සමනළයෙකුට
බමරෙකුට
කැකුළු පෙත්තක්
ඉඹින්නවත් බැරි
කුඩ මසෙකුට
ඉස්ගෙඩියෙකුට
හෙවනැල්ලෙවත්
සිහිලක් නැති
*
*
*
නෙළුමක් උනත් මොන එහෙකටද
මේ හැටිම උඩ ගිය ...
( photo credit - Achala herath )
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් ! ශානිකා ශෂිප්රියා ද සිල්වා කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති දිවයින ඉරිදා සංග්රහය 03 සැප්තැම්බර් 2023 තාමත් ඉඳහි...
පස්සෙයි පින්තුරේ බැලුවේ . ඇත්තටම ඔයාට හිතෙන දේවල්
ReplyDeleteඔහොම තමා ඉතින් පාරේ තොටේ යනකොට දකින එක එක එව්වා ගැන එක එක එව්වා හිතෙනවා... ස්තූතියි ආවට කියෙව්වට කමෙන්ට් කලාට
Deleteමඩ තැවරෙන නිසා වෙන්න ඇති නෙලුම් මේ තරම් උඩ යන්නේ.
ReplyDeleteඔව් ඒකත් හරි බලන් යනකොට
Deleteවල් විදියටත් පේනවා ඒකම !
ReplyDeleteඑහෙනම් ඉතින් සෑමාට පුලුවන් අර ඉස්සර වගේ කැත හිත් වලට ලස්සන කවියක් ලියන්න
Deleteඑක
ReplyDeleteඑක
නෙළුම
එක
එක
උස
හ්ම්ම්ම් ඔව් නේ
Deleteමේක නෙළුමක් වගේ හදපු ගොඩනැගිල්ලක් මිස බඹරුන්ට සමනලුන්ට පෙති ඉඹින්න හදපු දෙයක් නෙවෙයිනේ..හෙවනැල්ල නං වැටෙනව සෑහෙන ඈතට...උස නිසා..ඒ උස පාවිච්චි කරන්නේ කුඩමස්සන්ට ඉස්ගෙඩින්ට හෙවන දෙන්න නෙවෙයිනේ, ඕක බේසිකලි ටෙලිකොමුයුනිකේශන් ටවර් එකක්නේ.. නෙලුම්පොහිට්ටුවේ හැඩේ විතරයි, වැඩ වෙන විදියක්....😂
ReplyDelete😂😂😂😂😂
ඔව් ඔව් ඉතින් ඔබ වගේ මහාදැනමුතු ආකියෙකුට මේක කොන්ක්‍රීට් බිල්ඩිමක් විතරක් වගේ පෙනුනට කවිකාරියක් කියල හිතන් ඉන්න මම වගේ බාලයෙකුට මේක නෙළුමක් වගේ හිතන්න අකැප නෑ නොවැ.
Deleteහා...!
Delete+++++++++
ReplyDeleteවැටවල්නම් ගහන්න එපා නෙළුම් පිපෙන තැන් වල හොදේ
Deleteඒක නොතේරුන එකනෙ වැඩේ.
ReplyDeleteජයවේවා!!!
නෙලුමක් නොවන
ReplyDeleteදිය සිප නොගත්
නෙලුම ඇය
ස්තූතියි පැමිණීමට ඔබේ... ඔව් දිය සිප නොගත් නෙලුමක්
Deleteඒකත් එකට ඔයාට ඉරිසියාවක් ඇති වෙලා වෙන්න ඇති නෙලුම ගැන.සඳ ඉන්න අහසට නෙලුමක් ආවම අලුතින්,හැමෝම බලන්නේ නෙලුම දිහා මිසක් සඳ දිහා නෙවෙයි නේ දැන්.
ReplyDeleteහී හී හී ඔව්නෙ ඔව්නෙ... මට දැන්නෙ ඒක කල්පනා උනේ
Deleteසමහර නෙළුම් එහෙමයි...මේ නිකන් අපි වගේ අය.. :-)
ReplyDelete