සඳට බැළුම් හෙලූ අය
Jun 27, 2018
ඒ ඇස් !
මට උගන්නන්න
ඔය ඇස් දිහා
හරි කෙලින් බලන හැටි
මට කියාදෙන්න
මත් නොවී ඉන්න හැටි
ඔය ඇස් ළඟ....
ඔය ඇස් ගැනම
කවි ලියන්න හිතෙන එක
ඔය ඇස් ම
හැම තිස්සෙම මට
මතක් වෙන එක ගැන
මට කියා දෙන්න
නතර කරගන්න...
අනේ අහන්න..
ඔයාට පුලුවන්ද
ඔය ඇස් වලින්
මට බලහත්කාර කම්
කරන එක නවත්තන්න....
අරූගේ බ්ලොග් එකට ලියපු කමෙන්ට් එකකි .
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
දුටුවම නුඹව මගෙ හිතනම් ගැස්සෙනවා
ReplyDeleteඑහෙමම බලා ඉද්දී ඇස් මත්වෙනවා
කවියම නොලිව්වත් සෙනෙහස උතුරනවා
නිතරම ලඟින් ඉනු ඔය ලෙඩ නැතිවෙනවා.....
ජයවේවා!!!
මතකෙට ඇවිත් නිතරම හිත වද දෙනවා
Deleteඈතින් ඉන්න තරමට හිත දුක් වෙනවා
ඒ ඇස් දිස්නයට මගෙ හිත පිච් චෙනවා
කවියක පද අතර මේ හිත මුද වනවා
ස්තූතියි දුමී
තිස් සෙම මතකයට ඇවිදින් වද දෙන්නේ
Deleteදිස් නය තවම හද පතුලට රිද්දන්නේ
ඇස් අග බැල්ම හින්දම නුඹ ළතැවෙන්නේ
ඉස් සර වගෙම ලග ඉන්නද ඉඩ දෙන්නේ....
ජයවේවා!!!
උත්තර දෙන්න මේ වෙලාවේ මූඩ් නෑ දුමී
Deleteප්‍රශ්ණ තුනටම උත්තරේ බෑ කියල ලැබුනොත් මොකෝ කරන්නේ ඉතින්....!
ReplyDeleteහි හී එහෙම කියන්න ඉතින් ඒ ඇස් අයිතිකාරයා දන්නෙ නෑනේ මම මැරීගෙන ඒ ඇස් වලට ලව් කියලා
Deleteමමත් ඔබේ ඇස් දෙක දෙස බලා ඉමී
ReplyDeleteමත් වෙමි ඔකද වෙමි සිත් සේ සතුටු වෙමී
අමතක නොකර ඔබ දෙසටම ඇස යවමී
බලහත්කාරකම සිදුවෙන දින ගනිමී
අනේ මමනං කවිකාරයෙක් නෙවෙයි.එච්චර පිනක් මට නෑ. හැබැයි ඔබේ කවිය දැක්කම මේක ලියන්ඩ හිතුනා
අන්තිම පදේ වැරදිලා...
Deleteබලහත්කාරකම සිදුවන තුරු දින ගනිමී
කවි කාරයෙක් නොවෙයි කියන්නේ කෝමද මේ ලියලා තියෙන්නෙ අපූරුවට.... ස්ත්තූති ඔයාට මෙහෙ එනවට ඉදලා හිටලවත්.
Deleteබෑ ,... නේ ........
ReplyDeleteඕකනේ ඉතින් කරන්න බැරි... හී හී
Deleteඔය තුනම විවිධාකරයෙන් කරනා හැටි කියා දෙන්නට කොච්චියා දන්නේය.. හැබැයි මූඩ් එක මේ දවස් වල ඒ තරම් හොඳ නැති නිසාම ලියන්නට කම්මැලිය.. එසේ නොවේ නම් බ්ලොග් පෝස්ටුවක් ලිවීමට තරම් මේ වටීය.
ReplyDeleteඅම්මෝ කොහෙද අනේ හිටියේ මෙච්චර කල්.... ඔයා වගේ හොද රසිකයෙකුගෙ ගුණ දොස් නැතුව ලියන එකත් හරි පාඩුයි...ඔය මූඩ් එක ෆික්ස් කරගෙන මොනා හරි ලියමුකෝ
Deleteමාස හතක් තිස්සේ කොච්චියාගේ මූඩ් එක අවුල් වී තිබීම ආටියාටද දරාගන්නට බැරිය . මූඩ් එක අවුල් වූ විට ලියන්නට තියා ලියපුවා කියවන්නට ද හිත නොදෙන බවනම් ඇත්ත ය .
Deleteඇහැකට කරන්න පුලුවන් දෙයක්... බලහත්කාරකම් හිටං... 😮😮😮
ReplyDeleteනැතුව හිටං .... ඒක හරි සුන්දර බලහත්කාර කමක් ....
Deleteබලාගෙන.. ඇස් වහ වෙයි.. :)
ReplyDeleteඔව් ඇස් වහ වෙන්න නොදී පරිස්සම් කරන්න ඕන
Deleteහා නවත්වන්නම්......
ReplyDeleteහා ... හොදයි
Deleteඇස් වලින් ගොඩාක් දේවල් කියන්න පුළුවන් තමයි සදු.
ReplyDeleteහ්ම්ම්ම් නැතුව
Deleteහෑ... ඇස් වලිං නේන්නං අපි පුලාන් තරං බලාත්කාරකං කොරන්නෙ... ඒකත් නවත්තලා කොහොමෙයි?
ReplyDeleteහි හී එහෙමද හාකෝ හාකෝ එහෙනම්
Delete