සඳට බැළුම් හෙලූ අය

Sep 9, 2018

සඳ එළිය වගේ ඇවිදින් !



ඇස් අස්සෙ හංඟාපු හීන දෝතට අරන්

මේ තරම් පෙම් පාට තැවරුවේ ඇයි කියන්
ආදරේ ගුලි වෙද්දි පපු කුහර තද කරන්
අදත් ලියවෙන කවියෙ නුඹ හිදී රත්තරන්

කිවිදියට පෙම් බැන්ද කිවිදාණ කෝ අහන්
හිතත් නිදි වරනවා කලුවරට වී වහන්
තව එකම වරක්වත් දැක ගන්න ඔය නුවන්
පිං මදිව මේ සසර නිමවේද මට කියන්

ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
සංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද
ඇට මිඳුළු හාරගෙන ආදරේ දැනෙන කොට
දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ ඉන්නට හැකිද

මහ හුඟක් දුර උනත් මේ ළඟම වගෙ දැනෙන
නොදැක්කට නොදෙඩුවට හිත අද්දරම වෙසෙන
ගඟක් සේ නොනැවතිම සයුර වෙත ගළන
නුඹ මගේ හදවතේ උල්පතකි කවි උනන

14 comments:

  1. ලස්සනට ලියලා තියෙන්නෙ .. ප්ට්ට

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් ඔන්න ඔහෙ ලිව්වා... කියෙව්වට ස්තූතියි ඔයාට

      Delete
    2. මෙපමන කලකට සඳවතී ගේ "ඔහේ ලියු කවි" ආටියාට හමුවී නැත .

      Delete
    3. මටනම් හමුවී ඇත.... හි හී

      Delete
  2. ම්ම්ම් හොඳයිනෙ !!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඔබතුමාගෙන් කමෙන්ට් එකක් ...බොහොම ස්තූතියි...

      Delete
  3. ආදරේ වෑහෙන කවියක් කියවන්න ඉඩ වෙන් කලාට තුති..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තුති කියෙව්වට ඉතින්

      Delete
  4. මද අඳුර කඩාපැන අඳුර පතුරන විටක
    විඳ ගන්න හිතෙන්නෙම ඔය පපුවෙ උණුහුමක
    නද එපා රැහැයියනි දෙසිත් පෙම තරඟයක
    සඳ එලිය සේ ඇවිත් හිඳිනු නුඹ හැම දිනක....

    ලස්සනයි සඳූ..
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් දවසකට පස්සේ ඔයාගෙන් කවි කමෙන්ට් එකක් දැක්කේ ස්තූතියි දුමී

      Delete
  5. //ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
    සංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද// අම්මප.. මේ ඊයේ පෙරේදත් ඒ වගේ විදුලියක් කෙටුවා.. අනිත් පැත්තෙන් වයිෆ් ගොරවන කොටම වහින්න කලින් අහක බලා ගත්ත.. සංසාරේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. හි හී ඕක තමා කියන්නේ ඉතින් විදුලි කොටන කොටන පාරට හිතට හිතුවකාර වෙන්න දුන්නොත් සොරිම තමා ඉතින්.කවුරු හරි එහෙම කන්ට්‍රෝල් කරන්න ඉන්න එකත් වටිනවා ... එහෙම වෙලාවට සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් කියලා යන්න තමා තියෙන්නෙ....

      Delete
  6. ලංවෙන්න, දැකගන්න, කතාකරන්න, එක සැරයක්වත් බැරි අය හිතින් කොයි තරම් නම් දුක් විදිනවද සදු..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...