙ කරුණාව
මම ඉතින් මෙහෙම ලිව්වාට පිටිසරම ගමක උනත් මේ තරමටම දැන් සොබාදහමවත් අවුරුද්දවත් පිං පාටවත් සරුසාවත් නෑ මයෙ හිතේ.මට මතක තියෙන පුංචිම කාලේ අපේ අම්මාගේ මහ ගෙවල් තිබුන වේයන්ගොඩ දී ඇරුනම මම මේ වගේ අවුරුද්දක් ආයෙ කවදාවත්ම විඳලා නෑ.දැන් ඉතින් සේරම අවුරුදු තියෙන්නේ රූප පෙට්ටියෙයි එෆ් එම් චැනල් වලයි විතරයිනේ.අද වෙනතුරුම මට කොහෙක් කෑ ගහන සද්දයක් අපේ පැත්තෙන්නම් ඇහුනෙ නෑ.ඉදලා හිටලා ටී වී එක දැම්මම නෙ අප්ප උනුත් කෑ ගහන්නේ.අඩුම ගානේ කජු පුහුලමක් ගහක තියෙනවා හත් අවුරුද්දකින් තියා දාහත් අවුරුද්දකින්වත් දැකලා නැතුව ඇති හයියූ. වේලිච්ච පුහුලං නම් ෆුඩ් සිටියෙන් අරන් කාලා තියෙනවා.
ඉතින් ඔන්න ඔහොම කොහොමින් කොහොමින් හරි මේත් උදාවෙන්නේ මොනා උනත් සිංහල අවුරුද්දක් නොවැ.ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනව හොදේ.
Subscribe to:
Post Comments (Atom)
සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteහිරුම මුල්වෙන අපේ අවුරුදු සිරිය මනසින් දකින්නම්
ReplyDeleteසැවොම එක්වී පතුරනාවූ සුහදතාවය විඳින්නම්
රසම ඉතිරෙන මෙපද කවිවැල් තවත් වර මා බලන්නම්
සුභම නව වසරකට ආසිරි ඔබට මේ ලෙස පතන්නම්.....
ජයවේවා!!!
ඔබටත් එසේම වේවා
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා සඳවතිය .... ඔබ හරියටම හරි.සොබාදහමත් දැන් වියවුල් වෙලා...
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!සොඳුරු සඳවතී
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteනිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ඔබට.
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසුභ අලුත් අවුරුද්දක් කිව්වා ඒනං!!!
ReplyDeleteඕං මමත් එකක් ලිව්වා අවුරුදු ගැන. ගොඩ වෙච්ච වෙලාවක බලන්නකො...
සුබ වේවා ඔබටත්... මම බලන්නම්
Delete