සඳට බැළුම් හෙලූ අය

Apr 19, 2018

එ'ගිරි හිස මත !




ඉරා මීඳුම් සළු තිර
බදාගෙන සොඳුරු සඳ මිණ
සුරත් පැහැ පියුම් පෙති මත
රසෝඝයකය
නැමුණු ඒ කුල..

නිල්ල නිලනා නිම්නයක
වෑස්සෙන සිහින් මුවරද
තබා තිසරුන් තුඩ තුඩ
පෙමාතුරය
නැමුණු ඒ කුල..

නොසන්සුන් සුසුමක ස්වර
හමන සන්සුන් වන ගැබ
මහනෙලක  ම'කරඳ  විඳ විඳ
කෙඳිරියකය
නැමුණු ඒ කුල...


උණ කියලා ඉතින් මෙහෙම ඇඳටම වෙලා ඉන්න පුලුවන් කාටද අප්පා.. මේ දවස්වල ගෙදර සියලුම රාජකාරී ආදරණීය නැන්දම්ම බාර අරන් ඉන්න නිසා බැරි බැරි ගාතෙවත් කරන්න කියල වැඩක් නෑ.ඉතින් වෙව්ල වෙව්ලත් බ්ලොග් අස්සෙයි බුකියේ කවි අස්සෙයි තමා. ඔන්න මේ දැන් රයිටර් දාපු කවියකට උණ විකාරෙන්ම  තම ඔය උඩ කවිය ලිව්වෙ.ඔන්න පල්ලෙහායින් අමුණනවා එයාගේ කවිය.

මිහිදුමෙන් පිරිමැද
මුදු රණ හංස පුඩු තුඩු,
නමුණුකුළු ගිර වට,
පිපෙයි හීගඩු
තුරුලතා ලප,

බදා බඳ වට
සීතල අතක් කළුවර,
සිසාරා සියොළඟ
හාදු ගෙනයයි
දෙතොලකින්
උල්පත,

අඩවන් අතර ඇහිපිය,
තාලයකි දිය කඳුරෙහි
කෙඳිරිය,
සන්සුන් සරිනි
සුසුමන් මදනල,
ළමැදින් හමයි සුවඳක්
සේපාලිකා මකරද,

~  රයිටර් ~

17 comments:

  1. ලස්සනයි සඳූ.
    (අසනීපෙන් ලිව්වත් කවි රසනම් උපරිමයී

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී....මේ දවස්ල බිසී වගේ නේද ?

      Delete
    2. අවුරුදු කාලෙනේ. විභාග වැඩ වගේකුත් තිබ්බා සඳූ.

      Delete
  2. මාර ලස්සනයි අප්පා...පිංතූරේ නෙවෙයි..කවි පද ටික....👍

    ReplyDelete
  3. අසනීපෙන් හිටියත් ලස්සන සිතිවිලි පහල වෙනවනේ. කවි ලස්සනයි සදු.

    ReplyDelete
  4. ඒ වගේ නැන්දම්මා කෙනෙක් ඉන්නවා නම් කරන්න බැරි මොනවද? උණ විකාරයෙන් ලියූවක් වුණාට සුන්දරත්වය අඩු නැතුව දැනුණා . ඉක්මන් සුවය පතනවා ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයා සෝයි නැන්දම්මෙක්....දැන්නම් සනීපයි සඳවතී... ස්තූතියි ඔයාට

      Delete
  5. උණ හැදිලා ලියපු එකක් කියලා හිතන්න බෑ...කවි දෙකම ඉස්තරම්.....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා දැන් බලනකොට හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඉස්තලන් දමනය !!

  අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත්...