සඳට බැළුම් හෙලූ අය

Apr 12, 2018

ගම්මැද්දේ අවුරුද්දේ !


මල්වර වෙච්ච කෙවිලිගෙ මනහර සද්දේ
තුන්තිස් පැයේ රැව් දෙනවා ගම් මැද්දේ
එරබඳු ඉද්ද  පිපිලා සුවඳට බැද්දේ
ඵලබර වෙච්ච අතු ඉති සුළඟට පැද්දේ

ගැබ්බර වෙච්ච ගං කොමළිගෙ මිහිරාව
කෙකටිය පිපිල සුදු පාටින් වරුණාව
සඳ දිය වැටිල බෝ මළුවට කරුණාව
සංකර නොවුණු ගම් මැද්දක සිරියාව

පෙම්බර වෙච්ච වසන්ත සැනකෙළි සද්දේ
මා දං හිඹුටු ඉදිලා බඬවැටි මැද්දේ
බක්මහ කුමරි හිනැහෙන අසිරිය බැද්දේ
බලමින් ඉදුණු පුහුලන් කෝලෙන් පැද්දේ

කිරිබර වෙච්ච ගොයමේ හරි පිරියාව
පින්නේ පිනි වැදී දිලිසෙන සිරියාව
කන්දට උඩින් පායන රැස් දාරාව
මේ හැම සොබාදම් අම්මගෙ කරුණාව


මම ඉතින් මෙහෙම ලිව්වාට පිටිසරම ගමක උනත්  මේ තරමටම  දැන් සොබාදහමවත් අවුරුද්දවත් පිං පාටවත් සරුසාවත් නෑ මයෙ හිතේ.මට මතක තියෙන පුංචිම කාලේ අපේ අම්මාගේ මහ ගෙවල් තිබුන  වේයන්ගොඩ දී ඇරුනම මම මේ වගේ  අවුරුද්දක් ආයෙ කවදාවත්ම විඳලා නෑ.දැන් ඉතින් සේරම අවුරුදු තියෙන්නේ රූප පෙට්ටියෙයි  එෆ් එම් චැනල් වලයි විතරයිනේ.අද වෙනතුරුම මට කොහෙක් කෑ ගහන සද්දයක් අපේ පැත්තෙන්නම් ඇහුනෙ නෑ.ඉදලා හිටලා ටී වී එක දැම්මම නෙ අප්ප උනුත් කෑ ගහන්නේ.අඩුම ගානේ කජු පුහුලමක් ගහක තියෙනවා හත් අවුරුද්දකින් තියා දාහත් අවුරුද්දකින්වත් දැකලා නැතුව ඇති හයියූ. වේලිච්ච පුහුලං නම් ෆුඩ් සිටියෙන් අරන් කාලා තියෙනවා.

ඉතින් ඔන්න ඔහොම කොහොමින් කොහොමින් හරි මේත් උදාවෙන්නේ මොනා උනත් සිංහල අවුරුද්දක් නොවැ.ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනව හොදේ.

15 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. හිරුම මුල්වෙන අපේ අවුරුදු සිරිය මනසින් දකින්නම්
    සැවොම එක්වී පතුරනාවූ සුහදතාවය විඳින්නම්
    රසම ඉතිරෙන මෙපද කවිවැල් තවත් වර මා බලන්නම්
    සුභම නව වසරකට ආසිරි ඔබට මේ ලෙස පතන්නම්.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා සඳවතිය .... ඔබ හරියටම හරි.සොබාදහමත් දැන් වියවුල් වෙලා...

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා!සොඳුරු සඳවතී

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  7. නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ඔබට.

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් කිව්වා ඒනං!!!
    ඕං මමත් එකක් ලිව්වා අවුරුදු ගැන. ගොඩ වෙච්ච වෙලාවක බලන්නකො...

    ReplyDelete
    Replies
    1. සුබ වේවා ඔබටත්... මම බලන්නම්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...