සඳට බැළුම් හෙලූ අය

Jun 27, 2018

ඒ ඇස් !


මට උගන්නන්න
ඔය ඇස් දිහා
හරි කෙලින් බලන හැටි
මට කියාදෙන්න
මත් නොවී ඉන්න හැටි
ඔය ඇස් ළඟ....

ඔය ඇස් ගැනම
කවි ලියන්න හිතෙන එක
ඔය ඇස් ම
හැම තිස්සෙම මට
මතක් වෙන එක ගැන
මට කියා දෙන්න
නතර කරගන්න...

අනේ අහන්න..

ඔයාට පුලුවන්ද
ඔය ඇස් වලින්
මට බලහත්කාර කම්
කරන එක නවත්තන්න....



අරූගේ බ්ලොග් එකට ලියපු කමෙන්ට් එකකි .

24 comments:

  1. දුටුවම නුඹව මගෙ හිතනම් ගැස්සෙනවා
    එහෙමම බලා ඉද්දී ඇස් මත්වෙනවා
    කවියම නොලිව්වත් සෙනෙහස උතුරනවා
    නිතරම ලඟින් ඉනු ඔය ලෙඩ නැතිවෙනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මතකෙට ඇවිත් නිතරම හිත වද දෙනවා
      ඈතින් ඉන්න තරමට හිත දුක් වෙනවා
      ඒ ඇස් දිස්නයට මගෙ හිත පිච් චෙනවා
      කවියක පද අතර මේ හිත මුද වනවා

      ස්තූතියි දුමී

      Delete
    2. තිස් සෙම මතකයට ඇවිදින් වද දෙන්නේ
      දිස් නය තවම හද පතුලට රිද්දන්නේ
      ඇස් අග බැල්ම හින්දම නුඹ ළතැවෙන්නේ
      ඉස් සර වගෙම ලග ඉන්නද ඉඩ දෙන්නේ....

      ජයවේවා!!!

      Delete
    3. උත්තර දෙන්න මේ වෙලාවේ මූඩ් නෑ දුමී

      Delete
  2. ප්‍රශ්ණ තුනටම උත්තරේ බෑ කියල ලැබුනොත් මොකෝ කරන්නේ ඉතින්....!

    ReplyDelete
    Replies
    1. හි හී එහෙම කියන්න ඉතින් ඒ ඇස් අයිතිකාරයා දන්නෙ නෑනේ මම මැරීගෙන ඒ ඇස් වලට ලව් කියලා

      Delete
  3. මමත් ඔබේ ඇස් දෙක දෙස බලා ඉමී
    මත් වෙමි ඔකද වෙමි සිත් සේ සතුටු වෙමී
    අමතක නොකර ඔබ දෙසටම ඇස යවමී
    බලහත්කාරකම සිදුවෙන දින ගනිමී

    අනේ මමනං කවිකාරයෙක් නෙවෙයි.එච්චර පිනක් මට නෑ. හැබැයි ඔබේ කවිය දැක්කම මේක ලියන්ඩ හිතුනා

    ReplyDelete
    Replies
    1. අන්තිම පදේ වැරදිලා...
      බලහත්කාරකම සිදුවන තුරු දින ගනිමී

      Delete
    2. කවි කාරයෙක් නොවෙයි කියන්නේ කෝමද මේ ලියලා තියෙන්නෙ අපූරුවට.... ස්ත්තූති ඔයාට මෙහෙ එනවට ඉදලා හිටලවත්.

      Delete
  4. Replies
    1. ඕකනේ ඉතින් කරන්න බැරි... හී හී

      Delete
  5. ඔය තුනම විවිධාකරයෙන් කරනා හැටි කියා දෙන්නට කොච්චියා දන්නේය.. හැබැයි මූඩ් එක මේ දවස් වල ඒ තරම් හොඳ නැති නිසාම ලියන්නට කම්මැලිය.. එසේ නොවේ නම් බ්ලොග් පෝස්ටුවක් ලිවීමට තරම් මේ වටීය.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කොහෙද අනේ හිටියේ මෙච්චර කල්.... ඔයා වගේ හොද රසිකයෙකුගෙ ගුණ දොස් නැතුව ලියන එකත් හරි පාඩුයි...ඔය මූඩ් එක ෆික්ස් කරගෙන මොනා හරි ලියමුකෝ

      Delete
    2. මාස හතක් තිස්සේ කොච්චියාගේ මූඩ් එක අවුල් වී තිබීම ආටියාටද දරාගන්නට බැරිය . මූඩ් එක අවුල් වූ විට ලියන්නට තියා ලියපුවා කියවන්නට ද හිත නොදෙන බවනම් ඇත්ත ය .

      Delete
  6. ඇහැකට කරන්න පුලුවන් දෙයක්... බලහත්කාරකම් හිටං... 😮😮😮

    ReplyDelete
    Replies
    1. නැතුව හිටං .... ඒක හරි සුන්දර බලහත්කාර කමක් ....

      Delete
  7. බලාගෙන.. ඇස් වහ වෙයි.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඇස් වහ වෙන්න නොදී පරිස්සම් කරන්න ඕන

      Delete
  8. හා නවත්වන්නම්......

    ReplyDelete
  9. ඇස් වලින් ගොඩාක් දේවල් කියන්න පුළුවන් තමයි සදු.

    ReplyDelete
  10. හෑ... ඇස් වලිං නේන්නං අපි පුලාන් තරං බලාත්කාරකං කොරන්නෙ... ඒකත් නවත්තලා කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. හි හී එහෙමද හාකෝ හාකෝ එහෙනම්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...