සඳට බැළුම් හෙලූ අය

Apr 28, 2018

හීනයක් පාට කලෙමි !





කාලාන්තරයක් තිස්සේ දැකපු හීනයක් නොහිතූ විදියට  හැබෑ උනොත් ඒක මොන තරම්නම් සතුටක්ද...ඉතින් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ එහෙම සැබෑ වුන එක හීනයක් ගැන.මේක ඉතින් මේ පෝස්ට් එක කියවන බොහෝ දෙනෙකුට මේ වෙනකොට අලුත් දෙයක් නම් නෙවෙයි.ඒත්  තාමත් මගේ සතුටේ උණුහුමට ඒක බාධාවක්නම් නෙවෙයි.කවදා හරි නවකතාවක් එලි දක්වන්න , කවි පොතක් එලි දක්වන්න , මම ලියපු පද වැලක් ගීතයක් වෙනවා දකින්න වෙලාවක් අවේලාවක් නැතුව ලියන්නියක් වෙච්ච මට තිබුණු  ලස්සන හීන වලින් කීපයක්.

සීතල හිම කැට විසිරුණු  එහෙමත් නැත්තන් ආදරණීය දෙවෙන්දොරා කියන්නේ ගීතයක් වෙලා පාට වෙච්ච මගේ ලස්සන හීනයක්.මුලින්ම ගීතයක් කරන්න මම තෝරගෙන හිටියේ මම ලියපු වෙන පද වැලක්. ඒත් ඒක පොඩ්ඩක් පස්සට තියලා මේක මුල්ම ගීතය වෙන්නේ පහුගිය දවසක තිබුණු ජාතික සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා දෙවෙනි ස්ථානයට මේ පද රචනාව තේරීමත් එක්කයි.මගේ අම්මට තමයි මේ පද වලට ඒ ලැබුණු අගය කිරීමට වටිනා කමක් දෙන්න ඕන වුනේ.ඉතින් පහුගිය මාර්තු මාසේ එකොළොස් වෙනිදට යෙදුන මගේ උපන් දිනය වෙනුවෙන්  අම්මගෙන් ලැබුණු තිළිණය තමා මේ ගීතය.මේ ගීතය නිෂ්පාදනය සදහා ගිය සියලු වියදම් ඇගෙන්.කොච්චර උස් මහත් උනත් තාමත් අවුරුදු පහලවේ දාසයේ එකියෙක්ට වගේ මට සලකන, මම ඇයට යුතුකම් ඉටු කරන්න ඕන කාලෙ වෙලත් තාමත් අපේ පස්සෙන් ඉදගෙන අපිට අත දෙන එක ඇගේ යුතුකම කියල හිතන ඒ ආදරේට ආදරෙයි කියලා විතරකුත් මදි.

මේ වෙනකොට දන්න කියන අයගෙන් ගීතයට ප්‍රතිචාර ලැබිලා ඉවර උනත් මේ ගීතය පිටුපස්සේ ඉදන් වචනෙකින් හරි උදව් කරපු අගයපු අයට ස්තූතියි කියන්න ආදරෙයි කියන්න මේ තමයි හොදම වෙලාව.මුලින්ම හැමදාමත් කවි ගීත රචනා තරඟ තියෙනකොට ඒවා පිළිබඳව  මූණු පොතේ ඉදන් වසර ගනනාවක් තිස්සේ මාව දැනුවත් කරන දිනිති දීපිකා තමයි මේ තරඟය පිළිබඳවත් මාව දැනුවත් කලේ.වසර බර ගානක් තිස්සේ මූණු පොතේ මිතුරියක් උනත් අද වෙනතුරු දැකලාවත් නැති අඩුම තරමේ දුරකතන ඇමතුමකින්වත් සම්බන්ධ වෙලා නැති ඒත් ඒත් ඈ දැනගන්න සියල්ල මාත් එක්ක බෙදා ගන්න ඒ අපූරු මිතුරියටත් ඒ නිහතමානි කමටත් මුලින්ම ස්තූති කල යුතුමයි. දිනිති වගේම තමා සිසිර මාමත්.අපි වගේ ආධුනික ලියන්නන්ට අපූරු මඟපෙන්වන්නෙක්.

ඊට පස්සෙ මූණු පොතෙන්  බ්ලොග් පිටුවෙන් මාව කියවන  මාව අගය කරන අඩුපාඩු පෙන්නල දෙන ඔයාල ඇත්තටම මට ශක්තියක් ඔයාල කියවන නිසා තමා මම ලියන්නේ මට ලියන්න කැමැත්තක් ඇති වෙන්නේ.ඒ අතරින් අපේ  චෙෆාකි තුමාට විශේෂය
න් ස්තූති කියන්න ඕනේ. මොකද එයා තමා අකුරෙන් අකුරට අඩු පාඩු පෙන්නල දෙන නොගැලපෙන වචන පෙන්නල දෙන එකම කෙනා.මීට  අවුරුදු එකහමාරකට විතර කලින් මම මේ පද රචනාව ගීතයක් වෙනු දකින හීනයක් ලේබල් එක යටතේ  ලිව්වම  එකේ බොහෝ වචන අඩු පාඩු පෙන්නල දුන්නේ චෙෆාකි තුමා තමා.ඉතින් එයාට ස්තූතියි නොකියා කොහොමද .ඒ වගේම රස්තියාදුකාරයා ලියන රස්තිවත් මතක් කරන්න ඕනේ. ගීතය පිට උන දවසෙම මටවත් හිතන්න ඉඩක් නොතියම එයා ගීතය ගැන අපූරු විචාරයක් ලියලා තිබුනා.මම හිතන්නේ බ්ලොග් වලට ගීතය අරන් ආවෙ එයා.ආ..න් ඒ හින්දම තමා මේ පෝස්ට් එක කියවන ඔයාලට හෙන  බෝරිං උනොත්  බෝරිං වෙන්නේ. ඒකට බනින්න ඕනේ රස්තිට තමා ඔන්න හොදේ.

ඉතින් ඊටත් පස්සෙ මගේ ජීවිත ගමනේ ආදරණීය ගමන් සඟයට... පංගුකාරයට... සත්තලන්ට.... එයා හොද සහකාරයෙක් නොවුනානම් මේ කිසිම දෙයක් නෑ.මගේ සීමාවක් නැති ලිවිල්ලට කවමදාවත් අකුල් නොහෙලන එකටම මම එයාට පුදුම තරම් ගෞරව කරනවා.මම මොන මඟුලට මල් වවන එකියෙකුට නැතුව කවි ලියන එකියෙකුට කර ගැහුවද දන්නෙ නෑ කියල කිව්වට.මාව අවුස්සන්න දාහක් දේවල් කිව්වත් ඒ හැමදේම විහිලුවට කියල මම දන්නව.( ඒ වෙලාවට බෙල්ල මිරිකන එක වෙනම දෙයක් ).ආදරෙයි ඔය ආදරේට ගොඩා.......ක් .

මේ පල්ලෙහා තියෙන්නේ ඔය හැමෝගෙම ආදරෙන් උදව්වෙන් ආශිර්වාදෙන් පාට කරපු මගේ හීනය. ඉතින් අහලා රසවිඳලා දැනුන දේ අවංකවම කියල යන්න කියල ආරාධනා කරනව. වැටවල්නම් ගහන්න එපා ඔන්න හොදේ.

ගායනය - පවරි අමරසා
පද රචනය - ශානිකා ශෂීප්‍රියා
තනුව හා සංගීතය - දර්ශන වික්‍රමතුංග


34 comments:

  1. චැක්....පළවෙනි කමෙන්ට් එක එපා කියපු එකක් දාන්න ආවා මදැයි. ආප්ටර් ඇපෲවල්ලුනේ....

    වැළලුණු අපේ අතීතයට ආයිත් පණ දෙන්නම්

    සංගීතය,ඒ කටහඬ වගේම පදවැලුත් ඇත්තටම ලස්සනයි. ඒ සංගීතයට ගැලපෙනම කටහඬ. මේක නියමයි බං . හිතේ කොනක තිබ්බ ඒ මූසල ආදරකතාව ආපහු මතක්කලා. මුරුංගා ගහේ තියන්නෙම නෑ . ඒත් නියම වැඩක්.ජයවේවා තුන්දෙනාටම.

    (කොහොමද මගේ පොරොන්දු ඉටුකිරීමේ වේගය)

    ReplyDelete
    Replies
    1. හප්පා... එෆ්බී එකේ ඇවිත් මේ දැන් බලලා ගුණ දොස් කියන්නම් කියලා ගිය කෙනානේ මේ.... ඇති යාන්තන් මේක දැකලවත් මතක් උනා....ඔව් ඔව් මෙදා පාර වැටවල්නම් ඇපෲ කරන්නෙම නෑ... හි හී

      Delete
  2. දෙවෙන්දොරා සන්.......මම කැමති ඉතින් අර සකේ බීපු සීන් එකට තමා.....
    එතකොට මේ සින්දුව කියන්නෙ බොලාද?? නෑ නේ.. ලිව්වෙ බොලා නේ...
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දැනුත් බීලද ඉන්නේ...?

      Delete
    2. වචන ටිකට බොහොමත්ම ආදරෙයි.............(පොකුරු වැහි වලින් කොපි කර ගත්තා)

      Delete
  3. රෝමා ලියලා තිබ්බ සටහනෙන් තමයි දැනගත්තෙ. හීන එකක් හෝ හැබෑවීම කියාගන්න බැරි තරම් සතුටක්. හදවතින්ම සුභ පතනවා සඳූ. නිහතමානී ඔබ වැන්නියක් බ්ලොග් ලෝකෙන් හඳුනාගන්න ලැබීමත් සතුටක්. හැමදාමත් රහට පද ගළපන සඳුගේ මේ නිර්මාණය ඉස්තරම්. සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී මේ ඇගයීමට...

      Delete
  4. ගීත කීපයකට විෂයවුණ පුරැදු අනුභූතියක් වුණත් සදිවතී මෙය නැවුම්ව වගේම අතිශය අපූර්ව ආකාරයට ගෙත්තම්කරල තියෙනව...ඔබට සුබපැකුම්..

    අදමයි මේ පැත්තෙ ආවෙ..ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම සුලබ අනුභූතියක්නම් තමා... ඒත් මමත් හරිම ආදරේ කරන පොතක් නිසා මේ ගැන බොහෝ වෙලාවට ලියවෙනවා. ස්තූතියි මේ ඇගයීමට වගේම මෙහෙ පැමිණීමටත්

      Delete
  5. සුබ පැතුම් නගෝ, කලින් ඇහුවා වුනාට සුබ පතන්න බැරි වුනා...වචන ටිකට බොහොමත්ම ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා.... මේ වචන වලට ඔයා ආදරේ කියන එකනම් මට හරිම වටිනවා

      Delete
    2. හදවතින්ම සුභ පතනවා සඳූ

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තූතියි පොලියානා

      Delete
  7. ගීතය ගැන කථාකරන්න හිතෙන්නේ නෑ ඔය සල්ලි දීලා තමන් ලියන සිංදු කියවන දේ අනුමත නොකරන නිසා..අම්මගේ උනත් අමාරුවෙන් හොයාගත්ත සල්ලිනේ අප්පා...හරි අසාධාරනයි මේ ලෝකේ...!
    හදවතින්ම සුභ පතනවා සඳූ +2

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත තමා ඉස්සර විදිය නෙවෙයි දැන් දැන් පදරචකයෙක් රචිකාවියක් වෙන්න ඕනෙනම් තනු රචකයට ගායකයට තමන් සල්ලි දීල ඒක කරගන්න ඕනේ ගායකයෙක් වෙන්න තනු රචකයෙක් වෙන්න ඕන උනත් ඒ ටිකම තමා.මේකනම් මගේ හීනයක් ආසාවක් සැබෑ කර ගැනීමක් ඒ නිසා දුකක් නෑ.මට තව සින්දු කරන්න හිතුනත් ඉතින් මගේ වියදමින් තමා කරගන්න ඕන.මොකද ඉතින් කවුරුත් එන්නෙ නෑනේ අපි වගේ අයගෙන් සින්දු ලියලා ඉල්ලගෙන.
      ස්තූතී ආකී ඔයාට.. සුබ පැතුමටත් හැමදාම මාව නිවැරදි කරනවටත්

      Delete
  8. අක්කේ සුභ පැතුම්... ලස්සනයි ඇත්තටම ඒ සිංදුව.. තව තවත් ලස්සන ගීත කරන්න ඕනා ඔන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ.... තව තව ගීත කරන්නනම් ඉතින් මට අධාර පත්තරයක් ගහල එකතු කරන්න වෙනෝ ඉතින් හි හී

      Delete
  9. මම මේ පද රචනාවට ආදරෙයි .
    කියන්න බැරි ගොඩක් දේවල් වචන ඇතුලේ හිරකරලා අර්ථවත් ව පබදින්නට කොච්චරනම් හැකියාවක් තියෙන්න ඕනේ ද ..... ඔයා මේ ගීතයේ හැම වචනයකටම වගේ සමානව ම සලකළා තියෙනවා . එකයි මම එහෙම කිව්වේ .
    වචන ගලපන රසායනය තුල පරතෙර වැඩි ගමනක් මේ ගීතය කීවොත් එක සාධාරණයි කියල මට හිතෙනවා .

    මේ අපුර්වතම නිමැවුමට මගේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේ ම තව තවත් විශිෂ්ට නිර්මාණ කරන්නට හැකියාව ඔයාට ලැබේවා .

    සකුරා මල් පෙති ඉහිරුණු
    මල් පාරේ...... අපි ඇවිදපු
    නුඹේ සෙනෙහෙන් මා සැනසුණු,
    ඊටත් වැඩියෙන් හඬවපු,
    ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන ... මෙහෙම ඇගයීම් මට හරිම වටිනවා.බලමු ඉතින් ඉදිරියේදීත් මගේ හීන සැබෑ කරගන්න පුලුවන් වේවිද කියලා.

      Delete
  10. hoda susanyogayak akke... gayanaya, pada rachanaya wagema sangeethaya harima apooruyi....
    subapathum oyata

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී ගොඩාක් කාලෙකෙන් මේ පැත්තේ...

      Delete
  11. නියමයි...කාලෙකින් ආවෙ බ්ලොග් පැත්තෙ

    ReplyDelete
    Replies
    1. හප්පා.... කොහෙද ගිහින් හිටියේ

      Delete
  12. හා.. හා.. උයා පලක්කුයි මෙයා.. රස්තිගේ පෝස්ට් එකට අපේ කොමෙන්ට් රිසර්ව් කරා..

    අර කෙල්ලගේ හඬ ට නම් ෆුල් ලව්.. දීපිකා තරුණ කාලේ හඬමයි.. :D

    ඒ උනත් වැටකුත් ගැහුවේ නැත්නම් නිකන් මොකක්ද මොකක්ද වගේ.. පුලුවන්නම් මේක ඇප්රු නොකර ඉඳහන් බලන්න.. හෙහ්..

    ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැක්කා... ඒ උනාට ඉතින් මෙහෙටත් ඇවිත් කියල යන එකනේ වටින්නේ...හා මම පවරිටත් කියන්නම්කෝ කටහඬට ලව් කිව්වා කියලා... ඔව් එයාගේ හඬනම් දීපිකාගේ වගේමයි.බය වෙන්න එපා බය වෙන්න එපා මොඩරේශන් අයින් කරලා තීන්නේ.ඔය වැටිලා තියෙන්නෙ වැට

      Delete
  13. සුභ පැතුම් සඳවතී..... කවියක වුණත් කතාවක වුණත් මිනිස්සුන්ගෙ හදවත් වලට කතා කරන විදිහ ඔබ හොඳින්ම දැනන් හිටියා. මේ ගීතයත් මගේ ප්‍රියතම ගීත ගොන්නට එකතු කර ගන්නවා. ස්තුතියි ඔබට....

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ ඇගයීම මගේ හිතට පුදුම සතුටක් ගෙනාවා සඳවතී... ඔයාට ගොඩාක් ස්තූතියි

      Delete
  14. වෙලාවකට හිතෙනවා සදවතීට අපි කරන ගෞරව සත්කාර මදිද කියලා....කොහොම උනත් මේ පද වැලේ අපූරු ගලා යාමක් තියෙන්නෙ. ගායනයත් එහෙම්මයි...ඒත් සංගීතය ගැනනම් මගෙ ලොකු සන්තෝසයක් නෑ (සමහරවිට හොද ඇති මට දැනෙන සංගීත කුලකයෙ නෙවේ වෙන්න ඇති) කොහොමත් ටිකෙන් ටිකෙන් ඔබ යන ගමන බොහොම පැහැදිලියි. ජයවේවා.........

    ReplyDelete
    Replies
    1. හෑ... ගෞරව ... අම්මෝ එපා... මම ඒ වචනෙටත් බයයි අප්පා ඔව් රස්ති සමහරුන්ට සංගීතය හරි අනෙ සමහරුන්ට පද රචනය සමහරුන්ට ගායනය... හැබැයි ඒවා මෙහෙම කෙලින් කියන එක තමා මට වටින්නේ

      Delete
  15. "නුබේ සෙනෙහෙන් මා සැනසුණු,
    ඊටත් වැඩියෙන් අඩවපු, "
    හරිම ලස්සනයි සදු වචන ටික.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉරෝමි ...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...